Divaina - ඇමරිකානු රාජ්‍ය ලේකම් දිවයිනට... අද ජනපති හමුවෙයි

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


  කීර්ති වර්ණකුලසූරිය
 
 pompo500ශ‍්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පි ඕ මහතා ඊයේ (27 දා* රාතී‍්‍ර කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියේය.
 
 ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පි ඕ මහතා අද (28 දා* ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවී සාකච්ඡා පවත්වනු ඇත.
 
 එම්.සී.සී. ගිවිසුමට අදාළ ඇමරිකානු මණ්ඩලයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරන මයික් පොම්පි ඕ මහතා ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමඟ පවත්වන සාකච්ඡාවේදී චීනය සම්බන්ධව රජය අනුගමනය කරන ක‍්‍රියාමාර්ග සහ එම්.සී.සී. ගිවිසුම, සෝපා සහ ඇක්සා ගිවිසුම් ගැන ද විමසීමට නියමිතය.
 
 මේ අතර ඉන්දීය මාධ්‍ය පැවසුවේ ඉදිරියේදී චීන ආයෝජන මත ක‍්‍රියාත්මක වන ව්‍යාපෘති ආරම්භ කිරීමෙන් වළකින ලෙස පොම්පි ඕ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.
 
 රාජ්‍ය ලේකම් මයික් පොම්පි ඕ ඊයේ ඉන්දීය බලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවේදී චන්‍ද්‍රිකා දත්ත ලබා ගැනීම සඳහා වූ ගිවිසුමක් අත්සන් කිරීම ගැන ද අවධානය යොමුකර තිබේ.
 
 මේ අතර ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා අගමැති මහින්ද රාජපක්‍ෂ සහ විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් සමඟද සාකච්ඡා පවත්වනු ඇත.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles