Divaina - ධාවනය වන බසයේ කාර්මික දෝෂයක් ඇතිවෙලා ප‍්‍රපාතයට යන බසය බේරා ගැනීමට රියැදුරුට ගණදෙවි නුවණ පහළවෙයි

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

bus999  
 කන්දකැටිය - ජී චතුරංග
 
 බදුල්ල - මහියංගණ ප‍්‍රධාන මාර්ගයේ ගමන් ගත් පුද්ගලික බස් රථයක් පෙරේදා (26 දා* සවස එම මාර්ගයේ දුංහිඳ පහළ වංගුව අසලදී මාර්ගයෙන් ඉවතට ධාවනය වී වේල්ලක ගැටී අනතුරට ලක්ව එහි ගමන්ගත් හිමිනමක්, කාන්තාවන් සිව්දෙනකු ඇතුළු 16 දෙනකු තුවාල ලබා බදුල්ල පළාත් මහ රෝහලට ඇතුළත් කර ඇත.
 
 ධාවනය වෙමින් තිබූ බසයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය පාලනය කරගත නොහැකිව අසල තිබූ ප‍්‍රපාතයට යෑම වැළැක්වීම සඳහා රියැදුරා විසින් වේල්ලකට හරවා ඇති අතර එසේ නොවී පහළ ප‍්‍රපාතයට පෙරළී ගියේ නම් මහත් විනාශයක් වීමට ඉඩ තිබිණි.
 
 බදුල්ල පොලිසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි. අනතුරින් බස් රථයටද බරපතළ හානි සිදුව ඇත.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles