Divaina - කොළඹ ඇතුළු නගර රැසක් පාළු වෙයි - ඉදිරි සතිය තීරණාත්මකයි - යුද හමුදාපති කියයි

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 2- අලූත් ආසාදිතයෝ 47ක්: මිනුවන්ගොඩ පොකුර 2122 ට නගී

- කොරෝනා රෝගීන් වෙනුවෙන් ප‍්‍රාදේශීය රෝහල්ද සූදානම් කරයි

- රාජ්‍ය ආයතන අත්‍යවශ්‍ය කටයුතුවලට පමණයි: මහජන දිනයන් නතර වෙයි

- අගලවත්තේ කොරෝනා ආසාදිතයෝ 3ක් - ආශි‍්‍රතයෝ 69ක් නිරෝධායනයට

- පිටකොටුව හතර වැනි හරස් වීදියේ ආයතනයක සේවකයන් 4 කට කොරෝනා

- මීගමුවෙන් ආසාදිතයෝ 24 ක්: ගම්පොළින් 5ක්

- කොරෝනා වැළඳුණු නැව් තටාකාංගණ සේවකයා අම්බලන්ගොඩ සිට සාගරිකා දුම්රියෙන් කොළඹ ඇවිත්

බ‍්‍රැන්ඩික්ස් පොකුරෙන් ඇරඹී රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මේ වන විට රෝගය වැළ`දුණු ආකාරය නිශ්චිතව තහවුරු කරගත නොහැකි ආසාදිතයන් කිහිප දෙනකුද වාර්තා වී තිබේ.

එම තත්ත්වය තුළ මේ වන විට කොරෝනා වසංගතය මෙරට සමාජය අතරට ගමන් කර ඇතැයි යනුවෙන් ජනතාව තුළ සැකයක් මතුව තිබුණද මේ දක්වා එවැන්නක් සිදුව නැති බව සෞඛ්‍ය අංශ ස`දහන් කරයි.

කෙසේ වෙතත් ඉදිරි සතිය ඉතාම තීරණාත්මක සතියක් බව කොරෝනා මර්දන ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ (19 වැනිදා) ස`දහන් කළේය.

පවතින තත්ත්වය තුළ රටේ ජනතාව අතර බියක් හටගෙන ඇති බව ඊයේ දිනයේ පෙනී ගිය විශේෂිත කරුණක් වූ අතර ජනතාව නිවෙස්වලින් බැහැර නොවන තත්ත්වයක් ඇතිවී තිබීම නිසා කොළඹ නගරය ඇතුළු නගර රැුසක් පාළුවට ගිය ස්වභාවයක් ද දක්නට ලැබිණි.

බ‍්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරෙන් තවත් ආසාදිතයන් 47 දෙනකු ඊයේ දහවල් වන විට නැවත වාර්තා වී තිබුණු අතර ඒ අනුව බ‍්‍රැන්ඩික්ස් පොකුරෙන් හමු වූ සමස්ත ආසාදිතයන් ගණන 2122 දක්වා ඉහළ ගියේය.

මෙම පිරිසෙන් බහුතරයක් බ‍්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කළ සේවකයන් වූ අතර ආශි‍්‍රතයන් ලෙස වෛරසය ආසාදනය වූ පුද්ගලයන් දහසකට අධික පිරිසක් ද වාර්තා විය.

මෙසේ මොහොතින් මොහොත රට පුරා වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යෑමත් සම`ග රෝගීන්ට අවශ්‍ය ප‍්‍රතිකාර ලබාදීම ස`දහා ප‍්‍රාදේශීය රෝහල් යොදා ගැනීමට සෞඛ්‍ය අංශ ඊයේ පියවර ගෙන තිබිණි.

මේ වන විට කොරෝනා ආසාදිතයන් ස`දහා රෝහල් 19 ක ප‍්‍රතිකාර කටයුතු සිදු කෙරෙන අතර පවතින තත්ත්වය හමුවේ අදාළ ප‍්‍රාදේශීය රෝහල්වල අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදුකර රෝගීන්ට පහසුකම් සැලසීමට ද සෞඛ්‍ය බලධාරීහු පියවර ගනිමින් සිටියහ.

ඇතිවී තිබෙන මෙම තත්ත්වය හමුවේ නැවත දැනුම් දෙනතුරු රාජ්‍ය ආයතනවල මහජන දිනයන් පැවැත්වීම නතර කිරීමට ද රජය ඊයේ තීරණය කරනු ලැබීය.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කාර්යාල වෙත යෑම අත්‍යවශ්‍ය කටයුතුවලට පමණක් සීමා කරන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවට දැනුම් දී තිබුණු අතර රාජ්‍ය ආයතනවල කටයුතු අත්‍යවශ්‍ය සේවාවන්ට පමණක් සීමා කරන බව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා පැවසීය.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය නිසා ජනතාව ගමන් කිරීම අවම වීමෙන් දුම්රිය සහ ලංගම බස්රථවල ආදායම ද ශීඝ‍්‍ර ලෙස පහත වැටී ඇති බව දුම්රිය හා ලංගම බලධාරීහු ස`දහන් කළහ.

මේ වන විට ඇති වී තිබෙන තත්ත්වය හමුවේ දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුව ඇති දිනක පාඩුව රුපියල් ලක්‍ෂ පනහක් පමණ වන අතර ලංගමයට රුපියල් ලක්‍ෂ 350 ක පමණ පාඩුවක් දෛනිකව සිදුවන බවද ඔවුහු පැවසූහ.

බ‍්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ බලපෑම මේ වන විට කළුතර මතුගම ප‍්‍රදේශයට දැඩි ලෙස එල්ල වී තිබෙන අතර එය ඊයේ වන විට අගලවත්ත නගරය දක්වා ව්‍යාප්ත වී තිබුණු බවද වාර්තා විය.

අගලවත්ත ප‍්‍රදේශයෙන් ඊයේ දිනයේ කොරෝනා වෛරසය ආසාදනය වූවන් තිදෙනකු හ`දුනාගෙන තිබිණි. මේ හේතුවෙන් ඔවුන්ගේ ආශි‍්‍රතයන් 69 දෙනකු ඊයේ සිට නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත. එසේම මේ වන විට අගලවත්ත ඇතුළු අවට ප‍්‍රදේශවල පුද්ගලයන් 178 පමණ පීසීආර් පරීක්‍ෂණවලට යොමු කළ බව ප‍්‍රදේශයේ සෞඛ්‍ය අංශ ස`දහන් කළේය.

මතුගම බස්නැවතුමේදී ආසාදිත කොන්දොස්තරවරයකු සමග බස් රථයක් තුළ කතාබහ කර ඇති වලව්වත්ත ප‍්‍රදේශයේ බස් කොන්දොස්තරවරයකුට, කොළඹ නැව් තටාකාංගණයේ සේවය කරන බේරගම අයකුට සහ කැකුලන්දල ප‍්‍රදේශයේ අයකුට මෙසේ කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණු බවද ප‍්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීහු අනාවරණය කළහ.

මොවුන් සංචරණය කිරීම නිසා අගලවත්ත නගරයේ රාජ්‍ය බැංකුවක් හා වෙළෙ`දසල් කිහිපයක්ද වසා දැමීමට පියවර ගෙන ඇති අතර ප‍්‍රදේශයේ ඇ`ගලූම්හල් සේවිකාවන්ට අනතුරු ඇ`ගවීමට ද කටයුතු කර ඇත.

කොළඹ පිටකොටුව හතරවැනි හරස් වීදියේ ව්‍යාපාරික ආයතනයක සේවය කළ සේවකයන් සිව් දෙනකුට ද කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ දහවල් වාර්තා විය.

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් පොකුරේ ආශි‍්‍රතයෙක් එම ආයතනයේ සේවය කිරීම නිසා සිදු කළ පීසීආර් පරීක්‍ෂණයකට අනුව මේ බව අනාවරණය වූවේ යැයි කොළඹ නගර සභා වසංගත රෝග ඒකකයේ වෛද්‍ය දිනුකා ගුරුගේ මහත්මිය ස`දහන් කර තිබිණි.

ඇති වූ තත්ත්වයත් සම`ග අදාළ ආයතනයේ සේවය කළ සේවකයන් 35 දෙනකු නිරෝධායනය සඳහා නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට ද සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත.

මීගමුව නගරාශ‍්‍රිතව ඊයේ දහවල් වන විට කොරෝනා ආසාදිත රෝගීන් 24 දෙනකු අලූතින් හඳුනාගත් බව මීගමුව නගර සභාවේ ප‍්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක පී. වී. ගුණරත්න මහතා පැවසීය.

මීගමුව මුන්නක්කරය, සිරිවර්ධන පෙදෙස, ශාන්ත ජෝශප් පාර, රාජපක්‍ෂ පළල් පාර සහ කටුවාපිටිය යන ප‍්‍රදේශවලින් මෙසේ රෝගීන් වාර්තා වී ඇත.

මීගමුව නගර සභා වෙළෙ`ද සංකීර්ණයේ රෙදිපිළි අලෙවි සලක් පවත්වාගෙන ගිය ව්‍යාපාරික යුවළකටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව ඊයේ වාර්තා වීමෙන් අදාළ වෙළෙඳ සංකීර්ණය වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.

එහි සිටි පිරිස 100 ක් පමණ දෙනාට අද (20 වැනිදා) පීසීආර් පරීක්‍ෂණ සිදු කිරීමට නියමිත අතර අදාළ වෙළෙ`ද සලට පැමිණි පාරිභෝගිකයන් හ`දුනා ගැනීම ස`දහා විමර්ශනයක්ද අරඹා ඇත.

මේ අතර කටුනායක ආයෝජන කලාපයේ ආයතන 13 කින් ඊයේ වන විට කොරෝනා ආසාදිතයන් වාර්තා වී තිබෙන බවද සෞඛ්‍ය බලධාරීහු අනාවරණය කළහ.

මේ අතර පොලොන්නරුව ප‍්‍රදේශයේ පුද්ගලයන් 186 දෙනකු නිරෝධායනයට යොමු කර සිටින බව පොලොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩබ්ලිව්. කේ. ඩබ්ලිව්. එස්. කුමරවංශ මහතා ස`දහන් කළේය.

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක පවුල් 13 කට අයත් පුද්ගලයන් 46 දෙනකු සහ කොරෝනා ආසාදිත බවට පොලොන්නරුව රෝහලේදී මීට දින කිහිපයකට පෙර අනාවරණය වූ බෝගස්වැව කාන්තාවගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් සහ ආශ‍්‍රිතයන් 101 ක් මෙන්ම ඇය ප‍්‍රතිකාර ලැබූ පොලොන්නරුව රෝහලේ 22 වාට්ටුවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 49 ක් මෙසේ නිරෝධායනයට යොමු කර සිටිති.

එසේම මේ වන විට පොලොන්නරුව වැලිකන්ද පිහිටි විශේෂිත රෝහලේ ආසාදිත රෝගීන් 107 දෙනකු ප‍්‍රතිකාර ලබමින් සිටින බවද සෞඛ්‍ය අංශ ස`දහන් කළේය.

ගාල්ල කරන්දෙණිය ප‍්‍රදේශයේ පදිංචි කොළඹ නැව් තටාකාංගණයේ සේවය කරන අයකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව ඊයේ අනාවරණය වීම නිසා ඔහුව ප‍්‍රතිකාර ස`දහා දිවුලපිටිය රෝහලට යොමු කළ බව ගාල්ල දිස්ති‍්‍රක් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර සිංගාරච්චි මහතා ස`දහන් කළේය.

මොහු පසුගිය දිනවල දිනපතා සාගරිකා නමැති දුම්රියෙන් අම්බලන්ගොඩ සිට කොළඹ සේවයට පැමිණ ඇති බවද අනාවරණය වී තිබෙන අතර ඔහුගේ බිරි`ද සහ දරු දෙදෙනාත් අසල්වැසි නිවසක පුද්ගලයනුත් නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් පොකුරේ ව්‍යාප්තියත් සම`ග එහි සිට ගම්පොල ප‍්‍රදේශයට පැමිණ දින 15ක කාලයක් පුරා ගම්පොළ ප‍්‍රදේශයේ සැරිසරමින් සිටි පුද්ගලයකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව පෙරේදා (18 වැනිදා) අනාවරණය වී තිබේ.

පසුව ගම්පොළ පොලිසිය මගින් ඔහු ලග්ගල, පල්ලේගම රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර මෙම පුද්ගලයා ගම්පොළ මිල්ලගහමුල ගොනටුවල ප‍්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි සිව්දරු පියකු බව ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරීවරයා පැවසීය.

මෙම පුද්ගලයා මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ විහාරස්ථානයක පෙදරේරුවකු ලෙස සේවය කරමින් සිටියදී බ‍්‍රැන්ඩික්ස් සේවකයන් සම`ග ඇසුරු කර ඇති අතර එම විහාරස්ථානයේ භික්‍ෂූන් වහන්සේලාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවීමත් සම`ග ඉකුත් 3 වැනිදා පොදු ප‍්‍රවාහන සේවා මගින් ගම්පොළට පැමිණ එතැන් සිට තවත් බස් රථයකින් පන්විලතැන්න මිල්ලගහමුල ප‍්‍රදේශයට ගොස් ඇති බව අනාවරණය වී ඇත.

එසේ පැමිණීමෙන් අනතුරුව ඔහු ගම්මානයේ නිවාස තිහකට පමණ සහ වෙළෙ`දසල් කිහිපයකට ගොස් තිබීම නිසා අදාළ පුද්ගලයන් නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කර තිබෙන බව පොලිසිය පැවසීය.

මේ වන විට ගම්පොළ ප‍්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 5 දෙනකු හමු වී ඇති අතර ඒ සෑම ආසාදිතයකුම ගම්පොළ සෞඛ්‍ය බලධාරීන්ට හසු නොවී ප‍්‍රදේශයේ විවිධ තැන්වල සැරිසැරීම නිසා මේ වන විට ගම්පොළ ප‍්‍රදේශය දැඩි අවදානමකට ද ලක්ව ඇත.

මේ අතර මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය බල ප‍්‍රදේශයට අයත් වෙනිවැල්පිටිය ගම්මානයේ කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පී. චමින්ද කුමාර මහතා ස`දහන් කළේය.

කටුනායක ආයෝජන කලාපයේ ඇ`ගලූම් ආයතනයක සේවය කරන මෙම කාන්තාව පසුගියදා පීසීආර් පරීක්‍ෂණයකට යොමු කිරීමට ප‍්‍රදේශයේ සෞඛ්‍ය අංශ පියවර ගැනීමෙන් පසු ඇයට වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වීම නිසා ඊයේ ඇයව ප‍්‍රතිකාර ස`දහා රෝහල්ගත කිරීමට කටයුතු කර ඇත.

ඇගේ පවුලේ සාමාජිකයන් සහ ඇයව සමීපව ඇසුරු කළ මිල්ලනිය ප‍්‍රදේශයේ නිවාස හතක පුද්ගලයන් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගත් බවද සෞඛ්‍ය අංශ ස`දහන් කරයි.

සමන් ගමගේ, කරුණාරත්න ගමගේ, ටෝනි කරුණානායක සහ විමල් කීර්ති

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles