Divaina - මොරගහවැව ජල ටැංකියට නැග්ග දරුවන්ට 4ජී පහසුකම්

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

අමරනන්ද විජේසේකර - මහවැව නවගත්තේගම, මොරගහවැව

 

tank1
 
 ගම්මානයේ දරුවන්ට ඔන් ලයින් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යෑමේදී පවතින දුෂ්කරතාවන් ‘දිවයින’ මගින් අනාවරණය කිරීමෙන් පසු සන්නිවේදන පහසුකම් ලබාදීමට විදුලි සංදේශ නියාමන කොමිසම කටයුතු කර තිබේ.
 
 පවතින තත්ත්වය පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතාගේ විශේෂ අවධානය යොමු වීමෙන් පසුව එම කොමිසමේ නිලධාරින් කණ්ඩායමක් සමග දුරකථන සමාගම් දෙකක් එම ගම්මානයට පැමිණ අදාළ සන්නිවේදන තාක්ෂණය ලබාදීමට කටයුතු කළේය.
 
 ඒ අනුව පළමු අදියරේ දී මොබිටෙල් දුරකථන ආයතනය මොරගහවැව,   දංගස්වැව විද්‍යාල පරිශ‍්‍රය හා අවට 4 ජී තාක්ෂණය ලබාදීමට කටයුතු කෙරුණි.
 
 එසේම දරුවන් ජීවිත අවදානම මැද තම ඔන් ලයින් අධ්‍යාපන කටයුතු සිදුකළ මොරගහවැව ජල ටැංකිය අවට මීටර් 900 ක වපසරියක කලාපයක් 4 ජී තාක්ෂණයෙන් ආවරණය කිරීමට ඩයලොග් සමාගම සතියක් තුළ කටයුතු කරන බවට දරුවන්ට පොරොන්දු ලබාදීම සිදුවිය.
 
 පවතින කොරෝනා වසංගතය හමුවේ පාසල් හා පුද්ගලික උපකාරක පංති ඔන් ලයින් තාක්ෂණයෙන් හැදෑරීමේදී මොරගහවැව දරුවන් මහත් පීඩාවන්ට පත්ව ඇත.
 
 පසුගියදා ගම්මානයේ දරුවන් අඩි 60 කට වඩා උස ජල ටැංකියකට නැඟ ජීවිත අවදානමද නොතකා දෛනිකව අධ්‍යයන කටයුතුවල නිරත විය.
 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles