Divaina - අද මධ්‍යම රාත‍්‍රියේ සිට සඳුදා අලුයම 5 තෙක් බස්නාහිරටම ඇඳිරිනීතිය

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 4- ඇඳිරියට පෙර බස්නාහිරෙන් පිටතට යන්න එපා - යුද හමුදාපති ඉල්ලයි

- ගම්පහ, කළුතර ඇඳිරි නීති ප‍්‍රදේශවල වෙළෙඳ සල් ඔසුසල් අද අරී

- නිවෙස්වල නිරෝධායනය වන පවුල්වලට සති දෙකකට සරිලන බඩුමල්ලක්

- පෑලියගොඩ පොකුරේ බලපෑමෙන් යාපනයේත් ගම් දෙකක් වැසේ

- කොළඹ පොලිස් වංචා විමර්ශන ඒකකයේ නිලධාරියකුට සහ බිරිඳට කොරෝනා

- පානදුර නගර සභාව වසා සියලූ සේවකයන් නිරෝධායනයට

- වලල්ලාවිට තෙමස් බිළිඳියට මවට කොරෝනා

- කොරෝනා ආසාදිතයන් ගණන නවදහස ඉක්මවයි

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙ`ද සංකීර්ණය තුළින් ඇති වූ දෙවැනි කොරෝනා රැුල්ලත් සමග මේ වන විට බස්නාහිර පළාත ප‍්‍රධානව රට පුරා වෛරසයේ ශීඝ‍්‍ර ව්‍යාප්තියක් සිදුවෙමින් තිබෙන බවට පෙනී යෑම නිසා අද (29 වැනිදා) මධ්‍යම රාති‍්‍රයේ සිට බස්නාහිර පළාතට නිරෝධායන ඇ`දිරි නීතිය පැනවීමට රජය ඊයේ (28 වැනිදා) තීරණය කළේය.

කොළඹ සහ ගම්පහ ඇතුළු බස්නාහිර පළාතේ ප‍්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වෙමින් ඊයේ වන විට දැඩි අවදානම්කාරී තත්ත්වයක් ද ඇතිවී තිබිණි.

මෙරට තුළ පෙරේදා දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 457 ක් විය. ඉන් බහුතරයක් වූ ආසාදිතයන් ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වී තිබුණු අතර එය 220 ක් විය.

කොළඹ දිස්ති‍්‍රක්කයෙන් 183 ක්, කළුතර 16, නුවරඑළිය 10, බදුල්ල 05, රත්නපුර 05, කුරුණෑගල 03, ගාල්ල 02, හම්බන්තොට 02, මාතලේ සහ මහනුවර රෝගීන් 01 බැගින් පෙරේදා දිනයේ හ`දුනාගත් බවද සෞඛ්‍ය බලධාරීහු ස`දහන් කළහ.

මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළෙ`ද සංකීර්ණයේ ආශි‍්‍රතයන් ලෙස කැලණිය සොඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් පමණක් ඊයේ (28 වැනිදා) වන විට හ`දුනාගෙන තිබූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 222 ක් විය.

p1 111එසේම තවත් පුද්ගලයන් 500 කගේ පමණ පීසීආර් වාර්තා ලැබීමට නියමිතව ඇතැයි කැලණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ආර්. ඇම්. පී. බී. රත්නායක මහතා ස`දහන් කළේය.

තවත් කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයන් 211ක් ඊයේ දිනයේද වාර්තා විය.

මේ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරුවලින් හ`දුනාගත් සමස්ත රෝගීන් ගණන 5607 දක්වා ඉහළ ගොස් තිබුණු අතර මෙරටින් හ`දුනාගත් සමස්ත රෝගීන් ගණන 9081 විය. දැනට ප‍්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයන් සංඛ්‍යාව 5019 ක් බව ස`දහන් විය.

දැනට මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප‍්‍රතිකාර ලබා ගැනීමෙන් පසු පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති සංඛ්‍යාව 4075 කි.

රජය අද (29 වැනිදා) සිට ලබන ස`දුදා (02 වැනිදා) අලූයම 5.00 දක්වා බස්නාහිර පළාතට මෙලෙස නිරෝධායන ඇ`දිරි නීතිය පනවන බව ඊයේ නිවේදනය කරනු ලැබුවේ තත්ත්වය මෙසේ වෙද්දීය.

කෙසේ වෙතත් ස`දුදා අලූයම 5.00 ට එලෙස ඇඳිරි නීතිය ඉවත් කරනු ලැබුවද පසුගිය දිනවල නිරෝධායන ඇ`දිරි නීතිය කි‍්‍රයාත්මක කෙරුණු ගම්පහ දිස්ත‍්‍රික්කය ඇතුළු කොළඹ සහ කුලියාපිටිය ආදී ප‍්‍රදේශයන්වල පොලිස් බලප‍්‍රදේශ 68 ස`දහා අඛණ්ඩව ඇ`දිරි නීතිය කි‍්‍රයාත්මක බව කොරෝනා මර්දන ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී සහ යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

එම ප‍්‍රදේශයන්හි ඇඳිරි නීතිය ඉවත් නොකරන බැවින් ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ ආදිය ලබා ගැනීම සඳහා අද අදාළ ප‍්‍රදේශවල වෙළෙ`දසල් සහ ඖෂධ හල් පෙරවරු 8.00 සිට රාතී‍්‍ර 10.00 දක්වා විවෘතව තැබෙන බවද යුද හමුදාපතිවරයා ස`දහන් කළේය.

ලබන ස`දුදාට (02 වැනිදාට) පසු මීට පෙර නිවේදනය කළ පරිදි ගම්පහ සහ කළුතර දිස්ති‍්‍රක්ක ස`දහා සතියේ සෑම ස`දුදා සහ බ‍්‍රහස්පතින්දා දිනවලත් කොළඹ හා කුරුණෑගල දිස්ති‍්‍රක්කවල අ`ගහරුවාදා සහ සිකුරාදා දිනවලත් වෙළෙ`දසල් විවෘත කරන බවද ස`දහන් කෙරිණි.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත මඩකලපුව පූනානි ප‍්‍රදේශයේ පිහිටි ෂරියා විශ්වවිද්‍යාලය ඊයේ (28 වැනිදා) සිට කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට ප‍්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත. මේ තුළ පුද්ගලයන් 1200 කට ප‍්‍රතිකාර කිරීමට පහසුකම් ඇති අතර පොළොන්නරුව මහ රෝහලේ පරිපාලන අධීක්‍ෂණය යටතේ පොළොන්නරුව දිස්ති‍්‍රක් රෝහල එහි ප‍්‍රතිකාර කටයුතු ස`දහා වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය යොදවා ඇත.

ඇති වී තිබෙන තත්ත්වය හමුවේ පසුගිය සමයේ කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේදී සිදු කළ පරිදි මෙවරද අත්‍යවශ්‍ය සේවා කාර්යක්ෂමව, විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දී තිබේ.

නිවෙස්වල නිරෝධායනයට යොමුකර සිටින පවුල් සඳහා සති දෙකකට සරිලන බඩුමල්ලක් ලබාදීමට කටයුතු කරන ලෙසද එම කාර්ය සාධක බළකාය අදාළ අංශවලට උපදෙස් ලබාදී ඇත.

දිසාපතිවරුන්, ග‍්‍රාම නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ආරක්ෂක අංශවල සහායෙන් එම අදාළ වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කරන ලෙස එම ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්‍ෂ මහතා දැනුම් දී තිබේ.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙ`ද සංකීර්ණයේ කොරෝනා පොකුරේ බලපෑම ඊයේ වන විට උතුරු පළාතටද ව්‍යාප්ත වීමෙන් යාපනය අර්ධද්වීපයේ ගම්මාන දෙකක් වසා දැමීමට යාපනය සෞඛ්‍ය බලධාරීහු කටයුතු කරනු ලැබූහ.

යාපනයේ සිට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙ`ද සංකීර්ණයට පැමිණි යාපනය අර්ධද්වීපයේ මාළු ව්‍යාපාරිකයන් දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඔවුන්ට සිදු කළ පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු වී තිබිණි.

මොවුන් දෙදෙනා යාපනය ගුරුනගර් හා පාසෙයිඌර් ගම්මානවල පදිංචිකරුවන් වන අතර ඔවුන්ගේ ආශි‍්‍රතයන් හ`දුනා ගැනීම ස`දහා එම ගම්මානවලට පිවිසෙන ප‍්‍රධාන මාර්ග වසා දමා ගම්මාන දෙක හුදෙකලා කිරීමටද කටයුතු කර තිබේ.

කොළඹ වංචා විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරියකුට සහ ඔහුගේ බිරිඳට ද කොරෝනා වෛරසය ආසාදනය ඇති බව ද ඊයේ අනාවරණය විය. මෙම යුවළ කොටහේන හෙට්ටියාවත්තේ පිහිටි වෙරළබඩ පොලිසියේ විවාහක නිල නිවාසවල පදිංචිව සිටින අතර මේ වන විට එම පොලිසියේ නිලධාරීන් දෙදෙනකුට වෛරසය ආසාදනය වී තිබෙන බවද හෙළිවී තිබිණි.

පානදුර නගර සභාවේ සභාපති නන්දන ගුණතිලක මහතාගේ රියැදුරාටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ හ`දුනාගෙන ඇත. පසුගිය දිනවල ඔහු මාළු මිලදී ගැනීම ස`දහා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙ`ද සංකීර්ණයට ගොස් ඇතැයි සෞඛ්‍ය බලධාරීහු ස`දහන් කරති.

මේ බව අනාවරණය වීමත් සම`ග පානදුර නගර සභාව වසාදමා සභාපතිවරයා ඇතුළු එහි සියලූ සේවකයන් ස`දහා පීසීආර් පරීක්‍ෂණ සිදු කර නිරෝධායනයට ලක්කිරීමට ද පානදුර මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් පියවර ගෙන තිබිණි.

මේ අතර මතුගම වලල්ලාවිට ප‍්‍රදේශයේ නිවසක මාස තුනක් වයසැති බිළි`දියකටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වී තිබිණි.

දැනට හුදෙකලා කර ඇති වලල්ලාවිට මාකලන්දාව ප‍්‍රදේශයේ බිළි`දියකට මෙසේ වෛරසය ආසාදනය වී ඇති අතර ඇගේ මවටද වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ ස`දහන් කරයි. මේ හේතුවෙන් එම බිළි`දිය හා මව ප‍්‍රතිකාර ස`දහා කොළඹ අයිඞීඑච් රෝහල වෙත යොමු කිරීමට කටයුතු කර ඇත.

සමන් ගමගේ
 

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles