බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු පිළිබඳ රාජ්ය ඇමැති ලෙස ඊයේ (02 දා* පෙරවරුවේ දිවුරුම් දුන් ලොහාන් රත්වත්තේ මහතා සිය පළමු රාජකාරිය ලෙස මහර බන්ධනාගාරයේ හටගත් ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව සොයා බැලීමට ඊයේ දහවල් මහර බන්ධනාගාරය වෙත ගියේය.
එහිදී රාජ්ය ඇමැතිවරයා ගැටුමින් හානියට පත් බන්ධනාගාරයේ ගොඩනැඟිලි ද නිරීක්ෂණය කළ අතර බන්ධනාගාරයේ සිටින රැඳවියන් ද හමු විය. ඡායාරූපයේ දැක්වෙන්නේ රාජ්ය ඇමැතිවරයා මහර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවේ නිරත වූ අයුරුයි.