Divaina - උතුරුමැද අන්දරගොල්ලෑව ගම්මානයේ කුඹුරු අක්කර 100 කට හඳුනානොගත් කුරුලූ විශේෂයකින් දැඩි හානි...

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

මැදවච්චිය-ගයාන්

 

padd700

උතුරුමැද කහටගස්දිගිලිය, අන්දරගොල්ලෑව ගම්මානයේ කුඹුරු අක්කර 100 ක් පමණ හඳුනා නොගත් කුරුලූ විශේෂයක් පැමිණ විනාශ කර ඇති බවත් විටෙන් විට ගම්මානයේ වගාවන් රැසකට වන සතුන්ගෙන් ද දැඩි හානි සිදුවන බවත් අන්දරගොල්ලෑව ගම්වාසීහු පවසති.
 
 වල් අලි, කුරුල්ලන්, වල් ඌරන්, මොනරුන්, දළබුවන්, මුවන් සහ ඉත්තෑවන් වැනි සතුන් මේ දින වල වර්ෂාව ලැබීමත් සමග උතුරුමැද පළාතේ විවිධ ප‍්‍රදේශ වල පිහිටා ඇති රක්ෂිත වලින් එළියට පැමිණ ආහාර ලබාගැනීම සිදුකරයි. එසේ පැමිණෙන සතුන් වගාවන් ආශ‍්‍රිතව ගැවසෙමින් විවිධ භෝග ආහාරයට ගැනීමට හුරු වී ඇත. එම හේතුවෙන් කහටගස්දිගිලිය, හොරොව්පොතාන, මැදවච්චිය, තලාව, විලච්චිය, තන්තිරිමලේ ඇතුළු ගම්මාන රැුසක වගා බිම් වන සතුන්ගෙ රාජධානි වී ඇති බවට වාර්තා වේ.
 
 මෙම කුරුලූ උවදුර ඇතුළු වන සතුන්ගෙන් වන උවදුරු පිළිබඳ අන්දරගොල්ලෑව ගොවීහු මෙසේ කීය.
 
 ඒ . ධර්මාදාස ගොවි මහතා,
 
 අපි පරම්පරා ගණනාවක් ගොවිතැන් කරනවා. ඒත් මෙවන් විනාශයක් අපට සිදුවෙලා නෑ. මේ කන්නේ තමයි මේ අමුතු කුරුල්ලෝ වගයක් ඇවිත් අපේ කුඹුරු විනාශ කරන්නේ. දවල්ට ගිරව් , සේරු, මොණරු කනවා. රෑටත් දැන් කුරුල්ලෝ වගයක් ඇවිත් අක්කර ගණන් වී කනවා එක රැයට. වල් අලි, වල් ඌරන්, දළඹුවන්, මුවන් සහ ඉත්තෑවන් වගේ සත්තුත් රාත‍්‍රියේ දී වගාවන් විනාශ කරනවා. මේ කුරුල්ලන් නිසා මේ ගමේ ගොවීන්ට විතරක් රුපියල් 4,000,000.00 ක පාඩුවක් මේ වන විට සිදුවෙලා තිබෙනවා. අපිට මෙහෙම කුඹුරු විනාශ වන විට ආයෙත් කුඹුරු කරන්න හැකියාවක් නෑ. අපි බලධාරීන්ට කියන්නේ කඩිනමින් මේ ප‍්‍රදේශ වලට පැමිණිලා මේ ගැටලූවලට අපිට විසඳුම් ලබා දෙන්න කියලයි. නැත්තම් අපිට වස බොන්නයි සිදුවෙන්නේ.
 
 ජී. විමලදාස ගොවි මහතා,
 
 අපිට දැන් ගොවිතැන් කරන එක එපා වෙලා තියෙන්නේ. අන්දරගොල්ලෑව ගම්මානයේ කුඹුරු අක්කර 100 ක් පමණ හඳුනා නොගත් කුරුලූ විශේෂයක් ඇවිත් විනාශ කරලා තියෙනවා. විටෙන් විට ගම්මානයේ වගාවන් රැුසකට වන සතුන්ගෙන් ද දැඩි හානි සිදුවෙනවා. අපිට මේ පාඩු දැන් දරා ගන්න බෑ. අපි අතේ තවත් වගා කරන්න මුදල් නෑ. අලි කරදර මදිවට දැන් කුරුල්ලොත් අපේ වපුරපු කුඹුරු විනාශ කරනවා. අපි මේ කුඹුරු කරන්නේ ණය වෙලා. අපිට කාගෙන්වත් සරණක් නෑ දැන් අදාළ නිලධාරීන් නිකමට මේ පිළිබඳ සොයා බලන්නේ නෑ. අපි කිහිප වතාවක් මේ උවදුර පිළිබඳ කිව්වා. අපි ඉල්ලන්නේ අපට සාධාරණය සිදු කරන්න කියලයි.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

chat250

නවලිය

kuslani250

දියග

oththu250

මීවිත

shelton250

More Articles