Divaina - සුරාබදු නියාමක කුඩු ජාවාරමේ... වැටලීම් කර අල්ලන මත්කුඩු තොග පිටින් සොරාගෙන විකුණලා... කෝටියක ‘මැන්ඩි’ සමග 3 ක් මාට්ටු

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september


 
 හේමන්ත රන්දුණු

kudus2
 
 සුරාබදු දෙපාර්තමේන්තුවේ ශී‍්‍ර ජයවර්ධනපුර වැටලීම් ඒකකයේ සුරාබදු නියාමකවරයකු විසින් මෙහෙයවූ බව කියන මත්ද්‍රව්‍ය ජාවාරමක සුලමුල හෙළිකර ගත් පොලිස් විශේෂ කාර්ය බළකාය රුපියල් කෝටියකට අධික වටිනාකමෙන් යුත් මැන්ඩි නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය සමග එම සුරාබදු නිලධාරියා ඇතුළු ජාවාරම්කරුවන් තිදෙනකු පෙරේදා (28 දා* රාති‍්‍ර අත්අඩංගුවට ගෙන ඇත.
 
 සුරාබදු වැටලීම් ඒකකය මගින් අත්අඩංගුවට ගන්නා හෙරොයින් තොග පිටින් සොරාගෙන ඒවා සංවිධානාත්මක කණ්ඩායමක් හරහා අලෙවි කර ඇත්තේ සැකකාර සුරාබදු නියාමකවරයා විසින් බව විශේෂ කාර්ය බළකාය පවසයි.
 
 මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතුව තිබී මැන්ඩි නමැති මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 653 යි මිලිග‍්‍රෑම් 380 ක්, මෝටර් රථයක් සහ ජංගම දුරකථන 5 ක් විශේෂ කාර්ය බළකාය භාරයට ගෙන ඇත.
 
 මැන්ඩි නමැති මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් එකක් රුපියල් දසදහසකට අධික මිලකට අලෙවි වන අතර ඒවා සුපිරි හෝටල්වල පැවැත්වෙන සාද සඳහා ධනවත් පුද්ගලයන් පාවිච්චි කරන බවද විශේෂ කාර්ය බළකාය පවසයි.
 
 පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශය වෙත ලැබුණු තොරතුරක් මත ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නදීක සිල්වා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් පෙරේදා සවස හංවැල්ල කළුඅග්ගල ප‍්‍රදේශයේදී මෝටර් රථයක යමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන පරීක්‍ෂා කිරීමේදී එම සැකකරු සතුව තිබී රුපියල් කෝටියකට අධික වටිනාකමෙන් යුත් මැන්ඩි මත්ද්‍රව්‍ය තොගය හමුවී ඇත.
 
 එම සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත හංවැල්ලේම පදිංචි තවත් පුද්ගලයකු විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.
 
 දෙවැනි සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ මෙම මැන්ඩි මත්ද්‍රව්‍ය තොගය සුරාබදු නියාමකවරයකු විසින් ඉකුත් 23 වැනිදා ගෙනැවිත් භාරදුන් බවයි.
 
 ඒ අනුව විමර්ශන පැවැත්වූ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නදීක සිල්වා ඇතුළු නිලධාරීන් ශී‍්‍ර ජයවර්ධනපුර මෙහෙයුම් ඒකකයේ රාජකාරිකරමින් සිටි සුරාබදු නියාමකවරයා එම කාර්යාලයේදී පෙරේදා රාති‍්‍ර 11.30 ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ.
 
 මෙම සංවිධානාත්මක කල්ලිය මෙහෙයවා ඇත්තේ සුරාබදු නියාමකවරයා විසින් බවත් මොවුන් කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවී සිට ඇති බවත් විමර්ශනවලින් හෙළිවී තිබේ.
 
 සැකකාර සුරාබදු නියාමකවරයා ඇතුළු සැකකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදී ඇත.
 
 සැකකාර සුරාබදු නියාමකවරයා ජයවර්ධනපුර මෙහෙයුම් කාර්යාලය මගින් අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය සොරාගෙන අලෙවි කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් ආරම්භ කර තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නදීක සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles