Divaina - හෙරොයින් සමග කොටු වුණු හිටපු කර්නල්ගේ මත්කුඩු ජාලයේ තවත් 3ක් මාට්ටු.. ප‍්‍රධාන සැකකරු රිමාන්ඞ් භාරයේ සිටින අයෙක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

karnal500
 
 එස්.ඞී. අබේසිංහ මහරගම
 
 මහරගම පොලිස් ස්ථානය මගින් ඉකුත් 10 වැනිදා රාත‍්‍රියේ හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් විශ‍්‍රාමික කර්නල්වරයා ගංගොඩවිල මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් ලද රැුඳවුම් නියෝග මත රඳවාගෙන වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමේදී කර්නල්වරයාගේ මත්ද්‍රව්‍ය ජාලයේ සගයින් තිදෙනකු පෙරේදා (14දා* මහරගම පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
 
 නාවින්න, ඉසිපතනාරාම පාර ප‍්‍රදේශයේදී අත්අඩංගුවට පත් වූ කර්නල්වරයා මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා යුද හමුදාවෙන් අනිවාර්ය විශ‍්‍රාම ගැන්වූ අයකු බවත්, අනුරාධපුර සාලියපුර වී.ආර්. හමුදා අනුඛණ්ඩය යටතේ සේවය කර ඇති බවත් පොලිසිය සිදු කළ මූලික පරීක්ෂණයේදී තහවුරු වී ඇත.
 
 මෙම කර්නල්වරයා 44 වැනි වියේ පසුවන විවාහකයකු බවත්, බිරිඳ අගනුවර ප‍්‍රධාන පාසලක ගුරුවරියක බවත්, මෙම යුවළට දරුවන් නොමැති බවත්, කර්නල්වරයා කොළඹ ප‍්‍රධාන පෙළේ පාසලක ඉගෙනුම ලැබූ අයකු වන අතර තදින්ම හෙරොයින් පානයට ඇබ්බැහි වූ පුද්ගලයකු බවත් පොලිසිය පවසයි.
 
 කර්නල්වරයා පොලිසියට කළ පාපොච්චාරණයේදී විදෙස් සංචාරකයින් ප‍්‍රවාහනය කරන ආයතනයක රියැදුරකු වශයෙන් සේවය කරන සමගි මාවත, පොහොරන්ගස්වැව, දඹුල්ල යන ලිපිනයේ පදිංචි පුද්ගලයකුගෙන් තමාට හෙරොයින් ලැබෙන බවට හෙළි කළ තොරතුරු අනුව සිදු කළ මෙහෙයුමේදී එම පුද්ගලයා හෙරොයින් ග‍්‍රෑම් දහයක් සහ මත්ද්‍රව්‍ය බෙදා හැරීමට උපයෝගි කරගන්නා ත‍්‍රිරෝද රථයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
 
 මෙම පුද්ගලයාට ද මත්ද්‍රව්‍ය ලැබෙන ආකාරය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ නිලධාරීන් හට පන්නිපිටිය තලවතුගොඩ බස් මාර්ගයේ පිහිටි ජාත්‍යන්තර පාසලක් ඉදිරිපිටදී හෙරොයින් මිලිග‍්‍රෑම් 20 ක් සමග තරුණයින් දෙදෙනකු සහ යතුරුපැදියක් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ. එම සැකකරුවන්ගෙන් එක් පුද්ගලයකු ගෝනහේන, හේනේගම ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බවත්, අනෙක් පුද්ගලයා ගොඩිගමුව, උස්සාපිටිය, අරණායක ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බවත් වයස අවුරුදු 28 හා 35 අතර පසුවන්නන් බවත් පොලිසිය පවසයි.
 
 මෙම පුද්ගලයින් විසින් ලබා දෙනු ලබන හෙරොයින් මත්කුඩු දඹුල්ලේ පදිංචි පුද්ගලයා හරහා ත‍්‍රිරෝද රථයෙන් කර්නල්වරයාට ගෙන ගොස් ලබාදෙන බවත් එලෙස ලැබෙන මත්කුඩු කර්නල්වරයා විසින් මහරගම හා අවට ප‍්‍රදේශවලට බෙදා හරින බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලිසිය පැවසීය.
 
 මෙම මත්කුඩු තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ තිස් දෙකකට අධික බවත් මත්කුඩු විකිණීමෙන් ලද රුපියල් අසූ දාහක මුදලක් සහ ජංගම දුරකථන අටක් කර්නල්වරයා විසින් දඹුල්ලේ පුද්ගලයාට මුදල් ලබා දුන් ගල්කිස්සේ පෞද්ගලික බැංකුවකට අයත් බැංකු ගිණුම් පොතක් සහ ඒටීඑම් කාඞ්පතක්, මත්කුඩු ප‍්‍රවාහනයට යොදාගත් කුඩා කාර් රථයක්, යතුරුපැදියක්, ත‍්‍රිරෝද රථයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
 මෙම ජාලයේ ප‍්‍රධාන සැකකරු දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින පුද්ගලයකු බවත් බන්ධනාගාරය තුළදී දඹුල්ලේ පුද්ගලයා සමග ඇති කරගත් මිතුරුකමක් මත මෙම ජාවාරම මෙහෙයවා ඇති බවත් ගංගොඩවිල මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් නැවත ලබාගත් රැුඳවුම් නියෝග මත පරීක්ෂණ පවත්වා මෙම ජාලයට සම්බන්ධ අනෙක් පුද්ගලයන් හා කැලණිය, ගල්කිස්ස ප‍්‍රදේශයන්හි පෞද්ගලික බැංකු ගිණුම්වල තැන්පත් කර ඇති මෙම ජාවාරමෙන් උපයා ගත් මුදල් සොයා අත්අඩංගුවට ගැනීමට ක‍්‍රියා කරන බවත් පොලිසිය පැවසීය.
 
 සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හෝමාගම (04* කුමාර වීරසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත මහරගම පොලිස් ස්ථානාධිපති එච්.එච්. ජනකාන්ත මහතාගේ උපදෙස් මත පරිපාලන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් පෙරේරා, උප පොලිස් පරීක්ෂක අසංක පතිරණ, පොලිස් කොස්තාපල් (45042* සුමතිපාල, (61931* සිල්වා, (76008* පෙරේරා, (91517* පිටවලගේ, (93480* කරුණාසේන යන නිලධාරීහු සිදු කරති.
 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles