Divaina - මහනුවර පස් මහලේ ලියකියවිලි ගැන පොලිස් විමර්ශන

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p1 1මවක පියකු සහ සිඟිති දැරියකගේ මරණ සිදුකරමින් මහනුවර සංඝමිත්තා මාවතේ නිවසක් මතට කඩාවැටුණු පස් මහල් ගොඩනැඟිල්ල ඉදිකිරීමට අනුමැතිය ලැබුණු සියලූ ආයතනවල ලියකියවිලි පිළිබඳව විශේෂ පොලිස් විමර්ශන කණ්ඩායමක් මගින් පරීක්‍ෂණ පැවැත්වෙයි.

ඇදවැටුණු පස් මහල් ගොඩනැඟිල්ලට අනුමැතිය ලබාදුන් ආයතන වලින් නිකුත් කළ ලියකියවිලි රැසක්ම මේ වනවිට පොලිසිය මගින් සොයාගෙන තිබෙන බව මහනුවර මූලස්ථාන භාර ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක තුසිත හලංගොඩ මහතා පැවැසීය.

මහනුවර මහ නගර සභාව මගින් ලබාදෙන ලද සැලසුම අනුමැතිය සම්බන්ධ ලියැවිල්ලේ පිටපත පවා අවශ්‍ය වූ බවට ප‍්‍ර.පො.ප තුසිත හලංගොඩ මහතා පැවැසීය.

එහෙත් පස් මහල් ගොඩනැඟිල්ලේ හිමිකරු පවසන්නේ ගොඩනැඟිල්ල ඉදිකිරීමට අවශ්‍ය වූ සැලසුම් අනුමත කළ සහතිකය ඇතුළු සියලූ ලියකියවිලි ගොඩනැඟිල්ලේ සුන්බුන් අතරට අසුවී අතුරුදන්වූ බව යැයිද ප‍්‍ර.පො.ප තුෂිත හලංගොඩ මහතා පැවැසීය.

මේ අතර මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් මහතා කියා සිටියේ නගරාධිපති කේසර ඞී. සේනානායක මහතාගේ උපදෙස් අනුව නිලධාරි මණ්ඩලයක් මගින් ගොඩනැඟිල්ල ඇදවැටීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වෙන බවයි.

ගොඩනැඟිල්ල ඉදිකිරීමට අවශ්‍ය සැලසුම නගර සභාව මගින් අනුමත කරමින් සහතික කර තිබෙන බවද චන්දන තෙන්නකෝන් මහතා පැවැසීය.

සිරිල් විමලසුරේන්ද්‍ර
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles