Divaina - මහර හිරගෙදර කලබලයක් - නිලධාරීන්ගේ වෙඩි තැබීමෙන් රැඳවියෝ 4ක් මරුට - 26කට තුවාල

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය




p1 1*සිද්ධිය සොයන්න කමිටුවක් පත් කරයි

*තත්ත්වය පාලනයට STF කැඳවයි

*රැදවියෝ බන්ධනාගාරයේ ප‍්‍රධාන කාර්යාලයට ගිනි තබති

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය සමග මහර  බන්ධනාගාරය තුළ නොසන්සුන්කාරී ලෙස හැසිරුණු රැදවියන් පිරිසක් පාලනය කිරීම සදහා නිලධාරීන් ඊයේ  (29 වැනිදා) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීමකින් රැදවියන්  4ක් මියගොස් තවත් 26ක් තුවාල ලැබූහ.

තුවාල ලැබූ තිදෙනා රාගම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව මහර බන්ධනාගාරයේ ප‍්‍රකාශකයෙක් ස`දහන් කළේය. ඊයේ පස්වරු 4.45 ට පමණ මෙම සිද්ධිය සිදුවිය.

ඉකුත් දිනවල සිදුකරන ලද පී.සී.ආර්. පරීක්‍ෂණ අනුව මහර බන්ධනාගාරයේ රැදවියන් 183 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ වාර්තා වී ඇත.

එම වාර්තා මහර බන්ධනාගාරයට ලැබීමෙන් පසුව ඒ බව දැනගත් බන්ධනාගාරගත රැු`දවියන් ර`දවා සිටි සිර මැදිරිවලින් පිටතට පැමිණ මහර බන්ධනාගාර රෝහල දෙසට යෑමට උත්සාහ දැරීමත් සමග නිලධාරීන් එය පාලනය කිරීමට පියවර ගැනීම නිසා නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවී තිබේ.

නොසන්සුන්කාරී තත්ත්වයක් හටගැනීමත් සමග මහර බන්ධනාගාරයේ ර`දවා සිටි රැු`දවියන් බහුතරයක් දෙනා ප‍්‍රකෝපකාරී වී ඇති අතර එහිදී ඔවුන් සිරමැදිරිවලින් පිටතට ඒමට උත්සාහ දැරීමත් සමග තත්ත්වය පාලනය කිරීම ස`දහා බන්ධනාගාර නිලධාරීන් වෙඩි තැබීමක් සිදු කර ඇත.

මෙම සිද්ධියත් සමග බන්ධනාගාරගත රැු`දවියන් සංවිධානාත්මකව පලායෑම වැළැක්වීමට සහ ඇතිවූ තත්ත්වය පාලනය කිරීම ස`දහා ඊයේ පස්වරු 5.45 ට පමණ මහර බන්ධනාගාරය වෙත පොලිස් විශේෂ කාර්ය බළකාය කැ`දවීමටද කටයුතු කෙරිණි.

විශේෂ කාර්ය බළකාය එහි ළ`ගාවීමෙන් පසු පස්වරු 6.00 පමණ වන විට තත්ත්වය යම්තාක් දුරකට පාලනය කෙරුණු අතර ඒ වන විටත් සිර මැදිරිවලින් පිටතට පැමිණි රැු`දවියන් එළිමහනේ රැු`දී සිට ඇත.

මෙහිදී ඇතිවූ සිද්ධිය පිළිබ`ද දැන ගැනීම ස`දහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඇමතීමට අවස්ථා රැුසකදී උත්සාහ ගත්තත් එය ව්‍යර්ථ විය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඊයේ වාර්තා වූ මෙම කොරෝනා ආසාදිතයන් 183 දෙනාත් සමග බන්ධනාගාර පොකුරේ සමස්ත ආසාදිතයන් ගණන දහස ඉක්මවා යමින් 1091 ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

මෙසේ බන්ධනාගාර තුළ කොරෝනා වෛරසය පැතිර යෑම නිසා ඉකුත් දිනවල අගුණකොළපැලැස්ස, පැරණි බෝගම්බර, වැලිකඩ ඇතුළු බන්ධනාගාර කිහිපයකම රැදවියෝ තමන්ට නිදහස සහ ඇප ලබාදෙන ලෙස ඉල්ලා බන්ධනාගාර වහලවල් මත නැගී විවිධ විරොධතාවන්හි නිරත වූහ.

සමන් ගමගේ, නෝමන් පළිඟවඩන, ටෝනි කරුණානායක කැලණිය - මංගලා මදුරප්පෙරුම
 

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles