Divaina - අගමැති අනුරාධපුර සිද්ධස්ථාන වැඳපුදා ගනී

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

mahindas350
 
 අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා නව රජයේ අග‍්‍රාමාත්‍ය ධුරයේ සහ කැබිනට් ඇමැති ධුරයන්හි වැඩ භාරගැනීමෙන් අනතුරුව ඊයේ (13 දා) පෙරවරුවේ අනුරාධපුර ජය ශ‍්‍රී මහා බෝධිය, රුවන්වැලි මහා සෑය, මිරිසවැටිය මහා විහාරය ඇතුළු සිද්ධස්ථාන වැඳපුදා ගත්තේය. 
 
 ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත් අග‍්‍රාමාත්‍යවරයා අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප‍්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.
 
 මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කරමින් උතුරු මධ්‍යම දිසාවේ අධිකරණ සංඝනායක ලංකාරාම විහාරවාසී රළපනාවේ ධම්මජෝති හිමියන් සඳහන් කළේ 2015 වසරේදී ජනතාව අතින් සිදුවූ වැරැද්ද බහුතර බලයක් ලබාදීම තුළින් මෙවර මැතිවරණයේදී නිවැරදි කිරීමට ජනතාවම කටයුතු කර ඇති බවයි.
 
 ඈත ගම්මානවල අහිංසක ජනතාව සෑම විටම අග‍්‍රාමාත්‍යවරයා රට ජාතිය ආගම ආරක්‍ෂා කරන බවට විශ්වාසයෙන් සිටින අතර එම විශ්වාසය මින් ඉදිරියටත් ආරක්‍ෂා කරගත යුතුව ඇති බව ද පැවසූහ.
 
 අනුරාධපුර අටමස්ථානයට අවශ්‍ය පහසුකම් සලසා මාර්ග සකස් කොට වන්දනාමාන කරන ලක්‍ෂ සංඛ්‍යාත බැතිමතුන් සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙනු ඇතැයි අපේක්‍ෂා කරන බව ද උන්වහන්සේ සඳහන් කළහ.
 
 අනතුරුව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අනුරාධපුර, රුවන්වැලි සෑ රදුන් වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබාගත්තේය.
 
 අග‍්‍රාමාත්‍යවරයා රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිකාරී, රජරට නුවරකලාවියේ ප‍්‍රධාන සංඝනායක, පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මිරිසවැටිය මහා විහාරයට පැමිණ මිරිසවැටිය මහා විහාරාධිකාරි ඊතල වැටුණු වැවේ ඥානතිලක නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.
 
 අනතුරුව අනුරාධපුර ජයන්ති මහා විහාරය වෙත පැමිණි අග‍්‍රාමාත්‍යවරයා ජයන්ති මහා විහාරාධිපති උතුර, උතුරු මැද දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක ආචාර්ය පණ්ඩිත නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.
 
 මෙම අවස්ථාවට ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය, එස්. එම්. චන්ද්‍රසේන, ෂෙහාන් සේමසිංහ, දුමින්ද දිසානායක, සිරිපාල ගම්ලත් යන අමාත්‍යවරුන් ද පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.
  

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles