Divaina - ඥානසාර හිමිට එරෙහි පෙත්සම සලකා බැලීමෙන් අභියාචනාධිකරණ සභාපති ඉවත් වෙයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p1 2අධිකරණ නියෝග නොතකමින් මුලතිව් ගුරුකන්ද රජමහා විහාරාධිපති හිමියන්ගේ දේහය එම විහාරස්ථානයේ ආදාහනය කිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි කියන බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති පෙත්සම සලකා බැලීම සිදු කරන විනිසුරු මඬුල්ලෙන් අභියාචනාධිකරණයේ සභාපති ඒ. එච්. එම්. ඞී. නවාස් මහතා ඊයේ (16 දා) ඉවත් විය.

පෞද්ගලික හේතූන් මත තමා එකී පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වන බව සභාපති විනිසුරුවරයා විවෘත අධිකරණය හමුවේ ප‍්‍රකාශ කළේය.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ශාන්තිනී ස්කන්ධරාජා මහත්මිය විසින් ගොනු කර තිබූ එම පෙත්සමේ සෙසු වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබූ මුලතිව් දිසාව භාර පොලිස් අධිකාරිවරයා සහ මුලතිව් පොලිසියේ ස්ථානාධිපතිවරයා එම නඩු කටයුත්තෙන් මුදාහැරීමටද අභියාචනාධිකරණයේ සභාපති ඒ. එච්. එම්. ඞී. නවාස් සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඬුල්ල නියෝග කළහ.

එකී වගඋත්තරකරුවන් දෙදෙනා නඩු කටයුත්තෙන් මුදාහැරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බව පැමිණිලිකාර හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා අධිකරණයට දැනුම් දුන්නේය. එකී පෙත්සම මහින්ද සමයවර්ධන හා අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල හමුවේදී ලබන ඔක්තෝබර් 20 වැනිදා යළි කැඳවීමටද විනිසුරු මඬුල්ල එහිදී නියෝග කළහ.

ඒ. ජේ. ඒ. අබේනායක
 

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles