Divaina - හැටන් - කොළඹ මාර්ගයට වැටුණු ගල ඉවත් කිරීමෙන් රථවාහන ධාවනය යළිත්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

gala700
 
 ඡායාරූප හා සටහන නුවරඑළිය - නාලක රත්නායක, හැටන් - මනුර සුදත් සෙල්ලහේවා
 
 හැටන් - කොළඹ (ඒ 7) ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන රම්පාදෙණිය බදුපොළ ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට විශාල ගලක්‌ පෙරළීමෙන් ඇනහිට තිබූ එම මාර්ගයේ ගමනා ගමන කටයුතු පෙරේදා (24 දා) පස්‌වරු 5.00 සිට යළි යථා තත්ත්වයට පත්කෙරිණි.
 
 පෙරේදා (24 දා) උදැසන 7.00 ට පමණ එම මාර්ගයට විශාල ගලක්‌ පෙරළීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබූ අතර ගිනිගත්හේන ප්‍රදේශයට පැවති දැඩි අයහපත් කාලගුණයත් සමග පැය 10 කට පසු එම මාර්ගයේ ගමනාගමනය යළි යථා තත්ත්වයට පත්කෙරිණි.
 
 කඩා වැටුණු මෙම ගල් පර්වතය ගිනිගත්හේන පොලිසිය ලක්‌ෂපාන හා හැටන් කොමර්ෂල් යුද හමුදා කඳවුරුවල භට පිරිස්‌ මාර්ග සංවර්ධන අධිකාරියේ පිරිස ද සමග එක්‌ව ගලට වෙඩි දමා කඩා ඉවත් කර මෙම මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා ලදී.

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles