Divaina - පළමු වරට ජාතික කණ්ඩායම නියෝජනය කළ ක‍්‍රීඩකයකු ක‍්‍රීඩා ඇමැති වෙයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p14 1ශ‍්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ජාතික කණ්ඩායමක් නියෝජනය කළ ක‍්‍රීඩකයකු ක‍්‍රීඩා ඇමැති ධුරයට පත්වූ පළමු අවස්ථාව සටහන් කරමින් හිටපු රග්බි නායක නාමල් රාජපක්ෂ මහතා ක‍්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා වශයෙන් ඊයේ (12 දා* ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් පත්වීම් ලැබීය.

හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙන් තරග වදිමින් තෙවැනි වරටත් පාර්ලිමේන්තුවට තේරි පත්වු නාමල් රාජපක්ෂ මහතා අමාත්‍යවරයකු වශයෙන් පත්වීම් ලද පළමු අවස්ථාවද මෙය වේ. ඔහු 2013 වසරේ ශ‍්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායකයා වූ අතර ඊට පෙර නාවික හමුදා කණ්ඩායමේ නායකයා වශයෙන්ද කටයුතු කර තිබේ.

ගල්කිස්ස ශා.තෝමස් විදුහලෙන් පාසල් රග්බි පිටියට පිවිසි නාමල් රාජපක්ෂ මහතා 2005 වසරේ එම විදුහල් කණ්ඩායමේ නායකත්වයට පත්විය. ඔහු ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ රග්බි නායකත්වයද දරමින් කටයුතු කළ ඇති දක්ෂ රග්බි ක‍්‍රීඩකයකු වන අතර අනතුරුව සී.එච්. ඇන්ඞ් එෆ්.සී කණ්ඩායමද අවසන් වරට නියෝජනය කර තිබේ.

කාල්ටන් රග්බි තරගාවලිය ඇතුළු රග්බි තරගාවලි කිහිපයක්ම සංවිධානය කිරීමේ පෙරමුණ ගත් නාමල් රාජපක්ෂ මහතාට ඉදිරියේදී මෙරට ක‍්‍රීඩාවේ උස් පහත් තැන් සොයමින් ශ‍්‍රී ලංකාවේ සියලූම ක‍්‍රීඩාවන් ජාත්‍යන්තරයේ ඉහළටම ඔසවා තැබීමේ වගකීම පැවරී තිබේ.

අසේල විතාන

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles