Divaina - පැකට් කරලා අනුරාධපුරයට, පොලොන්නරුවට, සහ යාපනයට විකුණලා... කූරදෙනිය කසළ තේ කම්හලට සීල්... කිලෝ 20000 ක් සමග සැකකරු අත්අඩංගුවට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

tea55
  ගම්පොල - සුරංග දිල්හාන්
 
 නීති විරෝධී ලෙස කසළ තේ තොග තබාගෙන එම කසළ තේ කිසිදු ආවරණයක් නොමැතිව සිමෙන්ති පොළොවේ දමා ඉතා අපිරිසිදු ලෙස අව්වේ වේළමින් මහජන සෞඛ්‍යයට හානි වන ලෙස නිමි තේ සකසන ස්ථානයක් වෙලම්බොඩ පොලිසිය මගින් වටලා එහි හිමිකරු සමග කසළ තේ කිලෝ විසිදහසක් 28 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.
 
 පොලිසිය පවසන්නේ කසළ තේ කිලෝ තුන්දහසක් සඳහා බලපත‍්‍ර ලබාගෙන ඊට වඩා වැඩි ප‍්‍රමාණයක් මෙසේ ගබඩා කොට මෙම ජාවාරම සිදුකර ඇති බවයි.
 
 විශාල කොන්කී‍්‍රට් වහලක් මත එකවර කිලෝ දහස බැගින් බිම දමා වේළා ගැනීම සිදු කරන අතර එහිදී මෙම තේ කොළවලට විවිධ අපද්‍රව්‍ය හා ක්‍ෂුද්‍ර ජීවීන් එකතු වන බව පොලිසිය සඳහන් කරයි.
 
 වෙලම්බොඩ කූරදෙනිය මාර්ගයේ පිහිටි මෙම නීති විරෝධී කසළ තේ කොළ ගබඩාව මුද්‍රා තැබීමට පොලිසිය පියවර ගත් අතර එය තේ මණ්ඩල නිලධාරීන්ගේ පරීක්‍ෂාවට ලක් කිරීමට නියමිතය.
 
 වෙලම්බොඩ ප‍්‍රදේශයේ දිගින් දිගටම මෙවැනි කසළ තේ ගබඩා වැටලීම සිදු කරන අතර මීට දින දෙකකට පෙර මෙම ප‍්‍රදේශයේ දී කසළ තේ කොළ කිලෝ 15000 ක් අත්අඩංගුවට ගනු ලැබීය.
 
 මෙසේ සකසන තේ කොළ අනුරාධපුර, යාපනය, පොලොන්නරුව ආදී ප‍්‍රදේශවලට අලෙවි කරන බවද පොලිසිය අනාවරණය කරගෙන ඇත.
 
 මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ, වෙලම්බොඩ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක වසන්ත සුදසිංහ යන නිලධාරීන්ගේ උපදෙස් මත පාලන අංශ ස්ථානාධිපති මංජුල සේනාරත්න, ¥ෂණ මර්දන අංශ ස්ථානාධිපති ශාලිත කරුණාරත්න, පොලිස් සැරයන් (61207* නුවන්, පො.කො. (77957* බණ්ඩාර, (30677* කරුණානායක යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles