Divaina - තම වියදමින් පාසල් දරුවන් ප‍්‍රවාහනයට බස් රථයක් ලබාදුන් පෝද්දිවෙල චන්දානන්ද හිමියෝ

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

පෝද්දිවෙල චන්දානන්ද හිමියෝ තම දෙමාපියන්ට  පළතුරු වට්ටියක් මත තබා බස්රථය පූජා කළ අයුරු
 

bus500



ඇල්පිටිය - විදානආරච්චි කීර්තිරත්න

නැගෙනහිර පළාතේ අති දුෂ්කර ප‍්‍රදේශයක රජයේ අවධානය යොමු නොවීම සහ පොදු ප‍්‍රවාහන පහසුකම් නොමැතිවීම නිසා වැසීගිය රජයේ පාසලක් තම පෞද්ගලික වියදමින් ප‍්‍රතිසංස්කරණය කර නැවත විවෘත කිරීමට පියවර ගෙන එම පාසල වෙත සිසු දරු දැරියන් ප‍්‍රවාහනය කිරීමට නවීන පන්නයේ බස් රථයක් යොදවා එම බස් රථය සිසු අයිතියට පත්කිරීමට පෙර තම මව්පියන්ට පූජා කළ දුර්ලභ ගණයේ උතුම් බුද්ධ පුත‍්‍රයෙක් පිළිබඳව ‘‘දිවයින’’ට වාර්තා වේ.

ගාල්ල දිස්ත‍්‍රික්කයේ නියාගම ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයට අයත් පෝද්දිවෙල වත්තක ගම් පියසේ ඡුන්ම ලාභය ලැබූ දීඝවාපි පරිවාර චෛත්‍ය රජමහා විහාරාධිපති නැගෙනහිර විශිෂට සේවා සම්මාන ලාභී, නැගෙනහිර පළාතේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක, විශ්ව කීර්ති ශ‍්‍රී සමාජ සේවා ශිරෝමනී, ශාසන සෝභන, කලා කීර්ති ශ‍්‍රී ශාසනාභිමාන ශ‍්‍රී රතනපාල පෝද්දිවෙල සද්ධර්ම කීර්ති ශ‍්‍රී චන්දානන්ද හිමිපාණන් මෙම උතුම් සද්ක‍්‍රියාව සිදු කළ බුද්ධ පුත‍්‍රයාණන් වහන්සේ.

දකුණු පළාතේ සිට නැගෙනහිර පළාතට ගොස්, රජයේ අවධානය යොමු නොවීම සහ අති දුෂ්කර තාවයක් නිසා වැසීගිය දීඝවාපී දුටු ගැමුණු විද්‍යාලයේ විනාශ වී ගිය සියලූ ගොඩනැ`ගිලි රජයේ අනුග‍්‍රහය මත තමාගේ පෞද්ගලික වියදමින් පිළිසකර කොට දීඝවාපී ගම්මානය, 236 ගම්මානය, දුටු ගැමුණු පුර, සිංහ පුර, ඉලූක්හේන, අඩාලච්චේන ඇතුලූ ගම්මාන රැුසක සිසු දරු දැරියන්ගේ ප‍්‍රයෝජනය සඳහා ලබා දී 2021 වර්ෂයේ ජනවාරි මාසයේදී දැනට වැසී ගොස් ඇති මෙම විදුහල නැවත ආරම්භ කිරීමට මේ වන විට සියලූ කටයුතු සූදානම් කර ඇත.

මෙම සද් ක‍්‍රියාව සම්බන්ධව සිය අදහස් දක්වමින් පෝද්දිවෙල චන්දානන්ද හිමියෝ මෙසේ පැවසූහ. මා දීඝවාපී ගමට ගොස් සිංහල බෞද්ධ ජනතාව සම`ග එක්ව කැඞී බිඳී ගිය විහාරස්ථානය නැවත ප‍්‍රතිසංස්කරණය කොට බෞද්ධ ජනතාවට වන්දනාමාන කළ හැකි පූජනීය ස්ථානයක් බවට පත්කලා. මෙම පූජනීය ස්ථානය වන්දනාමාන කිරීමට රටේ නන්දෙසින් දිනපතාම බෞද්ධ ජනතාව පැමිණෙනවා. ඒ හැම කෙනෙකුටම මා කිරි වීදුරුවකින් සංග‍්‍රහ කරනවා. කලින් මා දැනුවත් කර එන අයට නොමිලයේ ආහාර පාන ඉඳුම් හිටුම් පහසුකම්ද සලසා දෙනවා.

වර්ග කිලෝ මීටර් 20 කටත් වඩා වැඩි භූමියකින් සමන්විත මෙම ගම්මානයේ ජීවත්වන වැසියන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා තිබුණු එකම පාසල වන දීපවාසී දුටුගැමුණු විදුහල සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ සහ දේශපාලඥයින්ගේ අවධානය යොමු නොවීම නිසා වසර 10 කට පෙර වැසීගොස් ගමේ දරු දැරියන්ට නිදහස් අධ්‍යාපනයේ ඵල නෙලා ගැනීමට නොහැකිව අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටියා.

ගමේ ජීවත්වන ඇති හැකි අයගේ දරුවන් කිලෝ මීටර් 20 ක් දුරින් පිහිටි අම්පාර නගරයේ ජනප‍්‍රිය පාසල්වලට පෞද්ගලික ප‍්‍රවාහන සේවා මගින් ගොස් අධ්‍යාපනය ලබනවා. ගමේ ගොවියාගේ කම්කරුවාගේ දරුවන් ඒ අය දිහා බලා සුසුම් හෙලමින් තම මව පියා සම`ග ගොවිතැනට යොමු වී තියෙනවා. මේ තත්ත්වය දැන ගත්තම මම මහත් කම්පාවට පත් වුණා.

මා මුලින්ම මට සම්බන්ධ ධනපතියන්ගේද උදව් උපකාර ඇතිව ගමේ අංග සම්පූර්ණ පහසුකම්වලින් සමන්විත ළමා උද්‍යානයක්ද සහිත ඉංග‍්‍රීසි, සිංහල හා පරිගණක දැනුම සහිත පෙර පාසලක් ආරම්භ කළා. පෙර පාසලට ඇතුළත් වන සෑම සිසු දරුවෙකුටම බයිසිකලයක් ලබා දුන්නා.

දැන් මගේ එකම අරමුණ වී ඇත්තේ දැනට වසර 50 කට පෙර රජයෙන් දීඝවාපියට ලබා දී තිබී දැනට වැසී ගිය දීඝවාපී විද්‍යාලය ආරම්භ කිරීමයි. එම විද්‍යාල භූමියෙහි තිබූ පැරණි ගොඩනැ`ගිලි 3 ක්, ගුරු නිවාස 4 ක් මේ වන විට ලඳු කැලයට යට වී වල්බිහි වී තියෙනවා. මා රජයේ අනුග‍්‍රහය හා ගම් වැසියන්ගේද සහාය ලබාගෙන 2021 ජනවාරි මාසයේදී මේ විදුහල නැවත ආරම්භ කරනවා. මෙම ගොඩනැ`ගිලි ප‍්‍රතිසංස්කරණය කිරීමට රජයේ ප‍්‍රතිපාදන නොලැබුණොත් ගම්වාසීන් සම`ග එක්ව මගේ පෞද්ගලික ධනයද යොදා කෙසේ හෝ ලබන වසරේදී මෙම විදුහල ආරම්භ කරනවා.

ගමේ දරුවන්ට ගැමියන්ට ඇති ප‍්‍රධානතම ප‍්‍රශ්නය ගමනා ගමන ප‍්‍රශ්නයයි. ඒ සඳහා මා දැනටමත් මගේ පෞද්ගලික වියදමින් නවතම දොර දෙකේ බස් රථයක් මිලදී ගත්තා. එහි මේ වන විටත් රූපවාහිණියක් සවිකර තිබෙනවා. ගමේ පාසල ආරම්භ කළ පසු උදෑසන 6.00 ට ගම් පුරා ගොස් ළමයි පාසල කරා ගෙන ඒමත් ගෙන යෑමත් සිදු කරනවා.

බස්රථය තුළ සවිකර ඇති රූපවාහිනියෙන් උපදේශිකවරියක් ලවා ළමයින්ට ඉංග‍්‍රීසි දැනුම දිනපතාම ලබා දෙනවා. පාසලට එන ළමුන් සඳහා පළමු ශ්‍රේණියේ සිටම ඉංග‍්‍රීසි දැනුම සම`ග පරිගණක දැනුම අනිවාර්ය කර දෙනවා. අපේ රටේ අය අලූතින් වාහනයක් මිලදී ගත්විට පළමුව කතරගම දේවාලයට ගොස් පළතුරු වට්ටියක් මත යතුර ලබා දෙවියන්ට ඒ වාහනය බාර දී දේව ආශිර්වාදය ලබා ගන්නවා.

මා මෙළොවට බිහිකළ අම්මාත්, මාව පෝෂණය කළ තාත්තාත් මම දෙවියන් සේ අදහනවා. ඒ නිසයි පළමුවෙන්ම මේ බස් රථය මගේ ගමට ගෙනැවිත් මගේ අම්මට තාත්තට පෙන්වා පළතුරු වට්ටියක් මත යතුර තබා මගේ ඉටු දෙවියන්ට පූජාකර ඒ අයගේ ආශිර්වාදය ලබා ගත්තේ.
 

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles