Divaina - සහරාන්ගේ බිරිඳ කොමිසමට එමින්... සහරාන්ගේ බිරිඳ කොමිසමට සාක්‍ෂි දෙයි මාධ්‍යයට විවෘත නෑ....

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

saharans400

ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් පාතිමා හාදියා ඊයේ (23 දා* උදේ සාක්‍ෂි ලබා ගැනීම සඳහා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය පරීක්‍ෂා කිරීමේ ජනාධිපති කොමිසම වෙත රැගෙන ආ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

ඡායා - ශ්‍යාම් නුවන් ගනේවත්ත

--------------------------------

එරික් ගාමිණී ජිනපි‍්‍රය

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ඊයේ (23 දා* සාක්‍ෂි ලබා දුන්නාය. එම සාක්‍ෂි ලබා දීම මාධ්‍යයට විවෘත නොවිණි.

පෙරේදා දිනයේත් සහරාන්ගේ බිරිඳ වූ හාදියා එම කොමිෂන් සභාව හමුවට රැගෙන ආ අතර ඇයගෙන් සාක්‍ෂි ලබාගැනීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කරුණු දක්වන ලද අතර ඒ පිළිබඳ තීරණය ඊයේ ලබාදීමට නියමිතව තිබිණි. එම තීරණය ද මාධ්‍ය ආවරණයකින් තොරව ලබාදෙන ලදී. ඉන් අනතුරුව සහරාන්ගේ බිරිඳ වූ හාදියා ඊයේ දිනයේ දී පෙරවරු 11.00 ට පමණ කොමිෂන් සභාව හමුවට රැුගෙන ආ අතර ඊට පෙර ඇය එම කොමිෂන් සභාවේ පොලිස් ඒකකය වෙත පෙරවරු 9.30 ට පමණ බන්ධනාගාර නිලධාරීන් විසින් ඉදිරිපත් කර තිබිණි.

 

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles