Divaina - රිෂාඩ් රිමාන්ඩ් - ඇල්ලූවේ දෙහිවල සුපිරි මහල් නිවසකින්

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 1- සැඟවී සිටීමට ආධාර කළ වෛද්‍යවරිය ඇතුළු 6 ක් ඇතුළට

-සැකකරු මාධ්‍යයට වසන් කළ සී අයි ඞී නිලධාරීන් හෙළි කරන ලෙස උසාවියෙන් නියෝග

පසුගිය ජනාධිපතිවරණයේදී රජයට අයත් රුපියල් ලක්‍ෂ 95 කට අධික මුදලක් සම්බන්ධයෙන් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමෙන් පොදු දේපළ පනත යටතේ ගැනෙන වැරදි සහ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත යටතේ වැරදි සිදුකළේ යැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතා ලබන 27 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (19 දා) පස්වරුවේ නියෝග කළේය.

පසුගිය ජනාධිපතිවරණයේදී රජයට අයත් රුපියල් ලක්‍ෂ 95 කට අධික මුදලක් සම්බන්ධයෙන් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමෙන් පොදු දේපළ පනත යටතේ ගැනෙන වැරදි සහ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත යටතේ වැරදි සිදුකළේ යැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතා ලබන 27 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (19 දා) පස්වරුවේ නියෝග කළේය.

එම සැකකරුට සැඟවී සිටීමට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරියක ඇතුළු සැකකරුවන් හය දෙනකු ද ලබන 27 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට ද මහෙස්ත‍්‍රාත්වරයා එහිදී නියෝග කළේය.

තමන් නීතියට ඉහළින් සිටිනා බව සිතමින් නීතියේ ආධිපත්‍යයට අභියෝග කරමින් සැඟවී සිටි රිෂාඞ් බදුර්දීන් පමණක් නොව එවැනි සැකකරුවකු නිවසේ සඟවාගෙන සිටි ගුරුවරයා ඔහුගේ බිරිඳ වන විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සෙසු සැකකරුවන් ද ඉතා බරපතළ ලෙස නීතියට අභියෝගයක් කර ඇති බැවින් ඒ සැමට මින්මතු එවැනි වැරදි කළ නොහැකි වන අන්දමේ පාඩමක් කියාපාන අයුරින් නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ ඉල්ලීම සලකා බැලූ මහෙස්ත‍්‍රාත්වරයා එම නියෝගය කළේය.

ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන මේ දක්වා අවසන් වී නොමැති අවස්ථාවකදී එකී සැකකරුවන්ට ඇප ලබාදීමක් සිදුකළහොත් ඉදිරි විමර්ශනවලට දැඩි බාධාවක් වන්නා සේම සැකකාර රිෂාඞ් බදුර්දීන් යළිත් අධිකරණය මඟහැර යෑමේ ප‍්‍රවණතාවක් පවතින්නේ යැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය. පැමිණිල්ල වෙනුවෙන් ඉදිරිපත් කළ එකී කරුණු තම අධිකරණයට ද පිළිගත හැකි බව පෙන්වා දුන් මහෙස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා පළමුවැනි සැකකාර හා මේ වනවිටත් තම අධිකරණය විසින් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින තුන්වැනි සැකකාර ව්‍යාපෘති ගණකාධිකාරීවරයා වෙනුවෙන් කළ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් ඇප නියෝගය එදින නිකුත් කරනා බව පෙන්වා දුන්නේය.

සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට පැය 24 කට පෙර ඔහු සම්බන්ධයෙන් ආවේක්‍ෂණය කරන ලෙසට නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට නියෝග කොට තිබූ බවත් ඒ බව කෙටි පණිවුඩ මඟින් දැනගත් පසු ඔහු පමණක් නොව ඕනෑම අයකු සැඟවී සිටීම ස්වභාවික කරුණක් බවත් පළමු වැනි සැකකාර රිෂාඞ් බදුර්දීන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

සිය උගත් මිතුරාට කිසිවකු හෝ ලබාදුන් වැරදි උපදෙසක් අනුව ඔහු කරුණු දක්වන්නේ යැයි එම ප‍්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් ප‍්‍රකාශ කළ දිලීප පීරිස් මහතා නීතිපතිවරයා විසින් එකී නියෝගයට අදාළ කෙටි පණිවුඩය නිකුත් වූයේ ඊයේ (19 දා) බව ද පෙන්වා දුන්නේය.

නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට එවැනි නියෝගයක් නිකුත් කර තිබුණේ හිටපු මහ බැංකු අධිපතිවරයා මෙන්ම රිෂාඞ් බදුර්දීන් නමැති සැකකරු ද රටින් පලා යෑමට තිබූ ඉඩකඩ ඇහිරීමට බව අධිකරණයට පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එකී සැකකරු සම්බන්ධයෙන් නීතිපතිවරයා ලබාදුන් නියෝගය ඒ ආකාරයෙන් ඉටු කළේ නම් ඔහුට මෙලෙස පොලිසිය මඟහැර කට්ටි පනිමින් සිටීමට නොහැකි වන්නේ යැයි ද පෙන්වා දුන්නේය.

නීතිපතිවරයාගේ එකී නියෝගය අනුව පොලිසිය කටයුතු නොකළ බවත් එමඟින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිය රාජකාරිය නිසියාකාරව ඉටුකර නොමැති බවත් දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

සැකකාර රිෂාඞ් බදුර්දීන් ඊයේ (19 දා) අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැුගෙන එන විට ඔහුව මාධ්‍යයට ආවරණය කිරීම වළක්වමින් කටයුතු කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකර ඔවුන්ගේ නම් ඊළඟ නඩු දිනයේදී වහාම අධිකරණයට ඉදිරිපත් කරනා ලෙසට ද මහෙස්ත‍්‍රාත්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කළේය. වෙනත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරනා විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ ආකාරයෙන් කටයුතු නොකරන බව පෙන්වා දෙමින් මහෙස්ත‍්‍රාත්වරයා එම නියෝගය කළේය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ එකී අයුතු ක‍්‍රියා කලාපය සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ කරුණු දැක්වීම කෙරෙහි අවධානය යොමු කළ මහෙස්ත‍්‍රාත්වරයා එම නියෝගය කළේය.

එම සැකකරුට අද (20 දා) පාර්ලිමේන්තු රැුස්වීමට සහභාගි කරවීමට සුදුසු නියෝගයක් කරන්නැයි සැකකාරි රිෂාඞ් බදුර්දීන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එකී ඉල්ලීම බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් කරනා ලෙසත් බන්ධනාගාර ප‍්‍රතිපාදන අනුව ඔහු කටයුතු කරනු ඇති බවත් මහෙස්ත‍්‍රාත්වරයා එහිදී සැකකරුගේ නීතිඥවරයාට පෙන්වා දුන්නේය.

සැකකාර රිෂාඞ් බදුර්දීන් එකී බස් රථ යොදා ගනිමින් ඡුන්දදායකයන් ප‍්‍රවාහනය කර ඇත්තේ ඔහුගේ ඡුන්ද බල ප‍්‍රදේශයට බවත් එහිදී අධිකරණයට පෙන්වා දුන් දිලීප පිරිස් මහතා ඒ සඳහා වැය කළ මුදල් එක්තරා රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ආපසු ගෙවා ඇති බව සැකකාර පාර්ශ්වය පෙන්වා දුන්නත් සැබැවින්ම එම මුදල ගෙවා ඇත්තේ එකී රාජ්‍ය නොවන සංවිධානය නොව සැකකාර හිටපු අමාත්‍යවරයාගේ පක්‍ෂය නියෝජනය කළ අලි සබ්රි නමැති මන්ත‍්‍රීවරයාගේ ප‍්‍රතිපාදනවලින් බව අනාවරණය වී ඇතැයි ද අධිකරණයට පෙන්වා දුන්නේය. එකී රාජ්‍ය නොවන සංවිධානය නාමිකව පවතින එකක් බවත් තම සංවිධානය විසින් එවැනි ගෙවීමක් නොකළ බවත් එහි අත්සන තමාගේ නොව එය හොරට ගැසූ අත්සනක් බව එකී ලේකම්වරයා වන අබ්දුල් මුසාලිෆ් නමැත්තා ප‍්‍රකාශයක් ලබාදී ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

සිය සේවාදායකයාට එරෙහිව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පනත යටතේ ගැනෙන චෝදනාව ඔප්පු වුවහොත් ලබාදිය හැකි දඬුවම වන්නේ රුපියල් 300 දඩයක් හෝ වසර තුනක කාලයකට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීම පමණක් වන්නේ යැයි රිෂාඞ් බදුර්දීන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

මහජන ඡුන්දයෙන් පත්වී මහජන මුදලින් නඩත්තු වන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වන සැකකාර රිෂාඞ් බදුර්දීන් කටයුතු කර ඇත්තේ මහජන නියෝජිතයකු ලෙස නොව රස්තියාදුකාරයකු ලෙසයි. නීතියේ ආධිපත්‍යයට අභියෝගයට ලක්කරමින් නීතිය අපහසුතාවට හා උපහාසයට ලක්කරමින් පුරා දින හයක් ඔහු සැඟවී සිටි පසුගිය 14 x 15 යන දින දෙක කළුබෝවිල ප‍්‍රදේශයේ පිහිටි විශේෂඥ වෛද්‍යවරයකුගේ නිවසේ සැඟවීමට ගොස් ඇත්තේ එම නිවසේ සී. සී. ටී. වී. යන්ත‍්‍ර හා ඞී. වී. ආර්. යන්ත‍්‍රය ගලවා දැමීමට උපදෙස් ලබාදීමෙන් පසුවයි. පුත්තලම ප‍්‍රදේශයේ සිට ඡුන්දදායකයන් 11,600 ක් පමණ ප‍්‍රමාණයක්ම ඡුන්ධය ප‍්‍රකාශ කිරීම සඳහා රැුගෙන යෑමට එවකට මුදල් අමාත්‍යවරයා අනුමත කර ඇත්තේ නිසි ක‍්‍රමවේදය අනුගමනය කිරීමෙන් පසුව එය කරනා ලෙසයි. ඒ කියන්නේ එකී අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නිසි අනුමැතිය ලබාගෙන එම කටයුතු කරනා ලෙසටයි. නමුත් මේ සැකකාර රිෂාඞ් බදුර්දීන් ඒ සඳහා යොදාගත් බස් රථවලට මුදල් ගෙවීමට අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිසි අනමැතිය අරගෙන නෑ.

ඡුන්දදායකයන් ප‍්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව පනවා තිබෙන නීතිරීති හා උපදෙස් අනුගමනය කර නෑ. සැකකරු එලෙස රජයේ මුදල් තමන්ගේ පක්‍ෂයේ කටයුතු සඳහා යොදවා ගැනීමෙන් ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ පනත යටතේ ගැනෙන වැරදි මෙන්ම පොදු දේපළ පනත යටතේ ගැනෙන වැරදි සිදුකර තිබෙනවා. එය මහජන මුදලින් දේශපාලන ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීමක්.

තමන්ගේ ගෙදර ඞී. වී. ආර්. යන්ත‍්‍රය ජංගම දුරකථනය අක‍්‍රිය කර සැඟවී සිටි එම සැකකරුගේ පෙර හැසිරීමත් දැන් වගේම තමයි. ඔහුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනය කිරීමට නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කොට තිබෙනවා.

පුත්තලම ප‍්‍රදේශයෙන් අක්කර 3000 ක් මිලදී ගැනීම, මන්නාරම ප‍්‍රදේශයේ රුපියල් ලක්‍ෂ 370 ක් වැයකර ගොඩනැඟිල්ලක් ඉදිකිරීම, විල්පත්තු වන විනාශය, මන්නාරම හිටපු මහෙස්ත‍්‍රාත්වරයාට දුරකථනයෙන් තර්ජනය කර පසුව එම අධිකරණයට ගල් ගැසීම ඇතුළු චෝදනා තියෙන අයෙක් මේ සැකකරු.

ඔහුගේ බිරිඳ එක්තරා බැංකුවකින් රුපියල් මිලියන 550 ක් ණය මුදලක් ලබාගෙන එය මාස තුනක කාලයක් ඇතුළත ගෙවා තිබෙනවා.

මහජන මුදලින් නඩත්තු වන අපි මහජනතාවට වගකිව යුතුයි. විමර්ශනවලට බාධාකර පලාගොස් සැඟවී සිටියදී දැඩි වෙහෙසක් දරලා දින හයකට පසුව අත්අඩංගුවට ගෙන මෙම සැකකරුව ඊයේ (19 දා) අධිකරණයට ඉදිරිපත් කරන්න ගෙන එන විටදීත් ඔහුට විශේෂ අනුග‍්‍රහයක් දක්වා ඇති බව පෙනෙනවා. ඔහුව රැුගෙන ආව ජීප් රථය කෙළින්ම ගරු මහෙස්ත‍්‍රාත්තුමාගේ නිල රථය නවත්වන ස්ථානයටම ගෙනැවිත් මාධ්‍යවේදීන්ට ඔහුගේ ඡුායාරූප හෝ දර්ශන ලබාගත නොහැකි ලෙස සිවිල් ඇඳුමින් සැරසී සිටි නිලධාරීන් විශාල පිරිසක් ආවරණය කරමින් තමයි ඇතුළට අරගෙන තියෙන්නේ. පැමිණිල්ල නෙමෙයි කවුරු කළත්

වැරැුද්ද වැරැුද්දමයි. ඒ නිසා ඔහුව අධිකරණයට රැුගෙන ඒමේදී දක්වා තිබෙන ඒ විශේෂ ආවරණය ගැන විශේෂ විමර්ශනයක් කරන්න කියලා ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. එහෙම කෙනෙකුට විමර්ශන නිලධාරීන් හරි විශේෂ අනුග‍්‍රහයක් දක්වනවා නම් ඒකට නීතිපතිවරයා වෙනුවෙන් මම විරුද්ධත්වය දක්වනවා. රජයේ නිලධාරියෙක් ලෙස මම එවැනි දේවල් දැක දැකත් අස අසාත් නිහඬව ඉන්න බෑ. තමා නීතියට වඩා ඉහළින් සිටින චණ්ඩියෙක් ලෙස සිතාගෙන සිටින බවට සිතාගෙන සිටින මේ සැකකරු ඊයේ (19 දා) අලූයම 3.40 ට පමණ දෙහිවලදී සැඟවී සිටියදී අත්අඩංගුවට ගත්තේ.

ඔහුව ඊයේ අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු කියලා තියෙනවා එහෙනම් ඔයගොල්ලෝ මාව හොයාගත්තා නේද කියලා.

මේ විදියට නීතිය හෑල්ලූවට ලක්කරන අයෙකුට ඇප දුන්නොත් යළි අධිකරණයට ගෙන්න ගන්න ලැබෙන එකක් නෑ. ඒ නිසා ඇප දීමට දැඩිව විරුද්ධ වෙනවා. මොහුට ඇප දුන්නොත් සාක්‍ෂිවලට බලපෑම් කරන්න පුළුවන්.

පසුගිය 13 වැනිදා ඔබතුමාගේ අධිකරණය විසින් ඔහු සම්බන්ධයෙන් ලබාදුන් නියෝගය දැනගන්නා විට ඔහු මන්නාරමේ සිට කොළඹ පැමිණෙමින් සිට තිබෙනවා. ඔහු වහාම හලාවත, මාදම්පේ ප‍්‍රදේශයේදී වාහනයෙන් බැහැලා අතුරුදන් වුණා. රජයේ පොලිස් නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ පැමිණෙමින් සිටි ඔහු දවස් හයකට පසුව ඊයේ තමයි අත්අඩංගුවට ගත්තේ. එසේ සැඟවී සිටියදීත් එක්තරා වෘත්තිකයන් පිරිසක් ඔහු වෙනුවෙන් මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වා කියා තිබෙනවා මේ සැකකරු 20 වැනිදා අභියාචනාධිකරණ නියෝගයෙන් පසුව එන බවට කියා තිබෙනවා. අධිකරණය මඟහැර පලාගිය සැකකරුවෙක් වග ඔහුගේ නඩ තමයි එම මාධ්‍ය හමුවේදී එළිදක්වා තිබෙන්නේ.

රජයේ අධිනීතිඥ අකිල අමුණුගම, රජයේ අධිනීතිඥ කසුන් සරත්චන්ද්‍ර, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ වසන්ත පෙරේරා, ජනක බණ්ඩාර යන මහත්වරුන් සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප් පීරිස් මහතා පැමිණිල්ල මෙහෙයවීය.

නීතිඥ ආනෝල්ඞ් ප‍්‍රියන්තන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ කේ. වී. නඩරාසා, ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න ඇතුළු නීතිඥ මණ්ඩලයක් විත්තිය නියෝජනය කළේය.

දින 4 ක් තිස්සේ සැ`ගවී සිටි හිටපු ඇමැති රිෂඞ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායම් 6 ක් පුළුල් විමර්ශන ක‍්‍රියාත්මක කර තිබිණි.

සැකකාර හිටපු ඇමැතිවරයාට අයත් ජංගම දුරකථන සහ ඔහුගේ හිතවතුන්ට අයත් ජංගම දුරකථන සම්බන්ධයෙන්ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ක‍්‍රියාත්මක කළේය.

ඒ අනුව සැකකාර හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන් මහතා දෙහිවල ඒ බර්නයිසර් පෙදෙසේ නිවාස සංකීර්ණයේ සුපිරි මහල් නිවාසයක සැ`ගවී සිටින බවට තොරතුරු ලැබී තිබිණි.

ඒ අනුව එම නිවසට ඊයේ අලූයම 3.00 ට පමණ කඩා වැදුණු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම නිවසේ නිදා සිටි හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී සැකකරුට දින 4 ක් තිස්සේ පොලිසියෙන් බේරී සැ`ගවී සිටීමට ආධාර අනුබල දුන් නාවික හමුදා රෝහලේ වෛද්‍යවරියක, ඉංජිනේරුවරයකු, පෞද්ගලික පංති පවත්වන ගුරුවරයකු, ව්‍යාපාරිකයකු සහ තවත් අයකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සියලූ සැකකරුවෝ මුස්ලිම් ජාතිකයෝ වෙති. පසුව සැකකරුවන් සියලූ දෙනා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැුගෙන ගොස් ඊයේ අලූයම සිට ඔවුන්ගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කටයුතු කළහ.

ඒ. ජේ. ඒ. අබේනායක,හේමන්ත රන්දුණු සහ කශුනි රෙබෙකා
ඡායාරූපය - තුෂාර අතපත්තු

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles