Divaina - යතුරුපැදිය මෝටර් රථයේ හැප්පෙයි.. සමණබැද්දේ අනතුරින් අම්මයි දුවයි මරුට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 දෙල්ගොඩ - ඩබ්ලිව්. ඞී. විතාන,  පූගොඩ සරණපාල නුවරපක්‍ෂ
 
acci350 මෝටර් රථයක් හා යතුරුපැදියක් එකට ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ එකම පවුලේ මව (44* හා දියණිය (19* මරුමුවට පත්වූහ.
 
 පෙරේදා (10 වැනිදා* පස්වරුවේ මල්වාන - හංවැල්ල මාර්ගයේ සමණබැද්ද ප‍්‍රදේශයේදී සිදුවූ මේ අනතුරින් මියගියේ සමණබැද්ද ප‍්‍රදේශයේ පදිංචිව සිටි රචනා මූර්ති ශාන්ති කුමාර් (44* නමැති තිදරු මව හා ඇයගේ වැඩිමහල් දියණිය වූ බියගම නිදහස් වෙළෙඳ කලාපයේ පෞද්ගලික ආයතනයක සේවය කළ තංගරාජ් තරුෂිකා මදුවන්ති (19* යන දෙදෙනාය.
 
 මේ අනතුර සිදුවූ අවස්ථාවේ මෝටර් රථය මල්වාන සිට හංවැල්ල දෙසට හා යතුරුපැදිය හංවැල්ල සිට මල්වාන දෙසට ධාවනය වෙමින් තිබූ බව සඳහන්ය.
 
 යතුරුපැදිය දියණිය විසින් පදවා තිබූ අතර මෝටර් රථය අධික වේගයෙන් ධාවනය කර තිබූ බව සඳහන් වෙයි.
 
 මියගිය මවගේ හා දියණියගේ මරණ පරීක්‍ෂණ දොම්පේ හදිසි මරණ පරීක්‍ෂක ජගත් ශ‍්‍රී ලාල් මහතා විසින් දොම්පේ රෝහලේදී පවත්වන ලදී. පශ්චාත් මරණ පරීක්‍ෂණ ඊයේ (11 වැනිදා* ගම්පහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.
 
 මේ අනතුර ගැන දොම්පේ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක පී. ජී. එස්. ආර්. සංජීව, ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක හෙට්ටිආරච්චි, රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ඒ. ඒ. එස්. සී. අධිකාරි. පො. කො. සුජීව (74619*, ප‍්‍රසන්න (45857* හා කාන්තා පො. කො. පුෂ්පා (1769* යන නිලධාරීහු පරීක්‍ෂණ මෙහෙයවති.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles