අරලගංවිල - රොෂාන් තුෂාර තෙන්නකෝන්
විශ්වවිද්‍යාලවල පහසුකම් නැති නිසා විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම් කප්පාදු කරමින් සිටින බවත් ඒ සාමාර්ථ 3ක් ලබාගෙන ඉතාම ඉහළින් සමත් වූ සිසුන්ට ද විශ්වවිද්‍යාලවලට ඇතුල්වීමට නොහැකිවන සේ ඉසඞ් අගයන් ප්‍රකාශයට පත් කර ඇති බවත් කියමින් අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් ඉකුත් 27 දා පොළොන්නරුව මධ්‍යම බස් නැවතුම්පළ ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වූහ.
ඔවුන් චෝදනා කරන්නේ ජනාධිපතිවරණ සමයේ වේදිකාවල දී වත්මන් ජනාධිපතිවරයා උසස් පෙළ සමත් සියලූ සිසුන් විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා බව පැවසුවත් මේ වනවිට විශ්වවිද්‍යාලවල පහසුකම් වැඩි දියුණු කිරීමටත් සිසුන් අලූතෙන් වැඩිදෙනෙකු බඳවා ගැනීමටත් නව අය වැයෙන් ප්‍රතිපාදන වෙන් කර නොමැති බවයි. වර්තමාන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා සමග පැවති සාක්ච්ඡුා සියල්ලේදීම පැවසුවේ විශ්වවිද්‍යාලවල ඉඩකඩ සීමිත බැවින් විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම් සීමා කර ඇති බවය. විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමේ කඩඉම් ලකුණු මගින් ඉතාම ඉහළ ඉසඞ් අගයක් ගෙන ඒ සාමාර්ථ 3ක් ලබා ගත් සිසුන්ට දිස්ත්‍රික් මට්ටමින් විශාල අසාධාරණයක් සිදුව ඇති බවද ඔවුහු කියා සිටියහ. පින්තූරවල දැක්වෙන්නේ විරෝධතාවේ අවස්ථා කිහිපයකි.
- Hits: 300