Divaina - මළ ගෙදර බූරු පිටියට පොලිසියෙන් පැනලා ජංජාලයක්... මියගිය පුද්ගලයාගේ පුත‍්‍රයාත් ගුටි බැට හුවමාරුවෙන් රෝහලේ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

buuru500375
 
 ආර්.ඒ.එස්. පේ‍්‍රමතිලක -බණ්ඩාරගම
 
 බූරු පිටියක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් සහ එහි සිටි අය අතර ඇතිවූ ගුටිබැට හුවමාරුවකින් තුවාල ලැබූ තිදෙනකු කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පයාගල පොලිසිය පවසයි.
 
 මෙසේ තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ පයාගල හල්ක`දවිල ප‍්‍රදේශයේ පදිංචි පී. ටී. මංජුල කුමාර (32*, පී.ටී. අසංක ප‍්‍රභාත් (39* සහ බී.පී. අරුණ සම්පත් (32* නමැති පුද්ගලයින් බව රෝහල් ප‍්‍රකාශකයෙක් පැවැසීය.
 
 පයාගල හල්ක`දවිල බස්තියන් මාවතේ අවම`ගුල් උත්සවයක් පැවති නිවසක ඊයේ (15දා* අලූයම මහා පරිමාණයෙන් බූරු පිටියක් පවත්වාගෙන යන බවට ලද තොරතුරක් මත ජංගම මුර සංචාරයේ නියුතු පොලිස් ජීප් රථය එම නිවසට යෑමේදී පිරිස කෑකෝ ගසමින් බූරු පිටිය පවත්වාගෙන ගොස් ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.
 
 පොලිසිය බූරුපිටිය වටලන විට එහි සිටි පිරිසක් සීසීකඩ දිවගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට යෑමේදී එහි සිටි පිරිස සහ පොලිස් නිලධාරීන් අතර කථාබහක් ඇතිවී තිබේ.
 
 දෙපිරිස අතර පරුෂ වචන හුවමාරුවක් ද සිදුව ඇති අතර එය පසුව ගුටි කෙළියක් බවට පත්වූ බවත්, සිද්ධිය වන අවස්ථාවේ කිසිවකු විසින් අවම`ගුල් නිවසේ සහ අසල නිවසක විදුලිය විසන්ධි කර ඇති බවත් ප‍්‍රදේශවාසීහු පවසති.
 
 අනතුරින් තුවාල ලැබූවන් 1990 ගිලන් රථය ගෙන්වා රෝහල්ගත කර ඇති අතර තුවාල ලැබූවන් අතර මියගිය අයගේ පුතා ද සිටින බව පැවසේ.
 
 සිද්ධිය සැලවීමත් සමගින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් ද සිද්ධිය වූ ස්ථානයට ගොස් පරික්‍ෂණ පවත්වා ඇති අතර ප‍්‍රදේශවාසීන්ගේ පැමිණිලි ඒ මොහොතේම පොලිසියට පැමිණ ඉදිරිපත් කරන ලෙස පයාගල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ගුණතිලක මහතා විසින් ප‍්‍රදේශවාසීන්ට දැනුම් දී තිබේ.
 
 කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න, කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල පේ‍්‍රමදාස සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ගුණතිලක මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වෙයි.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles