ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා පෙරේදා (28දා) සවස ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය. ජනාධිපතිවරයා සහ ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා සෑම ආකාරයකම ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය අරමුණු කොටගත් බෙහෙවින් ඵලදායී සාකච්ඡුාවක නිරත වූ බව ජනපති කාර්යාලය නිවේදනය කරයි. දැනටමත් බෙහෙවින් සතුටුදායක මට්ටමක පවතින ද්විපාර්ශ්වික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා සහ ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා අවධාරණය කර ඇත. ජනපතිවරයා හා අජිත් දොවාල් මහතා සාකච්ඡුා පවත්වන අයුරු ඡායාරූපයේ දැක්වේ.
- Hits: 310