ජල ගැලූම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින් මනම්පිටිය සිට යක්කුරේ දක්වා මාර්ගය ලබා දෙන ලෙස සහ අධිකරණ නියෝග මත සන්තකය නැවත පවරා ගත් ජල ගැලූම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් කුඹුරු ඉඩම් ආපසු ලබාදෙන ලෙස වනජීවී නිලධාරීන්ට බල කරමින් මහවැලි සී කලාපයට අයත් නුවරගල,සිරිපුර,යක්කුරේ සහ ලංකාපුර යන ප්‍රදේශවල ජනයා ඊයේ(30දා) පොලෙන්නරුව නවනගරයේ පිහිටි වනජීවී කලාප කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ.
මෙම ප්රශ්නවලදී මහජනතාව තලාපෙලා දමන වනජීවී නිලධාරීන්ගේ ක්‍රියා කලාපය හෙළාදකින බව උද්ඝෝෂණකරුවෝ එහිදී කියා සිටියහx ඉහතකී ගම්මානවල ජනතාව 200කට ආසන්න පිරිසක් එයට සහභාගීවී සිටි අතර පැයක පමණ වේලාවක් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.
කරුණාරත්න ගමගේ