Divaina - මහනුවර පස් මහල කඩාවැටීම... හිමිකරු ලෙව්කේ රිමාන්ඞ්... මියගිය තිදෙනා වෙනුවෙන් නීතිඥවරු 101 ක් පෙනී සිටිති

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

සමන්තී වීරසේකර

lewle555රජකාලේ ගොඩනැඟිල්ලක් කැඩුණු විට මේසන්බාස්ට දඬුවම් දෙන්නා සේ, මෙම නඩුව විභාග කළ නොහැකි යැයි ද රාජ්‍ය ආයතන නිලධාරීන් විශාල පිරිසකගේ මැදිහත්වීම පිළිබඳව ගැඹුරින් විමර්ශනය කරමින් මෙය විභාග කළ යුතු යැයි ද මහනුවර අතිරේක මහෙස්ත‍්‍රාත් සම්පත් ගමගේ මහතා පස්මහල් ගොඩනැඟිල්ල කඩා වැටීමට අදාළ නඩුව ඊයේ (29දා* විභාග කරමින් කියා සිටියේය.

මහනුවර බූවැලිකඩ සංඝමිත්ත මාවතේ කඩා වැටුණු පස්මහල් ගොඩනැඟිල්ලේ හිමිකරු වන අනුර ලෙව්කේ නමැති හිටපු බස්නායක නිලමේවරයා ඔක්තෝම්බර් දහතුන්වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහනුවර අතිරේක මහෙස්ත‍්‍රාත් සම්පත් ගමගේ මහතා එහිදී නියෝග කළේය.

නොසැලිකිලිමත් ක‍්‍රියාවකින් තිදෙනෙකුට මරණය සිදුකිරීම සහ දේපළවලට අලාභහානි සිදුකිරීම යන චෝදනා යටතේ දණ්ඩ නීති සංග‍්‍රහයේ 298 හා 291 වගන්ති යටතේ පොලිසිය සැකකරුට එරෙහිව මහනුවර පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සමරනායක බණ්ඩාර මහතා නඩු පවරා තිබිණි. එම අංශයේ උප පොලිස් පරීක්ෂක අත්තනායක, පොලිස් කොස්තාපල් 46934 අස්වින් යන නිලධාරීන් ඊට අදාළව අධිකරණයට කරුණු දැක්වූහ.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් මහනුවර නීතිඥ සංගමයේ ලේකම් බණ්ඩාර කරුණානායක මහතා ඇතුළු නීතිඥයන් එකසිය එක් දෙනෙකු පෙනී සිටියේ ස්වෙච්ඡුාවෙනි. මියගිය චමිලා නීතිඥ වෘත්තියේ යෙදී සිටි අතර ඇය වෙනුවෙන් යුක්තිය ඉටුවිය යුතුය යන චේතනාව ඇතිව නීතිඥ සංගමය ඉදිරිපත්ව සිටින බව කරුණානායක මහතා කියා සිටියේය.

විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා සමඟ නීතිඥවරුන් වන නන්ද සේනානායක, සමන් තන්තරිගේ, තිස්ස සෙනෙවිරත්න යන මහත්වරු ද පෙනී සිටියහ.

අදාළ නිවස ඉදිකිරීමට විත්තිකරු අවශ්‍ය සියලූ අනුමැතීන් ලබාගෙන තිබෙන බැවින් මෙම

ගොඩනැඟිල්ල කඩා වැටීමේ වගකීම එම අනුමැතීන් ලබාදුන් පාර්ශ්ව විසින් භාරගත යුතු බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා මහෙස්ත‍්‍රාත්වරයා හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.

මහල් දෙකක් ගොඩනැඟීමට පදනම දමා මහල් පහක් ගොඩනඟා තිබෙන බවත් විත්තිකරු අදාළ නිවස ගොඩනඟා තිබෙන්නේ තමන්ට ජීවත්වීමට බවත් කඩා වැටෙන අවස්ථාව තෙක්ම ඔහු එහි ජීවත්ව සිටි බවත් ප‍්‍රකාශ කළ විත්තියේ නීතිඥවරයා මෙයට අනුමැතිය ලබාදුන් මහනුවර මහ නගර සභාව සමඟ සෙසු අනුමැතීන් ලබාදුන් සියලූම ආයතන මෙයට වගකිව යුතු බවද අධිකරණය හමුවේ කියා සිටියේය. නිවසේ උදවිය යන විට බල්ලන් ඒ පසුපස යෑම සාමාන්‍ය බව ද අර්සකුලරත්න මහතා අධිකරණයට කියා සිටියේය.

ඉන්දීය නීති සහ ඊට අදාළ නීති පොත් උපුටා දක්වමින් අර්සකුලරත්න මහතා විනාඩි පහළොවකට ආසන්න වේලාවක් අධිකරණයේ කරුණු දැක්වූයේ දේශනයක් පරිද්දෙනි. මේ සම්බන්ධව දීර්ඝ විමර්ශනයක් කළ යුතු බවත් ඒ සඳහා ලිඛිත සාක්ෂි ලිපිගොනු විමර්ශනය කළ යුතු බවත් මෙහිදී මහෙස්ත‍්‍රාත්වරයා ප‍්‍රකාශ කළේය.

මහල් දෙකක් ගොඩනැඟීමට පදනම දමා තිබූ ස්ථානයේ විත්තිකරු අවස්ථා හතරකදී එහි මහල් පහක් ගොඩනඟා ඇති බව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින් අධිකරණයේදී සවිස්තරාත්මක කරුණු ඉදිරිපත් කළේය.

මෙවන් ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා අවශ්‍ය අනුමැතීන් ආයතනික මට්ටමෙන් ලබාගත් බව විත්ති පාර්ශ්වය ප‍්‍රකාශ කළ ද එම අනුමැතින් ලබාගත්තේ කිසියම් බලපෑමක් මත ද යන්න සොයා බැලිය යුතු බවත් අතිරේක මහෙස්ත‍්‍රාත්වරයා විවෘත අධිකරණයේදී කියා සිටියේය.

මහනුවර පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එස්. බණ්ඩාර මහතා අධිකරණයේ කරුණු දක්වමින් මෙම ගොඩනැඟිල්ල කඩා වැටීම ආරම්භ වී ඇත්තේ පාන්දර 4.40 ට බවත් එය සම්පූර්ණයෙන් කඩා වැටී තිබෙන්නේ පාන්දර 4.57 ට බවත් පැවසුවේය. අදාළ කාලය තුළ අවට සිටි අයට මේ සම්බන්ධව දැනුම්දීමට කාලය තිබී ඇති බව ද ඒ මහතා ප‍්‍රකාශ කළේය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා විත්තිකරුට ඇප ලබාදෙන ලෙස ඉල්ලීමක් කළ අතර පොලිසිය ඊට විරුද්ධත්වය දැක්වීය.

සැකකරුට එරෙහිව නඩු පැවරීමට පෙර පොලිසිය මහනුවර මහ නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය, භූ විද්‍යා හා පතල් කාර්යාංශය ඇතුළු ආයතන ගණනාවකින්

ගොඩනැඟිල්ල සම්බන්ධ වාර්තා ලබාගෙන තිබිණි. අදාළ ලියකියවිලි සියල්ල බී වාර්තාවක් මඟින් අධිකරණය හමුවේ දක්වා තිබිණි.

සියලූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත‍්‍රාත්වරයා අහිංසක ජීවිත තුනක් අහිමි කරමින් සිදුවූ මෙම සිදුවීමට අදාළව තවදුරටත් දීර්ඝ ලෙස විමර්ශනය කළ යුතුව ඇති බව කීවේය. ගොඩනැඟිල්ල සංකූලතා සහිතව සහ

ගොඩනැඟිල්ල ගුණාත්මක බවින් තොරව ඉදිකිරීමට හේතු වූ කරුණු කවරක් ද යන්න සොයා බැලිය යුතු බැවින් ද මෙසේ කඩා වැටුණු ගොඩනැඟිල්ලේ සුන්බුන් පවා මේ වනවිට ආරක්ෂිත තත්ත්වයන් යටතේ පවතින බැවින් ද සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරමින් ඉදිරි විමර්ශන සිදුකරන බවට තීන්දු කළේය.

පස්මහල් ගොඩනැඟිල්ල කඩා වැටීමෙන් අඹුසැමි යුවළක් හා ඔවුන්ගේ දින 49 ක් වයසැති දරුවා මරණයට පත්වූයේ ඉකුත් සැප්තැම්බර් විසිවැනිදා අලූයමය. මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදුකෙරේ. අදාළ නඩුව යළි ඔක්තොම්බර් දහතුන් වැනි දින කැඳවීමට නියමිතය.


 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles