නාච්චාදුව - ප්රභාත් වනසිංහ
පවතින අධික වර්ෂාවත් සමග රජරට මහා වාරි ජලාශ ඇතුළු වැව් රැුසක් මේ වනවිට වාන් දමමින් පවතී. මෙහිදී අක්කර අඩි අසු පන්දහසකින් යුත් පදවිය වැව මෙවර වසර හයකින් පමණ වාන් දැමීමද විශේෂත්වයකි. තවද නාච්චාදුව ජලාශයේ වාන්දොරටු දෙකක් අඩි දෙක බැගින් පෙරේදා (12 දා) විවෘත කර තිබූ අතර ඉන් තත්පරයට ඝණ අඩි හාරසිය අසූවක් පමණ මල්වතු ඔයට මුදා හැරේ.
මේ හේතුවෙන් නාච්චාදුව සිට නුවර ඒ 9 ප්රධාන මාර්ගයට ගමන් ගන්නා මාර්ගයේ සපත්තු පාළමද ජලයෙන් යටවී තිබේ.
- Hits: 176