ඇඹිලිපිටියේ සමූහ - සේන වී. ගමගේ
ඉකුත් තුන්වැනි පාසල් වාරය ආරම්භ වූ දින ඇඹිලිපිටිය රාජකීය විද්‍යාලයේ දහය වසර ඉගෙනුම ලබන සිසුවියක් පෙරවරු පාසල් ආරම්භක රැස්වීමේදී අසනීප තත්ත්වයක් වැළඳීම හේතුවෙන් වහාම ගුරු මණ්ඩලය විසින් ඇයව ඇඹිලිපිටිය මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර ඇත.
මෙම සිදුවීම මාධ්‍යවේදී යැයි කියාගත් දෙදෙනකු විසින් කිසිදු සත්‍යතාවකින් තොරව අසත්‍ය පුවත් නිර්මාණය කර ජාතික පුවත්පත් දෙකක ‘‘පාසල් රැුස්වීමේදී ඇදවැටුණු ශිෂ්‍යාව සම්බන්ධව කටයුතු කිරීමට ගුරු භවතුන් හෝ සිසුන් ඉදිරිපත් නොවෙයි හා පාසල් රැස්වීමේදී ගිලන්ව බිම වාඩි වූ සිසුවිය ළ`ගට කිසිදු ගුරුවරයකු ඇවිත් නෑ’’ යන සිරස්තලය යටතේ පුවත්පත්වල පළකර ඇත.
මේ පිළිබඳව ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියටද පැමිණිලි කර ඇත. මෙයට විරෝධය පළකර පෙරේදා (26 දා* සවස 1.30 ට පමණ ගුරුවරු හා දෙමව්පියෝ විශාල පිරිසක් ඇඹිලිපිටිය රාජකීය විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත විය. අසනීපව රෝහල් ගතකළ දැරියද, මවද මෙම අවස්ථාවට එක්ව සිටි අතර එම ශිෂ්‍යාව මෙසේද පැවැසීය.
‘‘මට ක්ලාන්ත ගතියක් ඇති වුණා. මම ළ`ග ඉන්න ළමයෙකුට කීවා එක් කරගෙන යන්න කියලා. ගුරුතුමියන් ඇවිත් මාව අතින් අල්ලා ගෙන පන්ති කාමරයට එක් කරගෙන ගියා. විදුහල්පතිතුමා ඇවිත් ගිලන් රථයකට කතා කරලා මාව රෝහලට ගෙන ගියා. ගිලන් රථයේ විදුරංග සහ දීපාල් යන ගුරුභවතුන් ද මා සම`ග රෝහලට ගිහින් අම්මලා එන තෙක් සියලූ කටයුතු කරලා අම්මට භාරදීලා ගියේ’’ යැයිද පැවැසීය.
අසනීප වූ දැරියගේ මව සමග විරෝධතාවයේ නියැළී සිටි පිරිස ඡුායාරූපයේ දැක්වේ.