කන්තලේ - ඩබ්. එම්. වික්‍රමසිංහ
ව්‍යාජ ඩොලර් සියයේ නෝට්ටු 372 ක් (ලංකා මුදලින් ලක්ෂ 72 ක්* සමග පුද්ගලයන් දෙදෙනකු පෙරේදා (23 දා* පස්වරුවේ කන්තලේ වැව් බැම්ම මතදී අත්අඩංගුවට ගත් බව කන්තලේ මූලස්ථාන පොලිසිය පැවසීය.
කන්තලේ පොලිස් විශේෂ කාර්යාංශ ඒකකයේ ස්ථානාධිපති පො.ප. අජිත් කුලරත්න මහතාට ලද තොරතුරක් මත කොට්ඨාස විශේෂ අපරාධ අංශයේ
ස්ථානාධිපති ප්‍ර.පො.ප. බණ්ඩාර දෙකඳුවෙල මහතා ඇතුළු නිලධාරින් පිරිසක් රෙන්ට් එකට ගන්නා ලද නවීන කාර් රථයක්ද සමගින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ කලින් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ බුද්ධි අංශයේ සිට පුනරුත්ථාපනය කරන ලද නිලාවේලි හි පදිංචි අවුරුදු 42 ක් වූ මුස්ලිම් ආගමට හැරුණු ද්‍රවිඩ පුද්ගලයෙකි. අනෙක් පුද්ගලයා ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි දොන් තෙවසාරිස් ගේ ලාල් චමින්ද නොහොත් ආමි චමින්ද (48* නමැත්තෙකි. ඊයේ (24 දා* සැකකරුවන් අධිකරණය හමුවට පැමිණවීමට නියමිතය. කන්තලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධම්මික වීරසේකර මහතාගේ
නියෝග මත සහකාර පොලිස් අධිකාරී 1 රෝහණ වණිගසේකර මහතාගේ අධීක්ෂණයෙන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. එම්. පී. බී. විජේසිරි මහතාගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. බණ්ඩාර දෙකඳුවෙල මහතා ඇතුළු නිලධාරින් පිරිසක් මෙම වැටලීම් සිදුකොට තිබුණි. සැකකරුවන් අත්අඩංගුවට ගත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරින් ඩොලර් තොගය පරීක්ෂා කරන අයුරු ඡායාරූපයේ දැක්වේ.