Divaina - හොරණින් හමුවූ මියගිය නරි දෙදෙනාටම ජලභීතිකාව

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september


 bulus1111new
 
 
 අඟුරුවාතොට - මංගල එදිරිසිංහ
 
 පසුගිය දින කිහිපයේදී හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප‍්‍රදේශයේ පර්ත් පැරඩයිස් නිවාස සංකිර්ණය අසලදී හමුවූ මියගිය නරියාට සහ හොරණ ඕවිටිගල ප‍්‍රදේශයේ දී සැක සහිත ලෙස මියගිය
 
 නරියාට ජලභීතිකාව වැළ`දී ඇති බවට බොරැුල්ල වෛද්‍ය පර්යේෂණායතනයට යවන ලද එම හිස් කොටස්වලින් තහවුරු වී ඇතැයි හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී. සී. සේනාරත්න මහතා පැවසීය
 
 එසේම මදුරාවල සොඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප‍්‍රදේශයේ ඉළිඹ, මූකලාන ප‍්‍රදේශයේ නරියකු විසින් සපාකන ලද සුනඛයන් සිව්දෙනාට පෙරේදා (23 දා* ජලභීතිකා එන්නත් විද එම නිවෙස්වලම ආරක්‍ෂිතව දින 60 ක කාලයක් ගැටගසා තබන ලෙස හිමිකරුවන්ට දන්වා ඇති බවත්, ඊයේ සහ අද (24 සහ 25* දෙදින මදුරාවල සහ රෙමුණ මහජන සෞඛ්‍ය බල ප‍්‍රදේශවල සියලූම සුනඛයන් එන්නත් කිරීමේ සහ වන්ධ්‍යාකරණය කිරීමේ වැඩසටහනක් බැල්ලපිටිය විදුහල් ක‍්‍රීඩාංගණයේ දී සිදු කරන බවත් මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එරන්දි කුලරත්න මහත්මිය පැවසුවාය.
 
 තවද ඉළිඹ ප‍්‍රදේශයේ ගවයන් 120 දෙනකුට ජලභිතීකා එන්නත් ලබාදීම අද (25* දින බුලත්සිංහල පශු වෛද්‍ය නිලධාරී මගින් සිදු කරන බවත්, ඒ ස`දහා ජලභිතිකා එන්නත් 250 ක් ඊයේ (24 දා* ඔවුන්ට භාරදුන් බවත් නිලධාරිවරිය වැඩිදුරටත් පැවසුවාය. තවද මදුරාවල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ආර්. කුලතුංග මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ඉළිඹ ගම්මානයේ ගෙන් ගෙට ගොස් ජනතාව දැනුම්වත් කිරීමද ඊයේ දිනයේ සිදුකර ඇත.
 
 මදුරාවල මහජන සෞඛ්‍ය පරීක්‍ෂක විමුක්ති තිලකරත්න මහතා පැවසුවේ: ‘‘මෙම සිදුවීමත් සමග වීදි සුනඛයන්, ගෙවල්වල ඇති කරන සුනඛයන් සහ පූසන්ට ජලභීතිකා එන්නත් ලබා දෙන අතරම වන්ධ්‍යාකරණයද කරනවා. දැනට බල ප‍්‍රදේශයේ සැක සහිත සුනඛයන් තිදෙනෙක් මැරිලා ඉන්නවා. වෛද්‍ය පර්යේෂණායනයේ වාර්තා අනුව එක් සුනඛයකුට ජලභීතිකා වැළ`දී ඇතිබව තහවුරු වුණා. අනෙත් දෙදෙනාටත් ජලභීතිකාව බවට අපිට සැකයක් පවතිනවා. අපි සැක කරනවා
 බල්ලන්ගෙන් නරින්ට බෝවෙන්න ඇතියි කියලා.

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles