Divaina - ඇඳිරිනීතිය ඉවත් කළ විට මිනුවන්ගොඩ ස.තො.සයි ධීවර වෙළෙඳ සලයි වහලා.. මිනිස්සු හූල්ල හූල්ල යති

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september


 
 මිනුවන්ගොඩ ටෝනි කරුණානායක
 
 satosa273ඇඳිරිනීතිය පවතින ප‍්‍රදේශවල අත්‍යවශ්‍ය වෙළෙඳසල් විවෘතව තබන ලෙස රජය ප‍්‍රකාශයට පත් කළ ද මිනුවන්ගොඩ නගරයේ පිහිටි ලංකා ස.තො.ස වෙළෙඳසල සහ ධීවර සංස්ථාවේ වෙළෙඳසල වසා දමා තිබීම හේතුවෙන් ඊයේ (16 දා* මිනුවන්ගොඩ සහ ඒ අවට ප‍්‍රදේශවාසීහු දැඩි අපහසුතාවට පත් වූහ.
 
 සෞඛ්‍ය අංශ උපදෙස්වලට අනුව සහ කළමනාකාරිත්වයේ තීරණය මත අලෙවි සල තාවකාලිකව වසා ඇති බවට ලංකා ස. තො.ස වෙළෙඳ සලේ වීදුරුවක් මත දැන්වීමක් අලවා තිබුණි.
 
 ‘‘අපි දෛනිකව උපයා ගන්නා මුදලින් - එදා වේල සකසා ගන්නේ. පවතින ඇඳිරිනීතිය හේතුවෙන් දින 13ක් නිවසට වෙලා හිටියේ. කොරෝනා නිසා කවුරුත් අපිට වැඩ දෙන්නේ නැහැ. බොහොම අමාරුවෙන් රුපියල් 500ක් සොයා ගෙන ස.තො.සට ආවේ එදා වේල පිරිමහගන්න බඩු ටිකක් ගන්න. ඒකත් වහලා’යැයි ස.තො.සට පැමිණ ආපසු යමින් සිටි කාන්තාවක් ඉතා සංවේදී වෙමින් එසේ පවසා සිටියාය.

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles