Divaina - සියඹලාපේ පලතුරු වෙළෙන්දා මරලා වළ දාලා මළ සිරුර ගොඩගැනේ කටට පාන්කඩත් ඔබලා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

දෙල්ගොඩ - ඩබ්ලිව්. ඞී. විතාන සහ බියගම - සුදත් පුබුදු කීර්ති

palatu666
 
 අතුරුදන් වී සිටි බියගම, සියඹලාපේ හන්දියේ ශ‍්‍රී පුණ්‍යවර්ධනාරාමය ඉදිරිපිට පලතුරු වෙළෙඳසල පවත්වාගෙන යනු ලැබූ පලතුරු වෙළෙන්දා අබිරහස් අන්දමින් ඝාතනය කොට එම වෙළෙඳසල පිටුපස තිබෙන ලඳු කැලෑ රොදක වළ දමා තිබියදී ඊයේ (12 දා* පෙරවරුවේ ගොඩගන්නා ලදී.
 
 මහර වැඩබලන මහෙස්ත‍්‍රාත් වසන්ත රාමනායක මහතා ඉදිරියේ එම මළ සිරුර ගොඩ ගැනුණි.
 
 එම අවස්ථාවට රාගම මහ රෝහලේ අධිකරණ වෛi නිලධාරීන් වන මහේෂ් ජයසුන්දර, කේ. එන්. සී. සේනාරත්න හා නිර්මාල්  බෝරුක්ගොමුව යන මහත්වරු ද පැමිණ සිටියහ.
 
 ඇහැලියගොඩ, මුරුතහේන, දිගෝන,  ගොඩගම්පල ප‍්‍රදේශයේ පදිංචිව සිටි ආර්. පී. මෙරිල් පත්මකුමාර නමැති 32 හැවිරිදි අවිවාහක තරුණයකු මෙසේ ඝාතනය කොට වළදමා තිබේ.
 
 එම පලතුරු වෙළෙන්දාගේ අතුරුදන් වීමත් සමගම ඔහු සමග එම පලතුරු වෙළෙඳසලේ සේවය කළ
 
 26 හැවිරිදි ගෝලයා ආගිය අතක් නැති අතර ඔහු සොයා දැන් පොලිස් මෙහෙයුම් ක‍්‍රියාත්මක කෙරේ.
 
 එම පලතුරු වෙළෙන්දාගේ මළ සිරුර ඔහුගේ වැඩිමල් සොහොයුරා (42* විසින් හඳුනාගෙන ඇති අතර, කටට පාන්කඩ ඔබා පහරදී ඇති බව කියැවේ.
 
 එම මළ සිරුර පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා රාගම මහ රෝහල වෙත යවන ලෙසට පොලිසියට නියම කරනු ලැබූ වැඩබලන මහෙස්ත‍්‍රාත්වරයා සිද්ධියට අදාළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද පොලිසියට නියෝග කළේය.
 
 මේ වනවිට එම සිද්ධිය සම්බන්ධයෙන්  කිහිපදෙනකුගෙන් පොලිසිය ප‍්‍රකාශ සටහන් කරගෙන තිබෙන අතර කැලණිය සහකාර පොලිස් අධිකාරි සමන් පුස්සැල්ල මහතාගේ අධීක්‍ෂණය මත බියගම පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ඊ. ඒ. සී. එල්. අමරසේකර, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඞී. එම්. එස්. රාජපක්‍ෂ, අධිකරණ කටයුතු භාර උප පොලිස් පරීක්‍ෂක ඒ. එම්. ඞී. තිලකනාත් හා කැලණිය කොට්ඨාස අපරාධ පරීක්‍ෂණාගාරයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ආර්. බී. කහටපිටිය යන නිලධාරීහු එම සිද්ධිය ගැන තවදුරටත් පරීක්‍ෂණ පවත්වති.
 
 ඡායාරූප - දෙල්ගොඩ - ඩබ්ලිව්. ඞී. විතාන
  

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles