Divaina - නොසිතූ නොපැතූ මොහොතක මෙලොව හැර ගිය මේ පුංචි පවුලට මෙවන් විපත් සසරේදී යළි ඇති නොවේවා... වන්දි එපා සාධාරණ පරීක්‍ෂණයක් කරන්න...

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

අචලාගේ පියා කියයි
 
මහනුවර අහස අඳුරින් පිරෙද්දී පුංචි පවුල දැයෙන් සමුගනී
 
 සමන්තී වීරසේකර
 
kandy500නොසිතු නොපැතූ මොහොතක මෙලොව හැර ගිය මේ පුංචි පවුලේ පරලොව ගමනේදී ශෝචනීය ඛේදනීය සිදුවීමකට මුහුණ දීමට නොලැබේවා යැයි ප‍්‍රාර්ථනය කරමින් බූවැලිකඩ බෝධිරුක්ඛාරාමාධිපති පූජ්‍ය මඩදෙණියේ පුඤ්ඤරතන නාහිමියෝ මහනුවර බූවැලිකඩ පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටීමෙන් මියගිය අඹුසැමි යුවළ හා ඔවුන්ගේ දින 49 ක් වයසැති සිඟිත්තියගේ අවසන් කටයුතු උළෙලේදී ආගමික වතාවත් ඉටුකරමින් පැවසූහ.
 
 දහස් සංඛ්‍යාත ජනතාවකගේ දෑසට කඳුළු එක්කරමින් සෝ සුසුම් මධ්‍යයේ (23 දා* ඔවුන් තිදෙනා අවසන් ගමන් ගියහ. මියගිය චමිල ප‍්‍රසාද් (35*, අචලා ඒකනායක හා ඔනෙලා ඒකනායක බිළිඳියට අවසන් ගෞරව දැක්වීම සඳහා දේහයන් තැන්පත් කර තිබූ නිවසට විශාල පිරිසක් පැමිණ සිටියහ.
 
 දේහයන් තැන්පත් කර තිබූ බූවැලිකඩ නිවසේදී බූවැලිකඩ බෝධිරුක්ඛාරාමාධිපති පූජ්‍ය මඩදෙණියේ පුඤ්ඤරතන නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් ආගමික වාතවත් සිදු කිරීමෙන් අනතුරුව අවසන් කටයුුත සිදු කිරීමට එම දේහයන් මහනුවර මහයියාව පොදු සුසාන භූමිය වෙත රැුගෙන එනු ලැබීය.
 
 මහ වැසි මධ්‍යයේ ජීවිතයෙන් සමුගත් මෙම තිදෙනාගේ අවසන් කටයුතු සිදුකරන අවස්ථාවේ මහනුවරට වැසි ඇද නොහැළුනත් අහස අඳුරු වී තිබුණේ ඔවුන්ට සිදුවූ විපත පිළිබඳව කම්පාවෙන් මෙනි.
 
 චමිල සහ අචලා දෙදෙනා අතර ඔවුන්ගේ දියණියගේ දේහය තැන්පත් කෙරුණේ ඔවුන් අවසන් මොහොතේ නිදා සිටි අයුරු කාටත් සිහිගන්වමිනි.
 
 විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්ව සිටින චමිලගේ සොහොයුරාට විශේෂ සෞඛ්‍ය ආරක්ෂක ක‍්‍රමවේද අනුගමනය කරමින් වාහනයක සිට මෘත දේහයන්ට අවසන් ගෞරව දැක්වීමට අවකාශ සලසා දී තිබිණි. නොසිතූ නොපැතූ මොහොතක අපි සියලූ දෙනා අතහැර චමිල, අචලා හා ඔවුන්ගේ දියණිය මෙලොව අතහැර ගිය බවත් එය සියලූ සත්වයන්ට පොදු ධර්මාතාවක් බවත් මඩදෙණියේ පුඤ්ඤරතන නාහිමියෝ අනුශාසනාවක් කරමින් ප‍්‍රකාශ කළහ.
 
 අචලා ඒකනායකගේ පියා වූ සිසිර බණ්ඩාර මහතා මාධ්‍ය හමුවේ පැවසුවේ මෙම මරණ සඳහා වගකිව යුතු පුද්ගලයන් සම්බන්ධයෙන් විධිමත් නීතිමය පියවර කඩිනමින් ගත යුතු බවය. කොපමණ මුදල් ලැබුණත් මියගිය අයට යළි පණ නොලැබෙන බවත් ඒ නිසා වන්දි කිසිවක් අවශ්‍ය නොමැති බවත් කී ඒ මහතා තමන් ඉල්ලන්නේ සාධාරණ පරීක්ෂණයක් පමණක් බවද අවධාරණය කළේය.

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles