Divaina - ඉන්දීය ධීවරයෝ උතුරු මුහුදේ මත්ස්‍ය සම්පත් කොල්ලකති

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

තිකුණාමලය - සමන් මල්ලවආරච්චි
 
india400 ඉන්දීය ටෝලර් යාත්‍රා රැසක්‌ මෙරට මුහුදු සීමාවට ඇතුළු වී මුලතිව් ප්‍රදේශයේ මසුන් අල්ලමින් සිටින බවට ත්‍රිකුණාමලයේ ධීවරයන් චෝදනා කරයි.
 
 පෙරේදා (24 දා) පෙරවරුව වනවිට මසුන් ඇල්ලීම සඳහා පැමිණි ඉන්දීය ටෝලර් යාත්‍රා 50 කට ආසන්න ප්‍රමාණයක්‌ උතුරු මුහුදේ මුලතිව් හා පුදුමාතලන් මුහුදු ප්‍රදේශයට ඔබ්බෙන් නාවික සැතපුම් 15 ක්‌ පමණ දුරින් මසුන් අල්ලමින් සිටි බවත් මේ සම්බන්ධයෙන් නාවික හමුදාව දැනුම්වත් කළ ද කිසිදු නාවික යාත්‍රාවක්‌ නොපැමිණි බව ධීවරයෝ පවසති.
 
 බහුදින ධීවර යාත්‍රා මඟින් මසුන් ඇල්ලීමට ගොස්‌ සිටින ත්‍රිකුණාමලයේ ධීවරයන් වැඩිදුරටත් කියා සිටියේ ඉන්දීය ධීවර යාත්‍රා විසින් තහනම් පන්න ක්‍රමයක්‌ වන බොටම් ට්‍රොaලින් ක්‍රමය යොදා ගනිමින් උතුරු මුහුදේ පිහිටි මත්ස්‍ය සම්පත වනසමින් සිටින්නේ මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් බවයි.
 
 ඡායාරූප - ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් මසුන් අල්ලන අයුරු

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles