Divaina - රටින් පැන්න නිශාන්ත සිල්වා ගෙන්වන්න

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p1 1- දේශපාලන පළිගැනීම් කොමිසමේ  සභාපති සීඅයිඞීයට නියෝග කරයි

මේ වන විට රට හැර ගොස් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා යළි මෙරටට  ගෙන්වා ගැනීම සඳහා ඔහු සිටින රට සොයා බලා වාර්තා කරන ලෙස දේශපාලන  පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනපති කොමිසමේ සභාපති විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට පෙරේදා (26 දා) නියෝග කළේය.

එසේම පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා යන මහත්ම මහත්මීන්ට ද ලබන ඔක්තෝබර 09 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසද කොමිසමේ සභාපතිවරයා නියම කළේය.

හිටපු යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා විසින් කොමිසමට කළ පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේදී එම පැමිණිල්ලට අදාළව මෙම නියෝග නිකුත් කෙරිණි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles