Divaina - අධි වටිනාකමක්‌ ඇති එල්.සී.ඞී. TV එක 1000 ට විකුණලා... අනුන්ගේ දේපළ සොරාගෙන විකුණා කුඩු බිව් අය උපාය දූතයාට කොටු

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 ඒකල - සැනිමන් ද සිල්වා
 
horabadu350නිවාස හා වෙළෙඳ ආයතනවලට හොර රහසේ ඇතුල් වී ඒවායේ ඇති දේපළ සොරාගෙන එම භාණ්ඩ විකුණා හෙරොයින් පානය කරන පුද්ගලයකු ජා-ඇළ පොලිසිය පෙරේදා (11 දා) අත්අඩංගුවට ගෙන තිබේ.
 
 නිවාස හා වෙළෙඳ ආයතනවල කිසිවකු නොමැති අවස්ථාවලදී මොහු ඒ තුළට ඇතුල් වී ඒවායේ ඇති වටිනා විද්‍යුත් භාණ්ඩ පැහැරගෙන ඉතා අඩු මිලට විකුණා එම මුදලෙන් හෙරොයින් පානය කර තිබේ. මොහු විසින් පැහැර ගන්නා අධි වටිනාකමින් යුත් එල්. සී. ඞී. රූපවාහිනියක් රුපියල් 1000 ක් වැනි අඩු මිලකට විකුණා ඇත. මොහු සම්බන්ධයෙන් විමර්ශනයක් කළ පොලිස් නිලධාරීන් උපාය දූතයකු යොදා මොහු අත්අඩංගුවට ගෙන තිබේ.
 
 සැකකරුගෙන් කරනු ලැබූ ප‍්‍රශ්න කිරීම්වලදී සොරාගෙන විකුණා තිබූ එල්. සී. ඞී. රූපවාහිනි යන්ත‍්‍ර, ඞී. වී. ඩි. යන්ත‍්‍ර, විදුලි ස්ත‍්‍රික, බෆල්, සුදු යකඩ තොගයක් පොලිසිය සොයාගෙන තිබේ.
 
 ජා-ඇළ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත තිබ්බටුමොනුව මහතාගේ
 
 උපදෙස් මත පොලිස් පරීක්ෂක ඒ. කේ. රංජිත් පේ‍්‍රමසිරි, පොලිස් සැරයන් කරුණාරත්න (11035*, පොලිස් කොස්තාපල් සරත් (77591*, කාන්තා පොලිස් කොස්තාපල් නයෝමි (11099* යන නිලධාරීන් සැකකරු අත්අඩගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබිණි.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles