කෑගල්ල දිස්ත්‍රික්කයේ ආයුර්වේද වෛද්‍යවරයකු වන ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් දේශීය වෛද්‍ය ක්‍රමය තුළින් කොවිඞ් වෛරසයට එරෙහිව සොයාගනු ලැබූ ඖෂධය ආසාදිතයන්ට ලබාදීමේ ක්‍රමවේදය සැකසීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (02 දා) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි යන මහත්වරුන්ගේ සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඞ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල යන මහත්මීන්ගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.
මෙම ඖෂධය ශ්‍රී ලංකාවට මෙන්ම මුළු ලොවටම ලබා දීමට නම් විද්‍යානුකූල ක්‍රමවේදයන්ට අනුකූලව පර්යේෂණ සිදුකළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
එම යෝජනා මාලාව කඩිනමින් සකස් කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කරන ලද අතර, මහාචාර්ය සේනක පිලපිටිය මහතාගේ සභාපතීත්වයෙන් වන එම කමිටුවේ සාමාජිකයන් ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා, මහාචාර්ය සිසිර සිරිවර්ධන මහතා, මහාචාර්ය සරෝජ ජයසිංහ මහතා, මහාචාර්ය ලේකම්වසම් මහතා, මහාචාර්ය ජනක ද සිල්වා මහතා, මහාචාර්ය සෑම් කුලරත්න මහතා, මහාචාර්ය කමනි වනිගසූරිය මහත්මිය පත්ව සිටිති.
මෙම අවස්ථාවට ඖෂධය සකස් කළ ආයුර්වේද වෛද්‍ය ධම්මික බණ්ඩාර වෙද මහතාද, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, සෞඛ්‍ය, දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, රෝහල් අධ්යක්ෂවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
උපාලි ද සේරම්