Divaina - රථ පෙළපාලියෙන් පැමිණි සමගි ජන බලවේගය මැති සබයේත් 20 ට එරෙහිව විරෝධතාවේ

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 3විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව විශේෂ රථ පෙළපාලියකින් සහ පා ගමනින් ද ඊයේ (21 දා) පාර්ලිමේන්තුවට පැමිණි විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රමුඛ සමගි ජන බලවේගය මන්ත‍්‍රීවරු ‘විනාශකාරී 20 එපා’ යැයි සඳහන් කළ මුව ආවරණ සහ අත් පටි පැළඳ පාර්ලිමේන්තුවේදී සිය විරෝධතාව පළ කළහ.

විසිවැනි සංශෝධනයට විරෝධය පළ කිරීමට විපක්‍ෂයේ මන්ත‍්‍රීවරු ඊයේ කොළඹ මාකස් ප‍්‍රනාන්දු මාවතේ අංක 30 හි පිහිටි විපක්‍ෂ නායක කාර්යාලයේ සිට රථ පෙළපාලියකින් ගමන් ආරම්භ කළහ. සිය පෞද්ගලික වාහනවලින් ශ‍්‍රී ජයවර්ධනපුර පිහිටි පාර්ලිමේන්තුව වෙත පැමිණි ඔවූහු වාහනවලින් බැස ‘20 එපා’ යැයි කියමින් පා ගමනින් විපක්‍ෂ නායකවරයා පෙරටු කරගනිමින් පෙරවරු 9.45 ට පමණ පාර්ලිමේන්තුවට පිවිසියහ.

වෙනදා විදුලි සෝපානයෙන් පාර්ලිමේන්තු සභා ගැබ වෙත පැමිණෙන විපක්‍ෂයේ මන්ත‍්‍රීවරු ඊයේ ‘20 එපා’ යැයි හඬ නඟමින් පියගැටපෙළ ඔස්සේ සභා ගැබට අවතීර්ණ වූහ.

සභා ගැබ තුළ ද එම මන්ත‍්‍රීවරු විනාශකාරී 20 එපා යන මැයෙන් සඳහන් කළ මුව ආවරණ සහ අත්පටි පැළඳ සිටින අයුරු ද දැකගත හැකිවිය. විපක්‍ෂයේ සෙසු දේශපාලන පක්‍ෂ වූ ජාතික ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානය ඇතුළු වෙනත් විපක්‍ෂ මන්ත‍්‍රීවරු මෙම විරෝධය සඳහා සම්බන්ධ වී සිටියේ නැත.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුළු සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත‍්‍රීවරු විරෝධතා අත්පටි පැළඳ පාර්ලිමේන්තුව වෙත පැමිණි අයුරු.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles