Divaina - නිරෝධායන නීති තුට්ටුවකට මායිම් නොකළ වවුනියාව කෝවිලේ වාර්ෂික තේරු උළෙල.... කිසිදු බැතිමතෙක් මුඛ ආවරණයක්වත් පැළඳ නෑ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 
 
 දිනසේන රතුගමගේ
 
nomask555 වවුනියාවේ බණ්ඩාරිකුලම ශ‍්‍රී කරුමාරී අම්මාන් කෝවිලේ වාර්ෂික තේරු මංගල්‍යය පෙරේදා (10 දා* අවසන් වූවත් ඊට සහභාගි වූ කිසිම බැතිමතකු කොරෝනා වෛරස් රෝගය සම්බන්ධයෙන් පනවා ඇති නීතිරීති කිසිවකට යටත් වී නොතිබුණි.
 
 අවම වශයෙන් කිසිම බැතිමතකු මුඛ ආවරණ පැළඳ නොසිටි ආකාරයත්, මීටරයක සමාජ දුරක් පවත්වාගෙන කටයුතු කිරීමට කිසිවකු උනන්දු වී නොසිටියහ.
 
 කෝවිලේ භාරකාර මණ්ඩලය වාර්ෂික තේරු උළෙල පැවැත්වීමට අවසර ඉල්ලා සිටි අවස්ථාවේදී සෞඛ්‍ය බලධාරීන් ඊට අවසර ලබා දී තිබුණේ සෞඛ්‍ය නීති රීතිවලට ගරු කිරීමටත්, බැතිමතුන් අවම සංඛ්‍යාවක් සහභාගි කරවා  ගැනීමේ කොන්දේසියත් මත වූවත් ඒ කිසිවක් කෝවිල් උත්සවයේදී අනුගමනය නොවිණි.
 
 වවුනියාවේ පිහිටි මෙම කෝවිලේ පමණක් නොව උතුරේ වාර්ෂික මංගල්‍යයන් පැවැත්වෙන කිසිම කෝවිලක කොරෝනා වෛරස් රෝගය සම්බන්ධයෙන් පනවා ඇති නීති රීති කිසිවක් ක‍්‍රියාත්මක නොවීම විශේෂ ලක්ෂණයක් වී තිබේ.
  

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles