Divaina - කොටගල ඉඩමක බලෙන් හමුදා කඳවුරක් දැමුවැයි චෝදනා... මෛතී‍්‍ර ගුණරත්න පැවරූ නඩුවට 58 බල සේනාධිපති උසාවිය හමුවට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 නුවරඑළිය-නාලක රත්නායක
 
lkotagala500හැටන් මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් නිකුත් කර තිබූ නොතීසි මත ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 58 වැනි බලසේනාවේ බලසේනාධිපති මේජර් ජෙනරාල් ප‍්‍රියංකර ප‍්‍රනාන්දු මහතා ඇතුළු එම බලසේනාවේ හමුදා නිලධාරීහු පිරිසක් ඊයේ (15දා* හැටන් මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
 
 හැටන් නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ කොටගල කොමර්ෂල් ප‍්‍රදේශයේ තම සේවාදායකයකුට කොළඹ වාණිජ මහාධිකරණය මගින් ලබාදුන් නියෝගයක් මත නාගරික සංවර්ධන අධිකාරිය මගින් බදු පදනම මත ලබා දී ඇති ඉඩමකට සහ ගොඩනැගිලිවලට 58 වැනි බලසේනාවේ යුද හමුදා භට පිරිසක් අවසරයකින් තොරව ජුලි මාසයේ සිට නිරෝධාන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යෑමට අවශ්‍ය බව කියමින් බලහත්කාරයෙන් යුද හමුදා ක`දවුරක් ස්ථාපනය කර ඇති බවට චෝදනා කරමින් ජනාධිපති නීතිඥ මෛත‍්‍රී ගුණරත්න මහතා විසින් හැටන් මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නඩුවක් පවරා තිබුණි.
 
 එම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස 58 වන බලසේනාවේ සේනාධිපති මේජර් ජෙනරාල් ප‍්‍රියංකර ප‍්‍රනාන්දු මහතා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු 58 වැනි බලසේනාවේ යුද හමුදා නිලධාරීන් කිහිප දෙනකු නම් කර තිබුණි.
 
 යුද හමුදාව වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි රජයේ අධිනීතිඥ ජයකිත් මාතුරත්න මහතා සහ යුද හමුදා නීති අංශයේ නීතිඥයින් විවෘත අධිකරණය හමුවේ කියා සිටියේ යුද හමුදාව සම්බන්ධයෙන් මෙවැනි නඩුවක් මෙම අධිකරණයේ විභාග කළ නොහැකි බවයි.
 
 දෙපාර්ශ්වයේ නීතිඥයින් දැක්වූ කරුණු සලකා බැලූ හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත‍්‍රාත් ජේ.ට්‍රොස්කි මහතා විවෘත අධිකරණය හමුවේ වගඋත්තර පාර්ශ්වයට කියා සිටියේ මූලික විරෝධතාව ලිඛිතව මේ මස 29දා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි.
 
 නඩුව මේ මස 29 දා යළි කැ`දවීමට නියමිතය.
 
 ඡුායාරූප විස්තරය
 
 මේජර් ජෙනරාල් ප‍්‍රියංකර ප‍්‍රනාන්දු මහතා ඇතුළු හමුදා නිලධාරීන් හැටන් මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා පැමිණ සිටි අයුරු.
 

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles