නාච්චාදුව - ප්‍රභාත් වනසිංහ හා නොච්චියාගම - එම්. එම්. පි. ජි පෙරේරා
උතුරු මැද පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අවන්ති දේවි ළමා නිවාසයේ සිදුව ඇතැයි කියන අපචාර හා අක්‍රමිකතා සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් කිරීම සඳහා පරිවාස කොමසාරිස් උපාලි රාජපක්ෂ මහතා ඇතුළු එම කාර්යාලයේ පරිවාස නිලධාරින්, පරිපාලන නිලධාරින් වහාම ස්ථාන මාරුකර යවන ලෙසට උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා විසින් නියම කෙරිණි.
මේ අනුව මෙම අවන්ති දේවි ළමා නිවාසයේ සිදුව ඇතැයි කියන අපචාර හා අක්‍රමිකතා සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදුකිරීම සඳහා විශේෂ විමර්ශන කමිටු දෙකක්ද පත්කර තිබේ.
එසේම මෙම ළමා නිවාසයේ සිදුවී ඇතැයි කියන අපචාර හා අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එම ළමා නිවාසයට ගිය පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් සහ ළමා හා කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත යන මහත්වරු විසින් ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත පෙරේදා(09දා* සිදුකළ නීරික්ෂණයකින් පසුව පළාත් ආණ්ඩුකාරවරයා විසින් මෙම තීරණය ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා
පළාත් ආණ්ඩුකාරවරයා විසින් උතුරැු මැද පළාත් සභා ලේකම් පී .එස්. විමලවීර, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්(පුහුණු* පී. කේ. එස්. චන්ද්‍රලතා, ආණ්ඩුකාර සහකාර ලේකම් සාලිය ජයසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත කමිටුවක් මේ අනුව පත්කොට තිබේ.
එසේම ළමා හා කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා විසින් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකිරීම සඳහා තවත් විශේෂ කමිටුවක් පත්කර ඇත.
මෙහි දී අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා කියා සිටියේ දිවයිනේ සියලූම ළමා හා කාන්තා නිවාසවල පරිපාලනය සම්බන්ධයෙන් ඉදිරියේ දී රාජ්‍ය බුද්ධි අංශය යොදවා තොරතුරැු ලබා ගැනීමට පියවර
ගන්නා බවයි. තවද මේ සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදුකර ඒ සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බවද හෙතම පැවසීය.
මීට අමතරව මෙම සිද්ධින් සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය
මගින්ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.