Divaina - කොවිඞ් වසංගතයට එරෙහිව සටන් වදින සියලූ දෙනාට ප‍්‍රණාමය පුදකරනවා... විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

sajith500- පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ආණ්ඩුවෙන් ආධාර උපකාර ලබාදීමක් කළ යුතුයි

අකිත පෙරේරා

කොවිඞ් වසන්ගතයට එරෙහිව සටන් වදින සියලූ දෙනාට අපේ ප‍්‍රණාමය පුදකරන බව - විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

ශාන්ති පදනමේ නිර්මාතෘ, කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍යපාද කොටපොළ අමරකිත්ති නාහිමිපාණන් වහන්සේ ඉකුත් 25දා බැහැදැක උන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීමෙන් පසු හෙතෙම මේ බව පැවසීය.

තම සංකල්පයක් ලෙස ක‍්‍රියාත්මක සසුනට අරුණ ව්‍යාපෘතිය පිළිබඳව උන්වහන්සේව දැන්වත් කළ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා එම කටයුත්ත සඳහා ද නාහිමිපාණන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගත්තේය. අනතුරුව විපක්ෂ නායකයා මාධ්‍යයට මෙසේද පැවසීය.

‘‘මේ වෙනකොට මුළු රටම තිබෙන්නේ විශාල ව්‍යාකූලත්වයක් සහ බරපතළ ව්‍යසනයක් බවට පත්වෙලා. කොරෝනා උවදුර මුළු රටම වෙලා ගත්ත ව්‍යසනයක් බවට පත්වෙලා. මේ වෙලාවේ ආණ්ඩුවට වගේම පවිත‍්‍රා වන්නිආරච්චි අමාත්‍යවරියට විශාල වගකීමක් පැවරිලා තිබෙනවා. මේ තත්ත්වය පොකුරු ව්‍යාප්තියක් දක්වා වර්ධනය වෙලා තිබෙනවා. එය සමාජ ව්‍යාප්තියක් දක්වා වර්ධනය නොවීමට වගබලා ගැනීමේ වගකීම එතුමියට තිබෙනවා. අපි සතුටින් පිළිගන්නවා, ත‍්‍රිවිධ හමුදාව ආරක්ෂක අංශ, පොලිසිය සහ සෞඛ්‍ය අංශය කරන මහා විශාල කැපකිරීම පිළිබඳව. එතුමන්ලා රට දැය අරක්ෂා කිරීම වෙනුවෙන් පුරවැසියන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත බව වෙනුවෙන් දැවැන්ත, අභීත ක‍්‍රියාදාමයක යෙදෙනවා. ජීවිතය පරදුවට තබලා ඔවුන් කරන මහා විශාල මෙහෙවර පිළිබඳව අපිට විශේෂ ඇගයීමක් තිබෙනවා. ඒ ගැන අපි ආඩම්බර වෙනවා. හද පත්ලෙන්ම ඔවුන්ට අපගේ ස්තුතිය සහ ගෞරවය ඔවුන්ට පුද කරනවා.

නමුත් අදත් කොරෝනා ප‍්‍රශ්නය නිසා පීඩාවට පත්වෙලා ඉන්න ලක්ෂ ගණන් දස ලක්ෂ ගණන් රටේ අහිංසක ජනතාව වෙනුවෙන් ආණ්ඩුව මීට වඩා මැදිහත් විය යුතුයි. රටේ සෑම අංශයක්ම අඩපණ වෙලා ඉවරයි. රටේ බොහෝ දෙනා දුක් ගින්නට කුසගින්නට පාත‍්‍ර වෙලා ඉවරයි. මේ සත්‍යය මේ යථාර්ථය පිළිගන්න ඕන. මේ තිත්ත ඇත්ත තේරුම් අරගන්න රජයට වගකීමක් තිබෙනවා. ඒක තේරුම් අරගෙන රටේ ජනතාව වෙනුවෙන් තමන්ගේ වගකීම ඉටුකරන්න ආණ්ඩුවට වගකීමක් තියෙනවා. සීමිත මූල්‍ය සම්පත් තුළ රට වැටී තිබෙන දැවැන්ත අර්බුදය තුළ සහන ලබාදීමේ යම් සීමාවන් තිබෙන බව අපි පිළිගන්නවා. නමුත් රටේ මූල්‍ය ප‍්‍රශ්න තිබෙනවා කියලා, ආර්ථික ප‍්‍රශ්න තියෙනවා කියලා, රටේ ජනතාවගේ අසරණකම සහ අවශ්‍යතාවන්ගෙන් අපිට කර අරින්න බැහැ. ඒ නිසා කොරෝනා මර්දන ව්‍යාපාරය විනිවිදව සිදු කරනවා වගේම අපහසුතාවන්වලට පීඩනයට ලක්වෙච්ච ජනතාව වෙනුවෙන් රාජ්‍ය අනුග‍්‍රහයෙන් ආධාර උපකාර කිරීම ඉතාමත්ම කාලෝචිතයි කියලයි අපි විශ්වාස කරන්නේ. ඒ වෙනුවෙන් වහාම ඉදිරිපත් වෙන්න කියලා අපේ රජයට කියනවා.

දැනට පැතිරෙමින් පවතින කොවිඞ්-19 වෛරස් පොකුර මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවෙන් ආරම්භ වූ බවට ජනමාධ්‍ය වෙතින් වාර්තා කරනවා, එම කර්මාන්ත ශාලාවට කොවිඞ්-19 වෛරසය පැමිණි ආකාරය පිළිබඳව රජය විසින් මෙතෙක් රටට හෙළිකොට නෑ. මෙම පසුබිම යටතේ, මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවට මෙම වෛරසය පැමිණි ආකාරය පිළිබඳව නොයෙකුත් ප‍්‍රවෘත්ති සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වූ අතර එයින් බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ කීර්ති නාමයට බලවත් හානියක් සිදු වෙලා.

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවෙන් පළමු කොවිඞ්-19 අසාදිතයා වාර්තා වූයේ කවදාද? එම ආසාදිතයාට කොවිඞ්-19 වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳව අනාවරණය කොටගෙන තිබේද? එසේ නම් ඒ පිළිබඳව මෙම සභාව දැනුවත් කරන්නේද? නොඑසේ නම් ඊට හේතු මොනවාද?

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවෙන් හමු වූ පළමු කොවිඞ්-19 අසාදිතයාට එම වෛරසය ආසාදනය වූ ආකාරය මෙතෙක් සොයා ගෙන නෑ. එහෙනම් එය රජයේ බරපතළ දුර්වලතාවයක්. ඒ හේතුවෙන් රටේ සමස්ත මහජනතාවගේ ජන ජීවිතය බරපතළ තර්ජනයකට ලක් වෙලා. මේ සම්බන්ධව රජය ගනු ලබන පියවර මොනවාද?

කොවිඞ්-19 වෛරසය පාලනය කළ බවට උදම්අනමින් නිසි සැළකිල්ලකින් හා අවධානයකින් යුතුව කටයුතු නොකිරීම හේතුවෙන් මෙම වෛරස ව්‍යාප්තිය නැවත වරක් ආරම්භ වුනේ කාගේ වරදින්ද? එහි සම්පූර්ණ වගකීම රජය විසින් භාරගන්නවා ද?

මෙම පසුබිම යටතේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ක‍්‍රමවත් වැඩපිළිවෙළක් තවම නෑ. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරනවා ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරන්න කියලා.
 

kandos18

අද දිවයින

සිනමා කලා

drama250

නවලිය

kuslani250

දියග

kemada250

මීවිත

sulo250

More Articles