Divaina - දිවි නසා ගන්න හැදූ තරුණියක බේරා ගන්න බොල්ගොඩ ගඟට පැන්න තරුණයා මරුට... තරුණිය රෝහලේ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

bridge500
 
 


 
 ආර්.ඒ.එස්. පේ‍්‍රමතිලක - බණ්ඩාරගම
 
 බණ්ඩාරගම බොල්ගොඩ ජලාශයට ඊයේ (11 දා* පෙරවරුවේ පැන සිය දිවි නසා  ගැනීමට තැත් කළ තරුණියක බේරා  ගැනීමට ජලාශයට පැන්න පුද්ගලයෙක් ජල පහරට හසුව දියේ ගිලී මරණයට පත් වී ඇත.
 
 දියේ ගිලී මියගොස් ඇති පුද්ගලයා බණ්ඩාරගම, රයිගම, බැල්ලන්තුඩාව ප‍්‍රදේශයේ පදිංචිව සිටි තෙල්ගේ තරිඳු පීරිස් නමැති 29 හැවිරිදි එක්දරු පියෙකි.
 
 ඊයේ පෙරවරු 10.30ට පමණ තරුණියක් බණ්ඩාරගම තුන් බෝධිය ආසන්නයේ ඇති පාලමෙන් බොල්ගොඩ ජලාශයට පැන සිය දිවි නසා ගැනීමට තැත්කර ඇත. එය දුටු ඇයගේ ඥාති සොහොයුරකු වන මියගිය පුද්ගලයා ද ජලාශයට පැන තිබේ.
 
 සිද්ධිය සැලවීමත් සමගින් පාලම ආසන්නයේ පදිංචි කමල් පේ‍්‍රමකුමාර නමැති අය ඔරුවක් ආධාරයෙන් ජලාශයේ මැදට ගොස් තරුණිය බේරාගෙන ජලාශයෙන් මෙගොඩට ගෙන ඇත. 1990 ගිලන් රථයක් ආධාරයෙන් ඇය පානදුර මූලික රෝහලට රැුගෙන ගොස් තිබේ. දැනට ඇය රෝහලේ ප‍්‍රතිකාර ලබයි.
 
 පානදුර පොලිස් ජීවිතාරක්‍ෂක කොට්ඨාස නිලධාරීන් සහ ප‍්‍රදේශවාසීන් එකවී ඊයේ පස්වරුවේදී මියගිය පුද්ගලයාගේ දේහය සොයාගෙන ඇත. දිවි ගලවාගත් බණ්ඩාරගම බැල්ලන්තුඩාව ප‍්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණිය පානදුර මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබන බැව් රෝහල් ප‍්‍රකාශකයෙක් පැවසීය.
 
 තරුණිය බේරාගත් කමල් පේ‍්‍රමරත්න මහතා මෙසේ පැවසීය. දෙදෙනෙක් ජලාශයට පැනලා කියලා මට පණිවිඩයක් ලැබුණා. මම ඉක්මනින්ම ඇවිත් ඔරුවෙන් ගිහින් තරුණිය බේරාගෙන ඔරුවේ දමාගෙන ගොඩට ගෙනාවා. තරුණයාව මම දැක්කේ නැහැ. දැක්කා නම් පැනලා එයාවත්
 
 බේරාගන්නවා. මේ වගේ මම පහලොස් දෙනෙක් විතර බේරාගෙන තියෙනවා යනුවෙන් පැවසීය.
  

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles