හේමන්ත රන්දුණු
පොලිස් දෙපාර්තමේන්තුවේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස පත් වූ සී. ඞී. වික්‍රමරත්න මහතා ඊයේ (27 දා* ශුභ මොහොතින් සිය ධුරයේ රාජකාරි භාරගත්තේය.
වසර එකහමාරක කාලයක් වැඩ බලන පොලිස්පතිවරයා ලෙස රාජකාරි කළ ඒ මහතා පොලිස්පති තනතුරට පත් කරනු ලැබුවේ ඉකුත් 25 වැනිදාය.
පාස්කු ප්‍රහාර සිද්ධියෙන් පසු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඉකුත් 2019 වර්ෂයේ අපේ‍්‍රල් 29 වැනිදා වැඩ තහනහට ලක් කළ අතර එතැන් සිට සී. ඞී. වික්‍රමරත්න මහතා වැඩබලන පොලිස්පති ධුරයේ රාජකාරි කළේය.
කොළඹ ආනන්ද විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයකු වන චන්දන දීපාල් වික්‍රමරත්න මහතා සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස පොලිස් සේවයට එක්වන්නේ 1986 වර්ෂයේදී ය. කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත අංශයෙන් විශේෂ උපාධියක් ලබාගෙන සිටි වික්‍රමරත්න මහතා පොලිස් දෙපාර්තමේන්තුව යටතේ ඇති රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකයට මුලින්ම සම්බන්ධ වී ඇත.
පොලිස් දෙපාර්තමේන්තුවේ 34 වසරක කාල සීමාව තුළ විවිධ ප්‍රදේශවල විවිධ නිලතල දරමින් රාජකාරි කළ ඒ මහතා රටවල් ගණනාවක විශේෂ පුහුණුවීම් ලැබූ දක්ෂ නිලධාරියෙකි.
සී. ඞී. වික්‍රමරත්න මහතා ලබන 2023 වර්ෂයේ මාර්තු මාසයේදී සිය ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතය.