Divaina - රිමාන්ඞ් කිරීමේ ඉල්ලීම ඉවතට නිව් ඩයමන්ඞ් නැවේ කපිතාන්ට රට යෑම තහනම්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p1 1 පසුගිය 3 වැනිදා බොරතෙල් ප‍්‍රවාහනය කරමින් සිටියදී ශ‍්‍රී ලංකාවට ඔබ්බෙන් පිහිටි මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ එම්. ටී. නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්වරයා ලෙස කටයුතු කළ හිරෝස් එලියාස් මහතා රක්‍ෂිත බන්ධනාගාරගත  කරන ලෙසට නීතිපතිවරයා කළ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් මොහොමඞ් මිහාර් මහතා ඔහුට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීම වළක්වමින් ඊයේ (28 දා) පස්වරුවේ නියෝගයක් නිකුත් කළේය.
 
 එම නියෝගය වහාම ආගමන විගමන පාලකවරයා වෙත හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා වෙත යැවීමට ද එහිදී නියෝග කළ මහෙස්ත‍්‍රාත්වරයා ඔහු දැනට රැුඳී සිටින ස්ථානය වෙනස් කරන්නේ නම් ඒ බව අධිකරණය දැනුවත් කරන ලෙසට ද නියෝග කළේය.
 
 අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනවලට අවශ්‍ය පූර්ණ සහාය ලබාදෙන ලෙසට ද ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා එහිදී සැකකාර කපිතාන්වරයාට නියෝග කළේය.
 
 එම නඩුව ඊයේ උදෑසන කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු දක්වමින් විමර්ශනවල සැකකරුවකු ලෙස නම්කොට අධිකරණයට කැඳවනු ලැබූ එම කපිතාන්වරයාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකොට නඩු පැවරීමට පියවර ගන්නා බව අධිකරණයට දැනුම් දුන්නේය. එලෙස නඩු පැවරීමට පෙර ඔහු අධිකරණය මඟහැර යෑමට ඉඩ ඇති බැවින් තම දෙපාර්තමේන්තුව ඔහු රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝගයක් ඉල්ලා සිටින්නේ යැයි ද කියා සිටි දිලීප පීරිස් මහතා ඔහු යටතේ සිටින නාවිකයන් 20 දෙදෙනා ගෙන් හයදෙනකු හැර සෙසු 14 දෙනාම විමර්ශන සඳහා අවශ්‍ය ප‍්‍රකාශ ලබාදීම පවා ප‍්‍රතික්ෂේප කර ඇතැයි ද පැවසීය.
 
 නීතිපතිවරයාගේ එම ඉල්ලීමට සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දැඩිව විරුද්ධත්වය දක්වමින් සිය සේවාදායකයා අධිකරණයට කැඳවීම සඳහා සිතාසි නිකුත් කිරීමේ නීතිමය බලයක් මහෙස්ත‍්‍රාත් අධිකරණයට නොමැති බව පෙන්වා දුන්නේය. එකී කපිතාන්වරයා සම්බන්ධයෙන් මහෙස්ත‍්‍රාත් අධිකරණයට නියෝගයක් ලබාදීමේදී නීතිමය බලයක් නොමැති නම් ඔහු අධිකරණයට රැුගෙන ආවේ කුමන කාරණයක් නිසා දැයි එහිදී සැකකරුගේ නීතිඥවරයාගෙන් විමසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සැකකරුගේ නීතිඥවරයා එවැනි මූලික විරෝධතාවක් ඉදිරිපත් කොට ඇත්තේ එම සැකකරුට අධිකරණය මඟහැර යෑමට ඉඩකඩ සැලසීමේ අරමුණින් වන්නේ යැයි ද පැවසීය.
 
 කුමන අන්තර්ජාතික සම්මුති තිබුණත් අපේ රටේ නීතියට අදාළව ඒවා ක‍්‍රියාත්මක කළ යුත්තේ යැයි පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සැකකාර කපිතාන්වරයා නැවේ හටගත් ගින්න මැඩපැවැත්වීමට හෝ ඒ බව දැනුම් දීමට පියවර නොගෙන සමුද්‍රීය දූෂණ වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වගන්ති හතරක් උල්ලංඝනය කර තිබීම නිසා රටේ ජීවය වන මහ සයුරට සිදුවූ විනාශයට නිසි වන්දි අයකර ගැනීම සඳහා ඔහුට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැවරූ බව ද අධිකරණයට පෙන්වා දුන්නේය.
 
 ඔහු අතුරුදන් වුවහොත් එම නඩු පැවරීම ගැටලූවක් වන නිසා රජයේ නිරීක්‍ෂණය යටතේ රඳවා ගැනීමේ අවශ්‍යතාව මත තමා එම ඉල්ලීම කරන නමුත් ඔවුන් මේ වනවිට එක්තරා දුරකට වින්දිතයකු වන්නේ යැයි කියන කරුණ තම දෙපාර්තමේන්තුව අමතක කර නොමැති බව ද දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට කියා සිටියේය.
 
 මහාධිකරණය හමුවේ නඩු පැවරූ වහාම වරද පිළිගෙන නියමිත දඩ මුදල් ගෙවා නිදහස් වීමට සිය සේවාදායකයා සූදානම් බව ද සැකකාර කපිතාන්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා එහිදී පැවසූ අතර අවශ්‍ය ලේඛන සකස් කළ වහාම නඩු පවරන බවත් සැකකාර කපිතාන්වරයාගේ නොසැලකිලිමත්භාවය නිසා හටගත් ගින්නෙන් පසුව මහ මුහුදට ඉන්ධන මිශ‍්‍රවීමෙන් මුහුදට විශාල හානියක් සිදුවී ඇති බව මොරටුව විශ්වවිiාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අජිත් ද සිල්වා මහතා ප‍්‍රමුඛ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, ආචාර්යවරුන් 14 දෙනකුගෙන් සමන්විත කමිටුව ඉදිරිපත් කළ වාර්තා අනුව පැහැදිලි වන බවත් දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.
 
 විමර්ශන නිලධාරීන්ට සහාය ලබාදීමට අවශ්‍ය නියෝග ලබාදීමට තම අධිකරණයට බලයක් ඇති බව පැහැදිලි වන්නේ යැයි එහිදී විවෘත අධිකරණය හමුවේ පැවසූ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා ඒ සඳහා බලයක් නොමැති බවට සැකකරුගේ නීතිඥවරයා දැක්වූ කරුණු තම අධිකරණය බැහැර කරන්නේ යැයි ද පෙන්වා දුන්නේය.
 
 කපිතාන්වරයා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීම හෝ දඩ නියම කිරීමේ බලය ඇත්තේ මහාධිකරණයට හෝ අද්මිරාල් බලය සහිත මහාධිකරණයකට පමණක් වන බැවින් ඔහු රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමේ ඉල්ලීම තම අධිකරණය ප‍්‍රතික්ෂේප කරන බව මහෙස්ත‍්‍රාත්වරයා පැවසීය. සමුද්‍රීය දූෂණ වැළැක්වීමේ පනත යටතේ සැකකාර කපිතාන්වරයාට රුපියල් මිලියන 30 ක දඩයක් නියම කිරීමේ හැකියාව තිබෙන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එහිදී කියා සිටියේය.
 
 එම නඩුව ලබන 12 වැනිදා යළි කැඳවීමට අධිකරණය නියම කළේය. සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සභාපතිනි නීතිඥ දර්ශනි ? මහත්මිය නීතිඥ නෙරංජනී ද සිල්වා මහත්මිය, නීතිඥ හර්ෂණී කාරියවසම්, ආචාර්ය ඩෑන් ප‍්‍රදීප් කුමාර යන මහත්ම මහත්මීන් සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතර නාවික හමුදාව නියෝජනය කරමින් නීතිඥ තිවංක කරුණාරත්න මහතා පෙනී සිටියේය.
 
 නීතිඥ විපුල විමලසේකර මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සැකකාර කපිතාන්වරයා වෙනුවෙන් පෙනී සිටියේය.
 
 ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක අබේසිංහ, සහකාර පොලිස් අධිකාරි මිහිඳු අබේසිංහ යන මහත්වරු ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටියහ.
 
 ඒ. ජේ. ඒ. අබේනායක සහ කශුනි රෙබෙකා
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles