බළන්ගොඩ එන්.එච්. පියසේන
බළන්ගොඩ නගර සභාවේ 2021 ජනවාරි මාසයට නියමිත මාසික රැස්වීම ඊයේ (12 දා* පෙ.ව. 10.15ට පමණ ආරම්භ විය. සභාපතිවරයා පිළිගැනීමේ කතාව ඉදිරිපත් කර පසුගිය සභාවේ වාර්තාව සභා සම්මත කර ගැනීමට කාලය ලබා දුන්නේය. එහිදී ශී‍්‍ර.ලං.පො.පෙ. මන්තී‍්‍රවරු අසුන්වලින් නැගිට සභාවේ දෙවරක්ම අයවැය පරාජය වී ඇති නිසාත් බහුතර බලය සභාපතිවරයා නියෝජනය කරන එ.ජා.ප.යට නොමැති නිසාත් වහාම ඉවත්ව යන ලෙස බල කර සිටියහ.
එහිදී සභාපති චමික ජයමිණි විමලසේන මහතා සභාව පැයකට කල් තබන බව පවසා සභාවෙන් පිටව ගොස් යළිත් පෙ.ව. 11.40ට මුලසුනේ අසුන් ගත් සභාපතිවරයා න්‍යාය පත්‍රය අනුව සභාවේ කටයුතු කරගෙන යෑමට මන්තී‍්‍රවරුන්ගේ සහය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.
යළිත් විරෝධය දැක්වූ මන්තී‍්‍රවරු පිරිස මෙය නීත්‍යානුකූල සභාවක් නොවන අයවැය 2 වරක් පරාද වූ බැවින් සභාපතිවරයාට ඉවත්ව යන්නැයි බලකර සිටියහ. සභාපතිවරයා සභාව සන්සුන් කිරීමට උත්සාහ ගත් නමුත් ඊට ඉඩ නොලද බැවින් දින නියමයක් නැතුව සභාව කල් තබන බව පවසා සභාවෙන් පිටව ගියේය.