Divaina - ත‍්‍රිකුණාමලයේ හා කන්තලේ සන්නිවේදන කුලූනුවලින් බැටරි ගැලවූ දෙදෙනෙක් මාට්ටු... රු. 40,000 ක බැටරියක් 4000කට විකුණලා...

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 

batary666  බැටරි 20ක් රාගම - කොට්ටාව හා මීරිගමින් සොයා ගැනේ
 
 ත‍්‍රිකුණාමලය - සමන් මල්ලවආරච්චි
 
 විවිධ ප‍්‍රදේශවල ස්ථාපිත කර ඇති සන්නිවේදන කුලූනුවල සවිකර ඇති බැටරි සොරකම් කර ඊයම්වලට විකිණූ සොර කල්ලියක දෙදෙනකු සොරකම් කළ බැටරි තොගයක්, මොටර් රථයක් සමග 26 දා අත්අඩංගුවට ගැනීමට කන්තලේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරිහු සමත් වූහ.
 
 සන්නිවේදන කුලූනුවල අලූත්වැඩියාවන් කරන මුවාවෙන් දහවල් කාලයේ යන මේ දෙදෙනා මෙම බැටරි ගලවා ගෙන ගොස් මෙලෙස විකුණා තිබේ. ඔවුන් විසින් සොරා ගත් බැටරි 20ක් රාගම, කොට්ටාව, මීරිගම ප‍්‍රදේශවලට විකුණා තිබියදී සොයා ගැනීමට හැකිවී තිබේ.
 
 පොලිසියට ලද පැමිණිල්ලක් අනුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධම්මික වීරසේකර මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි රෝහණ වනිගසේකර මහතාගේ මෙහෙයවීම මත කොට්ඨාස අපරාධ ඒකකයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර දෙකදුවල මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් දුරකථන වාර්තා විශ්ලේෂණය කර සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.
 
 ත‍්‍රිකුණාමලය හා කන්තලේ පොලිස් කොට්ඨාසවල පිහිටි සන්නිවේදන කුලූනුවලින් මෙම බැටරි සොරකම් කර ඇති බවට ලද පැමිණිලි අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. එක් සැකකරුවකු ජංගම දුරකථන සමාගමක සේවය කර ඇති අතර අනෙක් සැකකරු ත‍්‍රිකුණාමලයේ ප‍්‍රධාන පෙළේ ජාතික පාසලක විද්‍යාගාර සහායකවරයකු වන බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් රුපියල් හතළිස්දහසක් පමණ වටිනා එක් බැටරියක් රුපියල් හාරදහසක පමණ මිලකට විකුණා ඇතැයි පොලිසිය කියයි. සැකකරුවන් කන්තලේ මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles