Divaina - සෙත් පිරිත් සජ්ඣායනා මැද අගමැති රාජකාරි අරඹයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

m1500
 
අනුර බාලසූරිය
 
 ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ අභිනව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී ඊයේ (11 දා* පෙරවරු 10.36 ට යෙදුණු සුබ මොහොතින් සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේය. බෞද්ධ හා අන්‍ය ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් රාජකාරි ආරම්භ කිරීමේ උත්සවය පැවැත්විණි.
 
 අරලියගහ මන්දිරයේ රෝපිත බෝධීන් වහන්සේ අබියස ආගමික වතාවත්වල නිරත වීමෙන් පසු අගමැතිවරයාගේ සම්ප‍්‍රාප්තිය සිදු විය.
 
 අගමැතිවරයා අරලියගහ මන්දිරයේ ප‍්‍රධාන ශාලාවට ප‍්‍රවිෂ්ඨ වීමෙන් පසු විද්‍යෝදය පරිවේණාධිපති ගාලූ බස්නාහිර දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක බළන්ගොඩ සෝභිත නායක හිමිපාණන් වහන්සේ පැමිණ සිටි පිරිස පංචශීලයෙහි පිහිට වූහ.
 
 අනතුරුව වැඩම කළ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනය මැද්දේ අගමැතිවරයා නිල වශයෙන් රාජකාරි ලිපියකට අත්සන් තබමින් වැඩ ආරම්භ කළේය. එහිදී හින්දු, ඉස්ලාම් හා කතෝලික පූජකතුමන්ලා අභිනව අගමැතිවරයාට ආශීර්වාද කළහ.
 
 අගමැතිවරයා රාජකාරි ආරම්භ කරන අවස්ථාවේ අග‍්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා ද ඒ අසල විය.
 
 සිය ධුරයේ රාජකාරි ආරම්භ කළ අභිනව අගමැති මහින්ද රාජපක්ෂ මහතා මහා සංඝරත්නයට වැඳ නමස්කාර කර පිරිකර පූජා කළේය. අනතුරුව අගමැතිවරයා තම වැඩිමහල් සොහොයුරු චමල් රාජපක්ෂ මහතාට වැඳ ආචාර පුද කළේය.
 
 මෙහිදී හිටපු ජනාධිපති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නායක මෛති‍්‍රපාල සිරිසේන, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතව සිටින දේශපාලන පක්ෂවල නායකයන් වන දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, මහාචාර්ය තිස්ස විතාරණ, උදය ගම්මන්පිල, ඩග්ලස් දේවානන්ද, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් යන මහත්වරුන් ඇතුළු පක්ෂ නායකයන් හා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්තී‍්‍රවරු අභිනව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කළහ.
 
 නිදහස් ශී‍්‍ර ලංකාවේ 14 වැනි අගමැතිවරයා වශයෙන් පසුගිය 9 වැනිදා ඓතිහාසික කැලණිය පුද බිමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දුන් අතර ඒ මහතා මෙරට අගමැති ධුරයේ කටයුතු කරන සිවුවන අවස්ථාව මෙය වේ.
  

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles