Divaina - ජනපති හදිසියේම නිවාස සංවර්ධන අධිකාරියේ නාරාහේන්පිට කාර්යාලයට පැමිණෙයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

gotabaya500
 
නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ හදිසි නිරීක්‍ෂණයට ලක් විය. සේවාලාභියකු කළ පැමිණිල්ලකට අනුව ජනාධිපතිවරයා (23 දා* පස්වරුවේ කාර්යාලය වෙත ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
 
රාජකාරි අවශ්‍යතාවක් සඳහා අවස්ථා ගණනාවකදී එම කාර්යාලයට පැමිණිය ද එය ඉටුකිරීමට නිලධාරීන් අපොහොසත්ව ඇති අතර කාර්ය මණ්ඩලය ප‍්‍රමාණවත් නොවන බව පවසමින් සේවා ඉටුනොකරන බව පැමිණිලිකාරිය සඳහන් කර තිබිණි. එම කාර්යාලය අධීක්‍ෂණය කළ ජනාධිපතිවරයාට ප‍්‍රමාණවත් සේවක පිරිසක් එහි සිටින බව නිරීක්‍ෂණය විය. සේවා ලබා ගැනීමට පැමිණි ආබාධිත පුද්ගලයකු දැඩි අපහසුතාවට පත්වී සිටි අයුරු දුටු ජනාධිපතිවරයා, ඔහුගේ අවශ්‍යතාව සහ තොරතුරු විමසීය.
 
 මහජන අවශ්‍යතා කාර්යක්ෂමව හා නොපිරිහෙලා ඉටුකිරීම රාජ්‍ය සේවකයන්ගේ මූලික වගකීම බව කාර්ය මණ්ඩලය හමු වූ ජනාධිපතිවරයා අවධාරණය කළේය.

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles