Divaina - 20 න් අස්ථාවර රාජ්‍ය යාන්ත‍්‍රණයක් බිහිවීමේ ඉඩක්... මෙය හැදුවේ ජනපතිත් රජයත් කෙරෙහි විශ්වාසය පළුදු කරන අදිසි හස්තයක් දැයි සැකයි... ඇල්ලේ ගුණවංශ හිමි ඇතුළු හිමිවරුන් හය නමකගෙන් ජනපතිට ලිපියක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

සිරිමන්ත රත්නසේකර
 
sangasanga500විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් නීතියේ පාලනයක් නොමැති අස්ථාවර රාජ්‍ය යාන්ත‍්‍රණයක් බිහිවීමට බොහෝ ඉඩකඩ පවතින බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු හිමිවරු හයදෙනකු ඊයේ (16 වැනිදා* ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත එම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ලිපියක් යොමු කරමින් දන්වා ඇත.
 
 එම ව්‍යවස්ථා සංශෝධනය සකසා ඇත්තේ ජනාධිපතිවරයාගේ ජයග‍්‍රහණය පිටුපස සිටි ජාතික බලවේග හා ජනතා අපේක්ෂාවන් සම්පූර්ණයෙන්ම නොසලකා හරිමින් බවත් මේ පිටුපස ජනාධිපතිවරයාත් රජයත් කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය පළුදු කර රටත් ජාතියත් පාවාදීමට ක‍්‍රියා කරන කුමන්ත‍්‍රණකරුවන්ගේ අදිසි හස්තයක් තිබේද යන්න සැක මතු වන බවත් එහි දැක්වේ.
 
 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කළ එම ලිපිය සඳහා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි ඇතුළු පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, පූජ්‍ය මල්වානේ චන්දරතන හිමි සහ පූජ්‍ය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති යන හිමිවරු අත්සන් තබා තිබේ.
 
 එසේම එම ලිපියෙහි පිටපත් අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලා වෙත ගෞරව පෙරදැරි සෙසු ආගමික නායකතුමන්ලා වෙත ද අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රධාන අමාත්‍ය මණ්ඩලය වෙත ද සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප‍්‍රධාන පාර්ලිමේන්තු මන්තී‍්‍රතුමන්ලා වෙත ද යොමු කර ඇත.
 
 පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු එම හිමිවරුන් හයදෙනාගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත යොමු කළ එම ලිපියෙහි වැඩිදුරටත් මෙසේ ද දැක්වේ.
 
 ශී‍්‍ර ලංකාවේ ජනතාව ඔබ තුමාගෙන් අපේක්ෂා කරන ලද්දේ බුද්ධ ශාසනය, ජාතික උරුමය, සිංහල ජාතිය, හෙළ සංස්කෘතිය හා දේශීය සම්පත් ඇතුළු සමස්ත රටත්, ජනතා පරමාධිපත්‍යයත් ආරක්ෂා කර ගනිමින් රටත් ජනතාවත් සෞභාග්‍යය වෙත ගෙන යන
 
 ගමනට නායකත්වය ලබා දීම යි. එකී අපේක්ෂාව ඇතිව භික්ෂුන් වහන්සේලා පෙරටුකොට ගත් ජාතික සංවිධාන විසින් දේශපේ‍්‍රමී ජනතාව ඔබතුමා වටා එක් සේසත් කරවීය. ඔබතුමාගේත්, ඔබ තුමාගේ නායකත්වය පිළිගන්නා ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණු ආණ්ඩුවේත් ජයග‍්‍රහණයට වගකිව යුතු සැබෑ බලවේගය වූයේ එකී ජාතික සංවිධාන විසින් ජනගත කර බල ගන්වන ලද දේශපේ‍්‍රමී ජාතික චින්තනය ය.
 
 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එනු ලබන්නේ ශක්තිමත් ආණ්ඩුවක් බිහි කිරීමේ අරමුණින් බව කියවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී යාන්ත‍්‍රණයක් තුළ කි‍්‍රයාත්මක වන ශක්තිමත් රාජ්‍යයක් ස්ථාපිත කිරීමේ ව්‍යවස්ථාවක් ජනතාවගේ සැබෑ බලාපොරොත්තුව යි. එහෙත් 20න් බිහි කරනුයේ අත්තනෝමතික ලෙස විධායකය මෙහෙයවිය හැකි වූත්, ව්‍යවස්ථාදායකය හා අධිකරණය තම අණසකට යටත් කරන්නට තරම් බලයක් සහිත ජනාධිපතිවරයකු හා දුබල අමාත්‍ය මණ්ඩලයකි. ජනතාවගේ ආදරය දිනාගත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ බලය හා ස්ථාවරත්වය හීන කරවන 20 මගින් අමාත්‍යවරුන්ව හා අමාත්‍ය බලතල තම අභිමතය අනුව ඕනෑම වෙලාවක වෙනස් කිරීමට ජනාධිපතිට බලය ලැබේ. 30කට සීමා කර තිබූ අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව සම්බන්ධ සීමාව ඉවත් කිරීමේ යටි අරමුණු ද තිබිය හැකි ය. ජනාධිපතිවරයා වෙත ව්‍යවස්ථාවෙන් පවරා දී ඇති වගකීම් රාශියක් ඉවත් කර ඇති අතර ජනාධිපති ධුරය දරන්නා විසින් කරනු ලබන ව්‍යවස්ථා විරෝධී කි‍්‍රයාවන් අධිකරණය හමුවේ අභියෝග කිරීමේ අයිතිය ද ජනතාවට අහිමි කර තිබේ. සමස්තයක් ලෙස 20න් නීතියේ පාලනයක් නොමැති අස්ථාවර රාජ්‍ය යාන්ත‍්‍රණයක් බිහි වීමට බොහෝ ඉඩකඩ පවතී.
 
 20 සකසා තිබෙන්නේ ජනාධිපතිතුමාගේ ජයග‍්‍රහණය පසුපස සිටි ජාතික බලවේග හා ජනතා අපේක්ෂාවන් සම්පූර්ණයෙන් ම නොසලකා හරිමිනි. ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කිරීම සම්බන්ධ අවම දැනුමක් වත් නොමැත්තෙකුගේ කර්තෘත්වයක් පෙන්වන මෙම කෙටුම්පත දැනටමත් ජනතාවගේ අප‍්‍රසාදයට ලක් ව තිබේ. එය දේශපාලන මෙන් ම සමාජමය අර්බුදයක ඇරඹුමකි. ඔබතුමාත්, ආණ්ඩුවත් කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය පළුදු කිරීමේ කූට අරමුණින් යුතුව රටත් ජාතියත් පාවා දීමට කි‍්‍රයා කරන කුමන්ත‍්‍රණකරුවන්ගේ අදිසි හස්තයක් මෙම කි‍්‍රයාදාමය පිටුපස තිබේ දැයි ද සැක මතු වේ.
 
 එබැවින් ජනතාවගේ අපේක්ෂාවන් යටපත් වන අයුරින් එම කෙටුම්පතේ ඇතුළත් කර තිබෙන පහත සංශෝධනයන් කෙරෙහි අපි ඔබතුමාගේ අවධානයට යොමු කර සිටිමුු. එනම්
 
 (අ* හදිසි පනත් කෙටුම්පත් ගෙන ඒම සඳහා ප‍්‍රතිපාදන හඳුන්වා දීම
 
 රටට ජාතියට වින කරන පනත් කෙටුම්පත් රාශියක් යහපාලන ආණ්ඩු සමයේ දී ගෙන එනු ලැබූ විට ඒවා පරාජය කරන්නට හැකි වූයේ භික්ෂුන් වහන්සේ ඇතුළු දේශපේ‍්‍රමී පුරවැසියන් විසින් ඒවා ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අභියෝග කළ හෙයිනි. එය ජනතාවට ඇති අයිතියකි. හදිසි පනත් ගෙන එනු ලබන කි‍්‍රයාවලියේ දී එම අයිතිය ජනතාවට අහිමි වෙයි. එය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ය. 1987 දී 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ජනතා කැමැත්තට එරෙහිව බලහත්කාරයෙන් ගෙන ආ පරිද්දෙන් ම අනාගතයේ දී එම්.සී.සී වැනි රට පාවාදෙන නීති හදිසි පනත් ලෙස පැනවිය හැකි ය. එවැන්නක් සඳහා ඉඩකඩ විවර වීම මෙම ආණ්ඩුවෙන් හෝ ඔබතුමාගෙන් කිසිසේත් ම අපේක්ෂා නො කෙරිණි.
 
 (ආ* අමාත්‍ය මණ්ඩලය, නියෝජ්‍ය අමාත්‍යවරුන් හා කැබිනට් නොවන ඇමැතිවරුන් හා ඔවුන්ගේ ලේකම්වරුන් විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 7 වන උපලේඛනයේ සඳහන් දේශය තුළ වෙනම රාජ්‍යයක් ඇති නොකරන බවට පොරොන්දු වෙමින් ලබා දිය යුතු ප‍්‍රතිඥාව ව්‍යවස්ථාවේ 53 වගන්තියෙන් ඉවත් කිරීම
 
 ජාතික ආරක්ෂාවටත්, ඒකීය රාජ්‍යයටත් සෘජු තර්ජනයක් වන මෙම සංශෝධනත් ඒ සමගම පැන නැගුණු ජනතා විරෝධය මැඬලීමට විෂයභාර අමාත්‍යවරයා විසින් ගන්නා ලද උත්සාහයත් අපි දැඩිව හෙළා දකිමු. අවසානයේ දී එය හුදෙක් අතපසු වීමක් යැයි පවසා සිටීම ද තවත් භයානක කරුණකි. ඊට හේතුව වන්නේ මෙම ව්‍යවස්ථා කෙටුම්පත කොතරම් නොසැලකිලිමත් බවකින් යුතුව සකසා තිබෙන්නේ දැයි එමගින් තහවුරු වන හෙයිනි.
 
 (ඇ* පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස පත් වීම සඳහා පනවා ඇති ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ බාධකය ඉවත් කිරීම
 
 ද්විත්ව පුරවැසියෝ සැම විටම රටවල් දෙකකට පක්ෂපාතී වෙති. යහපාලන ආණ්ඩුව පැවැති කාලයේ දී අප ලැබු අත්දැකීම වන්නේ ශී‍්‍ර ලංකාවේ භූමිය හා සම්පත් කොල්ලකෑමේ හා රාජ්‍ය ආරක්ෂාව දුර්වල කිරීමේ ප‍්‍රයත්න
 
 ගණනාවක් ජාත්‍යන්තර බලවතුන් විසින් කි‍්‍රයාත්මක කිරීම යි. එම උපක‍්‍රම අතර ඔවුන්ට හිතැති නීති සම්පාදනය කිරීමේ උත්සාහයන් ද කැපී පෙනුනි. බලවත් විදේශ රටවලට පක්ෂපාතී වන හා විදේශ රටවල දරු පවුල් පුරවැසිභාවය ලබා රැුඳී සිටින තැනැත්තන් අපගේ නීති සම්පාදකයින් කිරීමේ භයානකකම එයයි. ඔවුන් අප රටට හිතවත්ව හා පක්ෂපාතීත්වයෙන් යුතුව කටයුතු කරතැයි සහතික විය නොහැකිය. එබැවින් පාර්ලිමේන්තු මන්ති‍්‍ර ධුරයක් පමණක් නොව රජයේ ඕනෑම උසස් තනතුරක් දැරීම ද්විත්ව පුරවැසියන්ට තහනම් කළ යුතු ය. එසේ තිබිය දී ද්විත්ව පුරවැසියන්ට මන්ත‍්‍රීධුර දැරීමට ඇති තහනම ඉවත් කිරීම රාජ්‍ය ආරක්ෂාවට ද ජනතා පරමාධිපත්‍ය බලයට ද තර්ජනයකි.
 
 (ඈ* විගණකාධිපතිවරයාගේ විෂය පථයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති ලේකම් කාර්යාලය හා රජය විසින් සියයට 50ක් කොටස් දරන සමාගම් ඉවත් කිරීම
 
 ශී‍්‍ර ලංකා ටෙලිකොම්, ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම වැනි රජය විසින් කොටස් දරණ සමාගම් සියයකට අධික සංඛ්‍යාවක් පවතී. මේවායින් බොහෝමයක් ම රටේ සම්පත් පරිහරණය කිරීම පිළිබඳව සෘජු ලෙස බලපෑම් කළ හැකි ඒවාය. එම සමාගම්වල ආයෝජනය කර තිබෙන්නේ ජනතාවගේ මුදල් ය. මෙම ආයතන විගණකාධිපතිවරයාගේ අධීක්ෂණයෙන් ඉවත් කිරීමේ සෘජු ප‍්‍රතිඵලය වන්නේ දූෂණයට රුකුල් දීමකි. එනම් ජනතාවගේ මුදල් අවභාවිතයට පාර කැපීමකි. ජනාධිපතිගේ හා අගමැතිගේ ලේකම් කාර්යාලත්
 
 විගණකාධිපතිවරයාගේ පථයෙන් ඉවත් කිරීමේ ප‍්‍රතිථලය ද අල්ලස් හෝ දූෂණ විමර්ශනය කිරීම සඳහා වූ කොමිසම, ජාතික ප‍්‍රසම්පාදන කොමිසම, විගණන සේවා කොමිසම ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමේ ප‍්‍රතිඵලය ද වන්නේ දූෂණයට රුකුල් දීමක් වේ.
 
 ඔබතුමාගෙන් අප බලාපොරොත්තු වූයේ දූෂණයට ඇති ඉඩකඩ අවහිර කිරීම මිස ඒවාට තව තවත් ඉඩ ලබා දීම නොවේ.
 
 (ඉ* ශේ‍්‍රෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් හා අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින්ව පත් කිරීමේ අභිමතානුසාරි බලයක් ජනාධිපති වෙත ලබා දීම.
 
 මෙවැනි අසීමිත බලතල මගින් අධිකරණයේ ස්වාධීනත්වය බලවත් අනතුරකට ලක් වේ. සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක සිදුවිය යුත්තේ ජනාධිපතිට ඇති මෙවැනි බලතල පාර්ලිමේන්තුවේ හෝ පාර්ලිමේන්තු සභාවේ අනුමැතියට යටත් කිරීමයි. එවැනි සැබෑ සංවරණ හා තුලන ක‍්‍රමවේදයන් රාජ්‍ය යාන්ත‍්‍රණය තුළ කි‍්‍රයාත්මක විය යුතු ය.
 
 (ඊ* මැතිවරණ කොමිෂන් සභාව විසින් හා නීතිය මගින් පනවන විධිවිධාන උල්ලංඝනය කරන තැනැත්තන්ට එරෙහි ව අධිකරණමය කි‍්‍රයා මාර්ග ගැනීමට ඇති හැකියාව ඉවත් කිරීම.
 
 මැතිවරණ කොමිෂන් සභාව විසින් හා නීතිය මගින් පනවන විධිවිධානවලට පටහැනිව කි‍්‍රයා කරන තැනැත්තන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරිමට හැකි වගන්තිය ඉවත් කිරීමේ සෘජු ප‍්‍රතිඵලය වන්නේ මැතිවරණ නීති කඩකරන්නන් හට ඒ සඳහා අවස්ථාව ලබාදීමය. මෙය දූෂිත මැතිවරණ ක‍්‍රමයකට රුකුල් දෙන සංශෝධනයකි. මෙවැනි සංශෝධන අපි දැඩිව හෙළා දකිමු.
 
 (උ* ඇමැතිවරුන්ගේ ගණන 30කට සීමා කිරීමේ වගන්ති ඉවත් කිරීම
 
 අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 30කටත් කැබිනට් නොවන අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 40කටත් සීමා කිරීමේ වගන්තියක් පනවා තිබෙන්නේ වසර ගණනාවක් තිස්සේ ජනතාව විසින් ඒ සඳහා කරනු ලැබූ දැඩි බලකිරීම්වල ප‍්‍රතිඵලයක් ලෙස වේ. අසීමිත අමාත්‍යවරුන් සංඛ්‍යාවක් පත් කිරීමට තිබෙන අවකාශය ප‍්‍රයෝජනයට ගෙන සුළු අන්තවාදී පක්ෂවලට බහුතර ජනතාවගේ ඡුන්දයෙන් පත්කරන ආණ්ඩු සමග කේවල් කිරීම සඳහා අවස්ථාව ලැබේ. මෙහි අනිසි විපාකය වන්නේ බහුතර කැමැත්ත යටපත් කරමින් අන්තවාදී පක්ෂවලට ආණ්ඩුව මෙහෙයවීමේ අයිතිය ලැබීමයි. රිෂාඞ් බදුර්දීන් හිටපු අමාත්‍යතුමා වැනි අන්තවාදීන් මේ වන විට ආණ්ඩුවත් සමග සමීපව කටයුතු කිරීමට පටන්ගෙන තිබෙන්නේ අනාගතයේ දී මෙවැනි සංශෝධනවල වාසිය ලබා ගැනීමේ යටි අරමුණ ඇතිව දැයි සැක පහළ වී තිබේ. එසේ ම අසීමිත අමාත්‍යවරුන් සංඛ්‍යාවක් සිටීම හුදෙක් මුදල් නාස්තියක් පමණක් නොව විධායක යාන්ත‍්‍රණය අවුල් සහගත තත්ත්වයකට පත් කරන සාධකයක් බව ජනතාව හොඳින් ම දනිති.
 
 මෙම ආණ්ඩුව පත් වීමේ දී ජනතාවට දුන් පොරොන්දුව වූයේ අලූත් ව්‍යවස්ථාවකි. ජනතාවගේ අපේක්ෂාව වූයේ ද එයයි. ව්‍යවස්ථාවට අවිධිමත් ලෙස සංශෝධන කිරීමේ ආදීනව ජනතාව විසින් අත්දැක තිබේ. කුමන ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනයක දී වුව ද දැනට රට මුහුන පා සිටින සැබෑ අර්බුදවලට විසඳුම් ලබා දීමට පියවර ගත යුතුය. ඒවා අතර ජාත්‍යන්තර සම්මුතීන් හා ගිවිසුම් අනිවාර්යයෙන් ම පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත් ව අත්සන් කිරීම සහතික කරන
 
 වගන්ති ද, නිශ්චිත ලෙස ජාතික ප‍්‍රතිපත්ති හා සැලසුම් සකස් කර නීතිගත කිරීම අනිවාර්ය කරන වගන්ති ද, උතුරු හා නැගෙනහිර ඒකාබද්ධ කිරීමට පහසුවන පරිදි හා සමස්ත රටට ම නීති පැනවීම සඳහා පාර්ලිමේන්තුවට බාධා ගෙන එමින් 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් හඳුන්වා දි තිබෙන ප‍්‍රතිපාදන ඉවත් කෙරෙන වගන්ති ද, දේශීය සම්පත් හා භූමිය විදේශකයින්ට විකිණීම තහනම් කරන වගන්ති ද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අභිනවයෙන් ඇතුළත් කළ යුතු බව අවධාරණය කර සිටිමු.
 
 මේ වන විටත් රට තුළ ආන්දෝලනයට
 
 ලක් ව තිබෙන 20 වැනි සංශෝධනය ඉදිරිපත් කර තිබෙන ආකාරයෙන් සම්මත කර ගැනීම සම්බන්ධයෙන් නැවත සිතා බැලිය යුතු ව ඇත. එසේ තිබිය දීත් එම සංශෝධනය සම්මත කරන්නට කටයුතු කරන්නේ නම් අවම වශයෙන් මෙහි සඳහන් කර තිබෙන සංශෝධන සිදු කරන මෙන් ඔබතුමන්ව බලයට පත් කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කළ භික්ෂුන් වහන්සේ, ජාතික සංවිධාන ඇතුළු දේශපේ‍්‍රමී ජනතාව නියෝජනය කරමින් අපි ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles