Divaina - බරපතල වැඩ ඇතිව රන්ජන් වසර 4 ක් හිරේ.. ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලෙන් ඒකමතික තීරණයක්‌

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ඒ. ජේ. ඒ. අබේනායක සහ කශුනි රෙබෙකා, ඡායාරූපය - සමන් රණවීර

ranja500

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය සමගි ජනබලවේගය පක්‍ෂයේ ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (12 දා* බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම් නියම කළේය.

විත්තිකරුට එරෙහිව ගොනුකර ඇති අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බවට නිගමනය කළ සිසිර ද ආබෲ, විජිත් කේ. මලල්ගොඩ හා පී‍්‍රති පද්මන් සූරසේන යන ති‍්‍රපුද්ගල විනිසුරු මඬුල්ල ඒකමතිකව එම දඬුවම නියම කළහ.

විත්තිකරු 2017 අගෝස්තු 21 වැනිදා අරලියගහ මන්දිරය අසල මාධ්‍ය හමුවේදී අධිකරණ විනිසුරුවරුන් හා නීතිඥවරුන් සම්බන්ධයෙන් කර තිබූ එම ප‍්‍රකාශය චේතනාන්විතවම අධිකරණයට කළ අපහාසයක් බව ඔහු ඉන් පසුවත් නඩු විභාගයට මුහුණදී අධිකරණයෙන් පිටවන අවස්ථා කිහිපයකදීම ඒ සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශ මගින් තහවුරු වන්නේ යැයි විවෘත අධිකරණය හමුවේ තීන්දුව ප‍්‍රකාශයට පත්කරමින් විනිසුරු මඬුල්ලේ සභාපති සිසිර ද ආබෲ මහතා පෙන්වා දුන්නේය.

එමගින් විත්තිකරු ප‍්‍රකාශ කර ඇත්තේ වර්තමාන විනිසුරුවරුන් සම්බන්ධයෙන් නොවන බව ඔහුගේ නීතිඥවරයා අධිකරණය හමුවේ ප‍්‍රකාශ කර ඇතත් ඔහු කළ එම අපහාසාත්මක ප‍්‍රකාශය කිසිම ආකාරයෙන් ඉල්ලා අස්කර ගැනීමක් සිදු නොකරන බවත් එම මතයේම තවදුරටත් සිටිනා බවත් විත්තිකරු අවස්ථා කිහිපයකදීම මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කර ඇති බවත් විනාඩි 35 කට ආසන්න කාලයක් අධිකරණය හමුවේ තීන්දුව ප‍්‍රකාශ කරමින් සභාපති විනිසුරුවරයා කියා සිටියේය. විත්තිකරුගේ එම ප‍්‍රකාශය පටිගත කළ රූපවාහිනි ඡුායාරූප මාධ්‍යවේදීන්, ප‍්‍රවෘත්ති සංස්කාරකවරුන් ඇතුළු පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් අධිකරණය හමුවේ ලබාදුන් සාක්‍ෂි මෙන්ම අධිකරණය හමුවේ අවස්ථා ගණනාවකදීම ප‍්‍රදර්ශනය කළ වීඩියෝ දර්ශන අනුව එකී ප‍්‍රකාශ මගින් විත්තිකරු අධිකරණයට අපහාස කර ඇති බවට තම අධිකරණයට තහවුරු වන බව විනිසුරු මඬුල්ල සිය තීන්දුව මගින් පවසා තිබිණි.

2006 වසරේ සිට සකී‍්‍රය දේශපාලනයේ යෙදෙමින් කැබිනට් නොවන අමාත්‍ය ධුර දරා ඇති විත්තිකරු ඔහු නියැළී සිටින දේශපාලන ක්‍ෂේත‍්‍රයේ පිරිසට අදාළ වූ ¥ෂිත බවේ සංකල්පය අධිකරණ විනිසුරුවරුන් සම්බන්ධකොට ප‍්‍රකාශ කිරීම මගින් අධිකරණයට බලවත් අපහාසයක් සිදුවී ඇත්තා සේම එමගින් අධිකරණ විනිසුරුවරුන්ගේ ගෞරවයට ද බලවත් හානියක් සිදුවී ඇතැයි ති‍්‍රපුද්ගල විනිසුරු මඬුල්ල තීන්දුව මගින් පෙන්වා දුන්හ. විශ‍්‍රාමික යුද හමුදා නිලධාරි රණවක සුනිල් පෙරේරා මහතා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය පරිදි නීතිපතිවරයා විසින් විත්තිකාර රන්ජන් රාමනායක මහතාට එරෙහිව එම චෝදනා පත‍්‍රය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබිණි.

එවකට සිටි අගමැතිවරයා සමඟ පැවැති සාකච්ඡුාවකින් අනතුරුව අග‍්‍රාමාත්‍ය නිල නිවස වූ අරලියගහ මන්දිරයෙන් පිටතට පැමිණෙමින් සිටියදී 2017 අගෝස්තු 21 වැනිදා විත්තිකාර රන්ජන් රාමනායක අධිකරණ විනිසුරුවරුන් හා නීතිඥවරුන් සම්බන්ධයෙන් කර තිබූ එම ප‍්‍රකාශය මගින් මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාවගේ පවතින විශ්වාසය බිඳවැටෙන බවත් ඒ හරහා රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවත් පෙත්සමේ දැක්වේ.

එම පැමිණිල්ල අනුව 2017 නෙවැම්බර් 21 සහ දෙසැම්බර් 14 යන දිනවල විත්තිකාර රන්ජන් රාමනායක මහතා අධිකරණයට කැඳවා එම ප‍්‍රකාශයට අදාළ එම්.ටී.වී. චැනල් පුද්ගලික සමාගම විකාශනය කළ වීඩියෝ පටය විත්තිකරු හමුවේ ප‍්‍රදර්ශනය කිරීමට අධිකරණය පියවර ගෙන තිබිණි. එකී වීඩියෝ පටයේ විත්තිකරු කළ අපහාසාත්මක ප‍්‍රකාශය අඩංගු බවට නිගමනය කළ අගවිනිසුරුවරයා ප‍්‍රමුඛ විනිසුරු මඬුල්ල ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 105 -3 වගන්තිය යටතේ විත්තිකරු අධිකරණයට අපහාසයක් කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ල විභාගයට ගැනීමට තීරණය කර තිබිණි.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්නැයි දන්වා රන්ජන් රාමනායක මහතා වෙත චෝදනා පත‍්‍රය අඩංගු ආඥා කෙටුම්පත නීතිපතිවරයා විසින් 2018 වසරේ ජුනි 18 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට භාරදී තිබූ අතර එදිනම ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරිවරයා විසින් විවෘත අධිකරණය හමුවේදී රන්ජන් රාමනායක මහතාට චෝදනා පත‍්‍රය කියවා භාරදී තිබිණි.

තමන් එම චෝදනාවට නිවැරදිකරු බව රන්ජන් රාමනායක මහතා ප‍්‍රකාශ කිරීම නිසා ඒ සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබිණි.

පැමිණිල්ලේ හා විත්තියේ සාක්‍ෂි විභාගය පසුගිය වසරේ අවසන් කළ විනිසුරු මඬුල්ල නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමට පෙර සාක්‍ෂි විභාගයට අදාළව ඉදිරිපත් වූ කරුණු සම්බන්ධයෙන් නිවැරදි කිරීම් සඳහා එම නඩුව ඊයේ (12 දා* කැඳවීමට නියම කර තිබිණි.

එම නඩුව ඊයේ උදෑසන 9.45 ට පමණ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර රන්ජන් රාමනායක මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු අධිකරණයේ පහළ මාලයේ රැුඳී සිටින බවත් ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා නිරෝධායනයට ලක්කර සිටින බැවින් අධිකරණයට නොපැමිණෙන බවත් නීතිඥ විරාන් කොරයා මහතා විනිසුරු මඬුල්ලට දැනුම් දුන්නේය. ඒ අනුව රන්ජන් රාමනායක මහතා විවෘත අධිකරණය හමුවට කැඳවීමට අධිකරණය පියවර ගත්තේය. පෙරවරු 10.20 ට පමණ යළි විවෘත අධිකරණයට පැමිණි විනිසුරු මඬුල්ල එම නියෝගය නිකුත් කිරීමෙන් අනතුරුව පෙරවරු 10.50 ට පමණ නඩු කටයුතු අවසන් කෙරිණි.

පස්වරු 1.25 ට පමණ උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණි බන්ධනාගාර නිලධාරීහු දැඩි ආරක්‍ෂාවක් යටතේ විත්තිකාර මන්තී‍්‍රවරයා අධිකරණ සංකීර්ණයෙන් පිටතට රැුගෙන ගියහ. සමහර දේශපාලනඥයන් මෙන් තමන් හෙරොයින් ජාවාරම් කිරීම හෝ එතනෝල් ජාවාරම් නොකළ බවත්, රටේ දේපළ හෝ මුදල් සොරකම් නොකළ බවත් බන්ධනාගාර භාරයේ සිටියදී ප‍්‍රකාශ කළ රන්ජන් රාමනායක මහතා තමා කළ එකම වරද රටේ ජනතාව වෙනුවෙන් ඇත්ත ප‍්‍රකාශ කිරීම පමණක් බව කීය. තමන් ජනතාව වෙනුවෙන් ආරම්භ කළ සටන අතරමග නතර නොකර ඉදිරියටම රැුගෙන යන ලෙස අධිකරණයට පැමිණ සිටි සමගි ජනබලවේගය පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාර, එරාන් වික‍්‍රමරත්න හා නලින් බණ්ඩාර යන මහත්වරුන්ගෙන් මන්තී‍්‍රවරයා ඉල්ලා සිටියේය.

නෑ... නෑ... අපි ඒ සටන කවදාවත් නවත්වන්නේ නෑ යැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේය.

මිනී මරපු පිල්ලෙයාන් නිදහස් කරන විට තමන් වැනි සත්‍ය ප‍්‍රකාශ කරන පිරිස සිර කිරීම රටේ අභාග්‍යයක් බව ප‍්‍රකාශ කළ රන්ජන් රාමනායක මහතා, දුමින්ද සිල්වා වැනි ඔවුනට අවශ්‍ය අයව ද ඉදිරියේදී නිදහස් කරනු ඇතැයි ද ප‍්‍රකාශ කළේය. නඩු තීන්දුවෙන් පසු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා නිරෝධානය සඳහා මීගමුව පල්ලන්සේන තරුණ සිරකරුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත රැගෙන යන ලදි.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

chat250

නවලිය

kuslani250

දියග

oththu250

මීවිත

shelton250

More Articles